කෘත්‍රිම ස්වසනය දී තම පස් මස් වියැති ඥාති පුත‍්‍රයා වන සෙබස්තියන්ගේ ජීවිතය බේරා ගැනීමට ඔහුගේ නැන්දණිය වූ පැමෙලා රූසෝ සමත් වූවාය.
මියාමි නගරයේ මාර්ගයක මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී දිගින් දිගටම හැඞීමට ගත් සෙබස්තියන් එක්වනම හැඞීම නතර කළ බවත් කුමක් හෝ වරදක් සිදුවී ඇතැයි සිතූ තමා වාහන තදබදය මධ්‍යයේම රථය නතර කර පිටතට පැන සෙබස්තියන්ගේ අසුන වෙත වහා ගිය බවත් ඇය කියන්නීය.
සෙබස්තියන් නිල් පැහැ ගැන්වී සිටියේයැයිද ඔහු හුස්ම නොගන්නා බව දුටු තමා කළ යුතු අන් කිසි දෙයක් සිහියට නොආ තැන සෙබස්තියන් මාර්ගය මතට ගෙන ඔහුට කෘත්‍රිම ස්වසනය දීමට පටන්ගත්තේ යැයිද ඇය පවසන්නීය.
ඇයගේ උත්සාහය ඵල දරමින් සෙබස්තියන් යළි හුස්ම ගැනීම ආරම්භ කර ඇත.
තදබදයේ සිරවී සිටි අනෙක් රියැදුරෝ ද ඇයගේ කරදරය දැක සහයට පැමිණ ඇත්තාහ.
ඔවුන්ගේ සහයෙන් කුඩා සෙබස්තියන් රෝහල් ගත කර ඇත්තේය.
සෙබස්තියන් දැන් සිටින්නේ සුවය ලබමින්.නැන්දණියගේ ඉක්මන් තීරණයත් අවට සිටියවුන්ගේ කැපවීමත් නිසා ඔහු ජීවිතය යළී ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාල හා ඉන්දික කියපු දේ හරි. අපේ රටේ උවමන ගොඩක් දේවල් තියෙනවා රූපවාහිනි වල යන පල හෑලි දාන්නේ නැතුව (අ)
සත්‍යපාල ගේ කතාව හරියටම හරි (අ)
කිරිසප්පය බේරුවට පින්. (ස)
සත්‍යපාල ඉතාම කාලෝචිත යෝජනාවක්! (දිල්)
සත්‍යපාලගේ කතාව මසුරන් වටිනවා (අ)
සත්‍යපාල ඔබ හරි රූපවාහිනීවල හුඟක්ම තියෙන්නේ කන එක සහ නටන එක.
මේකයි වැඩේ. මේ වගේ වැඩසටහනක් කරන්න පුළුවන් මේවා මිනිස්සු බලන්නේ නැහැනේ. ඒ නිසා වෙන මහන්සිය අපතේ බලන්නේ බහුභුත විතරයිනේ වැදගත් දේවල් කොච්චර පෙන්වනවද එතකොට ටි.වි.එක වහනවා.(නදී)
ඇත්තටම සත්‍යපාල කියපු ටික හරියට හරි. ප්‍රථමාධාර දෙන අයුරු,ගින්නක් නිවන අයුරු පැහැදිලි කරලා දෙනවා නම් අපේ රටෙත් අනතුරු අඩු කර ගන්න පුළුවන්.(නදී)
සත්‍යපාලගේ අදහසට සම්පූරණයෙන් එකඟ වෙමි. ලංකාවේ බොහොමයක් රුපවාහිනී ගුවන් විදුලි නාලිකා මිනිසුන්ට තඹ සතයක් ප්‍රයෝජනයක් නැති වැඩසටහන් ප්‍රචාරය කරමින් නිකරුනේ සිය ගුවන් කාලය සහ මිනිසුන්ගේ වටිනා කාලය කා දමනු වෙනුවට ප්‍රයෝජනයක් ඇති යමක්, මිනිසුන්ගේ ජීවිත වලට එකතු කරනවානම් කොතරම් අගනේද.(නදී)
ලංකාවෙනම් මෙලහට ළමයා මැරිලා. මොකද දැන් ඉන්න අම්මලා මේ වගේ දෙයක්වත් දන්නේ නැහැ.(නදී)
චුටි සෙබස්තියන්. ඔබට දෙවිපිහිටයි..(නදී)
පහල පොටෝ එකේ නම් ඉන්නේ චන්ඩි රජෙක් වගේ.(නදී)
වැඩිහිටියෙකුගේ උගුරේ යමක් හිරවූ විට සහ කුඩා දරුවෙකුගේ උගුරේ යමක් සිරවුවිට දෙන ප්‍රථමාධාර කවුරුහරි ලියන්න .සත්‍යපාල ඔබ කියන කතාව හරියට හරි .(අ)
සත්‍යපාල, ඔබගේ ඉතා මත් වටිනා යෝජනාව මමත් අගේ කරනවා.(නදී)
සත්‍යපාලගේ කතාව හරි. දැන් කාලේ අයට මේවා පුදුමදේවල් වුනාට ඉස්සර අපේඅම්මල ආතම්මල මේවා කරලා දරුවන් සුවපත්කලා.(නදී)
සත්‍යපාල ඇත්ත කියනවා (අ)
මමත් මගේ පුතාට පොඩිකාලේ මෙහෙම වෙලා මේ විදිහට බෙර ගත්ත. (දී)
සත්‍යපාල, ඔබ ඉතාම නිවැරදියි, මේ දේවල් දැන් කලේ අනිවාර්යයෙන්ම කියා දිය යුතුයි...ඒ රටවල් වල මිනිස්සුන්ට මේ වගේ දේවල් පොඩි කලේ ඉඳලම පුරුදු පුහුණු කරනවා...(අ)
උදාර මාතාවක්..ඒ වගේම බුද්දිමත් මවක්...අවසාන වශයෙන් සත්‍යපාල ගේ අදහසට ද ගරු කරමින්..එවැනි අදහස් ක්‍රියාත්මක කරන්ට අවස්ථාව ලැබේව කියල ප්‍රාර්ථනය කරමි....ස්තුති ඔබගේ යෝජනාවට...(අ)
උදාර මාතාවක්..ඒ වගේම බුද්දිමත් මවක්...අවසාන වශයෙන් සත්‍යපාල ගේ අදහසට ද ගරු කරමින්..එවැනි අදහස් ක්‍රියාත්මක කරන්ට අවස්ථාව ලැබේව කියල ප්‍රාර්ථනය කරමි....ස්තුති ඔබගේ යෝජනාවට...(අ)
සත්‍යපාල ඉතාම කාලෝචිත සත්‍ය යෝජනාවක් (අ)
මමත් සත්‍ය පාලගේ අදහසට එකඟ වෙමි. දැන් ඉන්න ළමයින් පපඩම් වෙන්න හේතුව මේ අපේ නාලිකා වල රූකඩ තත්වයට පත් කිරීමත්, නාලිකා වලින් ඉදිරිපත් කරන බොළඳ නාටක පස්සේ දිවීමට තරංග සහ තෑගී සකස් කිරීමත් ය. දැන් ඉන්න පරම්පරාවට අදාළ තේමා ගීතය "බිනකුන්ඩෝ බෝල බිනකුන්ඩෝ" කියල තමා නාලිකා වෙළෙන්දෝ වැඩ කරන්නේ. (අ)
ඉන්දික මර වැඩේ පිටපලත්වලට රූපවාහිනි නැනේ .......(අ)
අවස්ථාවෝචිතව දෙයක් කරන්න චිත්ත ශක්තියක් තියෙන එක ලොකු දෙයක්.ගොඩක් අනතුරු වලින් මිනිස්සු මැරෙන්නේ කලයුතු හොඳම දේ නොකරන නිසා. ඒ අතින් මේ කාන්තාව ගොඩක් බුද්ධිමත් ,කාට වුනත් හොඳ (දී)
සත්‍යපාල හොද අදහසක් (දිල්)
සත්‍යපාලගේ කතාව හරියටම හරි. ලංකාවේ පිට පළාත් වල සර්පයෝ කලා කොච්චර මැරෙනවද. ඒවායෙන් වැඩි හරියක් වෙන්නේ ප්‍රථමාධාර නොමැතිකම නිසා. ඒවා ටීවී එකේ කියල දෙනවනම් ගොඩක් ජීවිත බේරගන්න පුළුවන්,(දිල්)
සත්‍යපාලගේ යෝජනාව ඉතාම අගනේය, එයයි විය යුත්තේ මාධ්‍ය ආයතනකින් ප්‍රායෝගික ජීවිතයේදී වැදගත්වන මෙවැනි දැනුම හා පුහුණුවක් ලබාගත වැඩසටහන් නිෂ්පාදනය කිරීමයි. (අ)
සත්ත්‍යපාල ඔයාගේ අදහස ඇත්තටම හොදයි. අපි යෝජනාවක් විදියට හරි ඉදිරිපත් කරමු. (අ)
සත්‍යපාල කතාව ඇත්ත. මෙම දැනුම ඕන වෙන වෙලාව කියන්න බැහැ.(අ)
ලංකාවෙත් රුපවාහිනී නාලිකාවල උදේ ඉඳල රෑ වෙනතුරු සතියේ දවස් හතම පරිප්පු කරියක් උයන විදිහ,මනමාලියක් අන්දන විදිහ,මල්කලබ හදන විදිහ,කොට්ට උරයට මල් මහන විදිහ පෙන්න පෙන්න ඉන්නේ නැතිව මේ වගේ ප්‍රථමාධාර දෙන අයුරු,ගින්නක් නිවන අයුරු,ගෙදරක් හදනවිට බදාම ටික,කොන්ක්‍රීට් ටික නිවැරදිව දාන විදිහ වගේ දේවල් පෙන්නනවානම් කොතරම් වැඩක් වෙනවද කියල හිතෙන්නේ නැද්ද කාටවත්ම. (දිල්)
හොඳ යෝජනාවක් සත්‍යපාල. ප්‍රථමාධාර වගේ දේවල් ගැන වෙනම වැඩසටහන් රූපවාහිනිය මගින් ප්‍රචාරය උනත් සමහර වෙලාවට ඒ වගේ දේවල්වල තියෙන වැදගත්කම නොදන්නා කම නිසා ජනතාව ඒවා නොබලන්න ඉඩ තියෙනවා. කරන්න පුලුවන් දෙයක් තමයි මිනිසුන්ට වඩා ලඟ මාධ්‍ය මගින් (ටෙලි නාට්‍ය වගේ) මිනිසුන්ට නොදැනීම මනසට මේ වගේ දේවල් යොමු කරන එක. උදාහරණයක් විදියට, කෘතිම ස්වසනය දෙන ජවනිකාවක් ජනප්‍රිය ටෙලිනාට්‍යයක ඇතුලත් උනොත්, වැඩි ප්‍රමාණයට පණිවිඩය ලැබෙනවා. එය බොහෝ දුරට මනසේ තැන්පත් වී තියේවි. (දී)