ජනපති මොහොමඞ් මොර්සි බලයේ සිටිද්දී, විපක්ෂ කි‍්‍රයාකාරීන් පස් දෙනකු වද බන්ධනයට ලක් කර මරා දැමීමට අණ කළේ යැයි චෝදනා එල්ල වී ඇත.
මොර්සි එම විපක්ෂ කි‍්‍රයාකාරීන් පිරිස මරා දැමීමට අණ දී ඇත්තේ 2012 වසරේ දෙසැම්බර් 5 වැනිදාය. පිරිස වදබන්ධනයට ලක් කර මරා දැමුණේ ද කයිරෝ නුවර ජනපති මන්දිරය ඉදිරිපිටදීය.
|
මොහොමඞ් මොර්සි |
ඉකුත් ජූලි 3 වැනිදා ඊජිප්තුවේ ඇතිවුණු හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු හමුදාව විසින් මොර්සි අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කරනු ලැබීය. මොර්සිගේ නිවාස අඩස්සි කාලය තවත් දින 15 කින් දීර්ඝ කිරීමට ද කයිරෝ අධිකරණයක් ඊයේ (20) තීන්දු කළේය.
2010 අරාබි වසන්තයෙන් පසු, වසර 30 ක් තිස්සේ ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වීමෙන් පසු, රටේ පැවැති ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපතිවරණයෙන් සියයට 50 කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකරගෙන ජයගත්තේ මොර්සිය. මොහොමඞ් මොර්සි ඊජිප්තුවේ පළමු ඉස්ලාමීය ජනාධිපතිවරයා ද විය.
ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණයකට මඟ පෑදුණේ ජනපති මොර්සි හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ නව නීති ජනතාවගේත් එරට විපක්ෂ කණ්ඩායම්වලත් අප‍්‍රසාදයට හේතු වීම නිසාය.
හමුදා ආඥාවක් හරහා මොර්සි බලයෙන් නෙරපා දැමීමෙන් පසු ඊජිප්තු හමුදාපති අල් සීසී කියා සිටියේ, තමන් දිගටම බලය අල්ලාගෙන සිටීමේ කැමැත්තක් නැති බවත් මාස 6 ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති බවත්ය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ ව්‍යවස්ථා අධිකරණ අගවිනිසුරු අබ්ලී මන්සූර් භාරකාර ජනපති ලෙස පත් කෙරුණි.
ඊජිප්තු ජනතාවගේ ඉල්ලීම්වලට කන් නොදීම නිසා හමුදාව, ජාතික වගකීමක් සේ සලකා තම යුතුකම ඉටු කළේ යැයි හමුදාපති ජනරාල් අල් සීසී එම අවස්ථාවේදී වැඩි දුරටත් කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
88
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලයෙන් නෙරපා දැමුණු මොර්සිට මිනීමැරුම් චෝදනා