IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බලයෙන් නෙරපා අත්අඩංගුවට ගත් ජනපති මොර්සි වහාම නිදහස් කරන්න

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා, අත්අඩංගුවට ගත් ඊජිප්තුවේ හිටපු ජනපති මොහොමඞ් මොර්සි වහාම නිදහස් කරන්නැයි යුරෝපා සංගමය ඊයේ (18) ඊජිප්තු නව අන්තර්වාර රජයෙන් ඉල්ලීමක් කළේය.
යුරෝපා සංගමය එම ඉල්ලීම කළේ, අන්තර්වාර රජය පෙරේදා (17) දිවුරුම් දීමෙන් පසුවය. ඊජිප්තු නව ජනපතිවරයා ලෙස කටයුතු කරන්නේ එරට අගවිනිසුරු අද්ලි මන්සූර්ය. නව අන්තර්වාර රජයේ ඇමැති මණ්ඩලය 35 දෙනකුගෙන් සමන්විතය.
හමුදා අත්අඩංගුවට පත් වුණු ජනපති මොර්සි වහාම නිදහස් කරන ලෙසත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙසත් යුරෝපා සංගමය ඊජිප්තු රජයෙන් වැඩි දුරටත් ඉල්ලා සිටී.
හමුදා කුමන්ත‍්‍රණය සිදුවෙද්දී, මොර්සි ඇතුළු රජයේ උසස් නිලධාරීන් කිහිප දෙනකු මෙන්ම මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ කි‍්‍රයාකාරීන් රැසක් ද හමුදා අත්අඩංගුවට පත් වූ බව වාර්තා විය. මේ වනවිට මොර්සි රඳවා තැබෙන්නේ කොහේදැයි කිසිවකු නොදනී.
2010 වසරේ සිදුවුණු අරාබි වසන්තයෙන් පසු, වසර ගණනාවක් ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමත් සමඟ, ඊජිප්තුවේ පවත්වන ලද ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍ර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ මොර්සිය. ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා වූයේ ද ඔහුය.
මොර්සිට එරෙහි විරෝධතා ඇරැඹුණේ ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දී ය.
එම අවස්ථාවේදී විපක්ෂ කණ්ඩායම් නියෝජනය කළ විරෝධතාකරුවන් චෝදනා කළේ බලය බෙදා ගැනීමට මොර්සි සහ ඔහුගේ ‘මුස්ලිම් සහෝදරත්වය’
පක්ෂය අපොහොසත් වී ඇති බවත් දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරන අන්දමේ තීරණ ගන්නා බවත්ය.
විරෝධතා උත්සන්න වෙද්දී හමුදාව ඊට මැදිහත් විය. බලය බෙදා ගැනීමට මොර්සිට පැය 48 ක් ලබා දෙමින් ඔවුන් කීවේ එසේ කිරීමට මොර්සි අපොහොසත් වුවහොත් කුමන්ත‍්‍රණය කර ඔහු බලයෙන් නෙරපන බවය. මොර්සි ඊට විරෝධය පළ කළ අතර හමුදා කුමන්ත‍්‍රණයෙන් ඔහුට බලතල අහිමි විය.
මොර්සි ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු නව අන්තර්වාර ජනපතිවරයා ලෙස දිවුරුම් දුන් අද්ලි මන්සූර් ජනතාවට පොරොන්දුවක් දුන්නේ මාස 6 ක් ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවටය.



අදහස් (0)

බලයෙන් නෙරපා අත්අඩංගුවට ගත් ජනපති මොර්සි වහාම නිදහස් කරන්න

සුසන්ත - ඉතාලිය Monday, 22 July 2013 12:38 PM

අර්ෂා.. ඇත්ද අහගත්තා.(නදී)

:       0       0

වීරක්කොඩි Sunday, 21 July 2013 06:34 PM

අර්ෂා අයි දැන් පරාජය බාරගන්නවද? (අ)

:       0       0

ටී රාජපක්ෂ Sunday, 21 July 2013 06:41 PM

අර්ෂා ඔයාට වැඩ නැති උනාට අනික් මිනිස්සුන්ට වැඩ තියෙනවා. වැදගත් නම් කතා කල යුතු නම් කතා කරවී.(අ)

:       0       0

වීර Sunday, 21 July 2013 08:12 PM

ඇතිද දැන් අර්ශට අහගත්තා? ඔය ප්‍රතිචාර තියෙන්නේ ඔයාට ඕනෑතරම්.මිනිසුන්ට ඔයාට වගේ පිස්සු නැහැ.දැන් සතුටුයි නේද? (නි)

:       0       0

අර්ෂා Saturday, 20 July 2013 02:59 PM

කෝ මේ අපේ කට්ටිය තවම මේකට කිසිම ප‍්‍රතිචාරයක් දාල නැහැනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site