බෙල්ජියමේ දෙවැනි ඇල්බට් රජු පෙරේදා (21) සිය කිරුළ පුතු පිලීප් කුමරුට බාර දුන්නේය.
කිරුළ බාර දීම නිමිත්තෙන් පැවැති විශේෂ රාජකීය උත්සවයේ දී ජනතාව අමතමින් 75 හැවිරිදි ඇල්බට් රජු ඉල්ලා සිටියේ තම පුතුට නොඅඩුව සහාය ලබා දෙන ලෙසටය.
ඒ අනුව බෙල්ජියම් ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ද වන 53 හැවිරිදි පිලීප් කුමරු බෙල්ජියමේ හත්වැනි රජු ලෙස කිරුළු පැළැඳියේය.

 

පිලිප් කුමරු කිරුළු පැළැඳීමට පෙර ඔහුගේ බිරිය සහ දරුවන් සමඟ රාජකීය උත්සවයට සහභාගී වූ අයුරු