බ‍්‍රසීලයේ පතල් කැණිම් හා බලශක්ති අමාත්‍යාංශයේ ඔත්තු බැලීම් වාර්තා සම්බන්ධයෙන් බ‍්‍රසීලය කැනඩාවට දැඩි ලෙස දෝෂාරෝපණය කළෝය. බ‍්‍රසීල ජනපති ඩිල්මා රුසෙෆ් කැනඩා බලධාරීන්ගෙන් මේ පිළිබඳ විස්තර කිරීමක් ඉල්ලා ඇත.
ඇය තවදුරටත් පවසා සිටියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ් සහ එහි මිත‍්‍ර පාර්ශව වල ඔත්තු බැලීම් වලින් අනාවරණය වී ඇති කරුණු අනුව ආර්ථිකයන් තිබෙනවාට වඩා පසුපසින් තිබෙන බවයි.
එසේම ජනපතිනිය වොෂින්ටනයට සහ ඔටොවාවට දන්වා ඇත්තේ මෙම පිළිගත නොහැකි කි‍්‍රයාවන් නවත්වන ලෙසයි.තෝරාගත් රටවලට එරෙහිව සිදුවන මෙම කි‍්‍රයාවන් නවත්වන ලෙසත් සයිබර් යුද්ධයන් අප ප‍්‍රතික්ෂේප කරන බවත් ඇය පවසා සිටියාය.
බ‍්‍රසීල විදේශ අමාත්‍යාංශයද මේ සම්බන්ධව කැනේඩියානු තානාපතිවරයාට විරෝධය පළකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොඳ වැඩද? වෙන රටවල මානව හිමිකම් ගැන විතරක් කතා කර කර හිටියට මදි. අනිත් අයට ඇඟිල්ල දික් කරන්න පෙර තමන් හරියට ඉන්න ඕනෑ. (නි)
කැනඩාව කියන්නේ කොහොම රටක්ද කියලා ලෝකයම දැනගත්තා. (නි)
කැනඩාවට ජාත්‍යන්තරව පවත්වන එක ඡන්දයක්වත් දිනා ගන්න නොහැකි හේතුව පැහැදිලියි (නි)
මේ රටේ ඉන්නෙ කුමනාකාරයේ මිනිසුන්ද යන්න සිතාගත හැකියි (නි)