උපාධියක් තිබීම හොද රැකියාවකට මගපාදන්නක් වුවත් දැන් ලබාගන්නා උපාධියට ගැලපෙන රැකියාවක් සොයාගත නොහැකි වාතාවරණයක් බි‍්‍රතාන්‍යයේ උද්ගතවී ඇතැයි නවතම සමික්ෂණ වාර්තාවකින් හෙළිව තිබේ.
මෙවන් තත්ත්වයක් ඇතිවීම සදහා හේතු ලෙස සමික්ෂණ වාර්තාවේ දක්වා තිබෙන්නේ බි‍්‍රතාන්‍යයේ ආර්ථික අවපාතය හා එය මැඞීම සදහා හදුන්වාදී ඇති නව ආර්ථික ප‍්‍රතිපත්තීන්ය.
බි‍්‍රතාන්‍යයේ උපාධි අපෙක්ෂක තරුණ තරුණියන් බොහෝ දෙනෙකු අධ්‍යාපනය ලබන්නේ විවිධාකාරයේ ණය පහසුකම් ලබාගෙන වන අතර උපාධිය ලබාගත් පසු මෙම ණය ආපසු ගෙවීමට ඔවුනට සිදුවේ.නමුත් උපාධියට ගැලපෙන රැකියාවක් සොයාගැනීමට නොහැකි තැන ඔවුන් කරන්නේ කිසිදු උසස් අධ්‍යාපනික සුදුසුකමක් අවශ්‍ය නොවන රැකියාවන්ගේ යෙදීම බව සමික්ෂණ වාර්තාවේ දැක්වේ.
මෙනිසා දැන් දැන් බි‍්‍රතාන්‍යයේ දෙමව්පියන්ද අධ්‍යාපනය ගැන වැඩිදුර නොසිතා තම දරුවන්ව මුදල් ඉපැයීම කරාම යොමුකරන ප‍්‍රවණතාවක් දක්නට ඇතැයි එහි සදහන්ය.
උසස් අධ්‍යාපනය නොලැබූවන් හා උසස් අධ්‍යාපනය ලැබූවන් අතර ආදායම් පරතරයේ පෙර මෙන් වැඩි වෙනසක් දක්නට නැතැයිද සමික්ෂණ වාර්තාවෙන් අනාවරණය කර ඇත.
කෙසේ නමුත් වෛද්‍ය හා ඉංජිනේරු යන ක්ෂේත‍්‍රයන්ගේ රැකියා තවදුරටත් ඒවායේ සාධන මට්ටම පවත්වා ගනිමින් ඉහළම මුදලක් උපයා දෙන රැකියාවන් ලෙස තවදුරටත් පවතින්නේයැයි වාර්තාවේ දැක්වේ.ගැටලූ ඇත්තේ සෞන්දර්යය,කලා,ජනමාධ්‍ය ආදී ක්ෂේත‍්‍ර වල බවත් ඒවායේ ගුණාත්මක භාවය වැඩිදියුණු කරන්නේ නම් ඉහළ ඉපැයීමක් ඇති රැකියා කරා උපාධිධාරීන් යොමුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් වාර්තාවේ දක්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙන් ගිහින් උපාධිය ගත් උගතාට දෙවියන්ගේම පිහිටයි (නි)
මෙහෙ ප්‍රශ්නෙම තමා එහෙත් (අ)
ප්‍රස්නයක් නෑ...හතරට ගන්නවලු කට්ටිය. කැමරනුත් ඒ රටේ උපාදියක් නේ අරන් තියෙන්නේ...(අ)
අයියෝ...එහේද? එහේ නම් කියලා වැඩක් නැහැ (නි)
ඒ දවස් වල ඉදලා බ්‍රිතාන්‍යය කළ දේවල් දෙස බලද්දී දැන් ඔය තියෙන්නෙ රැකියා. (නි)
කුමාර්, ඔබ කියා ඇති අන්දමට උපාධියක් නැතත් ලක්ෂයක පඩියක් ගන්න නම් පැය 18ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕනෑ. ගොඩක් අය වැඩ කරන්නේ පවුම් 8 ත් 10 ත් අතර පැයකට. සමහර හොරෙන් සිටිනා අය පවුම් 3 සිට 5 දක්වා ගන්නවා (නි)
මේ පුවත නම් සම්පුර්ණ ඇත්තක් . ගොඩාක් පිට රැටියන් තමන්ගේ රටේ අවම සුදුසුකම් නිසා උපාධි ගන්න බැරුව. මෙහෙ ඇවිත් මුදල් ගෙවා මෙහෙ තිබෙන උපාධි කඩ වලින් මුදල් ගෙවා උපාධි ගන්නවා. ඒවාට රැකියා සොයා ගැනීම ඉතා අපහසුය. ඔවුන් කියන්නේ අයි ටි කරනවා මෘදුකාග හදනවා පරිඝනක ගත කරනවා කියලා. උපාදිය ගත් බොහෝ අය පසුව කරන්නේ බොහෝ හාත්පසින් වෙනස් රැකියා. මේවා ගැන කීමට බොහෝ ඇතත් නොකියා සිටීම හොඳයි සමහරුන්ට රිදෙන නිසා.(නදී)
ඇති වෙනවා නැති වෙනවා,ලෝක ධර්මතාවය මෙයයි (නි)
හොර උපාධී සල්ලි වලට ඕන තරම් එංගලන්තේ ගන්න තියෙනවා ....කැම්පස් යන්න ඕනේ නැනේ.(ස)
රුබට් පිස්සු දොඩවනවා වාගේ . මනුස්සයෙක් වෙන්න උපදීන්න ඕනේ මෙහෙ . (ස)
ඕස්ට්‍රේලියාවේ සේවකයෙකුට, හම්පුතෙකුට ගෙවිය හැකි රජය අනුමත "අවම" මුදල පැයකට ඩොලර් 16 යි. රුපියල් වලින්නම් ,රුපියල් 2000 ක් පමණ. කැනඩාවේ ඩොලර් 11 යි. ඇමරිකාවේ ඩොලර් 8 යි. නමුත් අවුරුදු 16 යේ සිට 18 දක්වා වයස් කාණ්ඩ වල අයට ඩොලර් 16 ට වඩා අඩු මුදලක් ගෙවීමට රජය හාම්පුතුන්ට අවසර දී ඇත.(ස)
ඕස්ට්‍රේලියාවට වැඩියෙන්ම සංක්‍රමණිකයන් පැමිණෙන්නේ එංගලන්තයෙන්. එංගලන්තයේ වගේ දෙගුණයක් පඩි ගන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ.ඒකයි හේතුව. (ස)
ආනන්ද ඩිස්නිලන්තය, ලොකුකමටද කියන්නේ ඔයාගේ භාෂාවෙන් "මම ඉපදුනේ ෆ්රාන්ස් වල කියලා? (නි)
කුමාරි පෙරේරා අර අලියාගේ පස්ස පැත්තෙන් ආපු කෙනෙක් වාගේ. පැරිසියට ඔය ඉංගිරිසි අවශ්‍ය නැත. බහුදින යාත්‍රා වලින් පැමිණීමට ඉඩක් නොමැත . සරණාගත විසා නොලෙබේ , ඔබට මෙන් කුමාරිහාමි.(නදී)
ජොබ් නැති එක හැම රටේම තියන ප්‍රශ්නය. එන්ග්ලන්ඩ් ඩිග්රී එකක් තියාගෙන ඕස්ට්‍රේලියාවට, නිව්සීලන්ඩ් වලට යන්න සුද්දට පුළුවන්. කොහොමටත් ඒ උපාධිය ගොඩක් පිලිගන්නවා. (ස)
උපාදියක් නැතත් එංගලන්තේ රුපියල් ලක්ෂ 3 විතර පඩියක් ගන්න පුළුවන්.. ලංකවේ පුලුවන්ද? (අ)
රටේ ලොකු ලොකු ඇත්තෝ කරන වැඩ වල හැටියට ඒ රටේ උපාධියත් බල්ලට යන එක පුදුමයක් නෙවෙයි (නි)
බිඳ වැටෙන එංගලන්තයේ ආර්ථිකය ගොඩ නගන්න විදේශ සල්ලි අවශ්‍ය නිසා එංගලන්තයේ අලුතෙන් බිහිවූ උපාධි කඩ බොහෝ තිබෙනවා. 3 වන ලෝකයේ රටවල් වලින් මුදල් සොයා මේවායින් ඉගෙනගෙන අවසානයේ අනිවාර්යයෙන් ලැබෙන උපාධි සහතිකයත් එතනම මුදල් ගෙවා ගන්න උපාධි ලබා ගන්න ඡායාරූප කිහිපයකුත් ගන්නට ඉඩ දෙනවා.සියල්ලටම මුදල් ගෙවිය යුතුයි. එහෙත් මෙම උපාධි වලින් එංගලන්තයේ රැකියා ලැබෙන්නේ නැහැ. ආපසු නැවත තමන්ගේ රටට යායුතුයි. (නි)
අපේ අය එංගලන්තේ ගිහිල්ලා ලොකුකන් පෙන්නනවා. එහෙ ඉන්නේ හිඟන්නෝ (නදී)
කුමාරි පෙරේරා ඔයත් බහුදින යාත්‍රා වලින් ගිය සරණාගත කෙනෙක්ද ඔස්ට්‍රලියාවේ ? (නදී)
ජයතිලක ඔබගේ ප්‍රතිචාර සියල්ලම ඔබ වසලයකු වග මනාවට ඔප්පු කර තිබෙනවා . ඔබගේ වචන වලින්ම ක්‍රියා සහ අදහස් ඔබගේ වසලයකු මෙනි .ඔබට වසලයකු නොවීමට නම් නිහඩව සිටීම මැනවි (නදී)
ඉංජිනේරු උපාධි වලට එංගලන්තයේ රැකියා නැහැ. නමුත් ඒ රටවල උපාධි ගන්නේ රැකියා වලට යන්නම නෙමෙයි.මනුස්සයෙක් වෙන්නයි, අලුත් දෙයක් ඉගෙන ගන්නයි. අවුරුදු 80 අය පවා උපාධි කරනවා. (නි)
හැබැයි ඒ අය අපේ රටේ වගේ උපාධියට සුදුසු රැකියාවක් ලැබෙනකම් අම්මලා තාත්තලාට බරක් වෙලා පාරවල් වල උද්ඝෝෂණය කර කර ඉන්නේ නැහැ. අඩු රැකියාවක් හරි කරනවා. නැත්නම් ඒ රටේ ජීවත් වෙන්න අමාරුයි. අපේ රටට වඩා ජීවන බර වැඩියි. (නි)
එහෙනම් එන්ගලන්තයෙත් "කලා කළා නම් මළා වගේ" වෙලා. සමාවෙන්න. අපේ කලා සහෝදරයින්ට නොවෙයි සරදම් කළේ දුර්වල වැඩ පිළිවෙලට. (නි)
කුමාරි නැන්ද ඕස්ට්‍රේලියාවේ යන කාලයේ තමා මම උපන්නේ ෆ්‍රාන්ස් වල. එහෙත් දෙමව්පියන් සහ මෙහි පන්සලෙන් සිංහල ඉගෙන ගත් නිසා මට ලංකාදීප පුවත් පත කිවීමට සහ ලිවීමට පොඩ්ඩක් හෝ හැකියාවක් තිබෙනවා. එය මට ආඩම්බරයක් කුමාරි නැන්දේ . (නදී)
මාපලගම සුනිල් මහත්තයෝ,මම ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ නොවෙයි ලංකාවෙයි. මා මෙහි කියා සිටින්නේ ,මා අසා ඇති දේවලුයි. මා වැරදි නම්,යු.එස්.ඒ වාගේ, මහත්මයෙක් මෙන් මා නිවැරදි කරන්න. ඒවා මා නිහතමානිව පිළිගනිමි.මිනිසුන් වසලයන් වෙන්නේ තමන්ගේ ක්‍රියාවෙන් සහ අදහස් වලිනුයි. (නි)
ආනන්ද දිස්නිලන්තය පැරිස් , මා ඔස්ට්‍රේලියාවට පැමිණ 24 වෙනි අවුරුද්දයි මේ ගෙවී යන්නේ. මා මෙහි පැමිණි විදිය හිතා ගන්න. අමාරුවෙන් හරි සිංහල සහ ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒක කොහොමටත් හොදයි නේ.(අ)
වෙදමහත්තයා, පිටරට වෛද්‍ය උපාධි ඇති සියලු දොස්තරවරුන්ට ඕස්ට්‍රේලියාවේ දොස්තර රැකියා කිරීමට නොහැක. ඔවුන් පළමුව වාචික හා ලිඛිත පරීක්ෂණයකට පෙනී සිටිය යුතුයි. එයින් සමත් වුවහොත් පමණක් දොස්තර රැකියාව කළ හැකිය. නැත්නම් ඉතින් තමන්ට ලැබෙන රැකියාවක් කිරීමට සිදුවේ. ඕස්ට්‍රේලියාවේ බස් රථ වල රියදුරු මහතා ඇරෙන්නට බස් කොන්දොස්තරලා නැති බවද ඔබ දැන ගත යුතුයි. (නි)
අපේ රටෙත් උපාධි කඩ දාගෙන අර අහවල් මහත්තයා කරන්න යන්නේ ඕකයි. (ස)
මහත්මා ගාන්ධි එංගලන්තෙට ගිය වෙලාවක එහෙ මාධ්‍යවේදියෙක් ඇහුවලු ඔබතුමා ඉන්දියාවත් එංගලන්තය වාගේ දියුණු කරනවද කියලා.මහත්මා ගාන්ධි දුන්නු පිළිතුර තමයි,එංගලන්තය වගේ කුඩා රටක් දියුණු කරන්න මුළු ලෝකයේම සම්පත් යොදා ගත්තා,ඉන්දියාව වගේ විශාල රටක් මේ තත්ත්වයට දියුණු කරන්න තවත් ග්‍රහ ලෝකෙකින් සම්පත් ගේන්න වෙයි කියලා.ඔවුන් අපේ උරුමය මංකොල්ල කාලා අපෙන් අහනවා නුඹලත් අපේ තත්ත්වෙට එනවද කියලා (නි)
ඇලෙක්ස් රොහාන් ජපානය නමැති අය කොහෙන් පහත් වූ කෙනෙක්ද ? නම ඇහැව්වෙත් අදයි.(අ)
ජයතිලක, ඔබගේ ඕස්ට්‍රේලියන් ඩොලරය 16 කියන්නේ යු එස් ඩොලර 14 සමනය . ඇමරිකාවේ පළපුරුදු නොමැති සේවකයන් ඩොලර 10 සිට 14 දකවා ගන්නවා. අවම වැටුපක් කියා මෙහි නැත. එහෙත් යුරෝපයේ ජර්මනියේ සහ ප්‍රංසයේ අවම වැටුප යුරෝ 10 ක් වෙනවා. ඒ කියන්නේ යු එස් ඩොලර 14 ක් පමණ. ඉතින් ඕස්ට්‍රේලියාවේ වැටුප ලොකු වැටුපක් නොවේ. ඔබ පෙන්නා දී ඇති අන්දමට. ඔබගේ ඩොලරය සහ අනික් මුදල් වල සමානත්වය බලන්න. අවම වැටුප ගන්න පළපුරුද්දක් නැති ශ්‍රමිකයන්. පළපුරුදු අයගේ වැටුප ඔහු ලබා දෙන සේවය අනුව වැටුප ඉහල යනවා. ඔබව දැනුවත් කිරීමක් කරේ (ස)
කුමාරිහාමි පෙරේරා නැන්දේ මම ඉපදුනේ ෆ්රාන්ස් වල .. ඔබ ඔහෙළ් පැමිණි විදිය හිතා ගන්න පුළුවන් . ඉස්සර නාකි සුද්දෝ ඔස්ට්‍රේලියාවේ ඉඳල ඇවිත් අපේ ගෑනු අරන් ගියා කියල මන් අහල තියෙනවා. නැන්දත් එහෙම කෙනෙක් වාගේ . කමක් නැහෙ කොහොම හරි ගියානේ . එකනේ අවශ්‍ය තාවය . කුමාරිහාමි පෙරේරා නැන්දට තෙරුවන් සරණයි (අ)
මං අසා තිබෙනවා ලංකාවේ දොස්තර මහතුන් ඕස්ට්‍රේලියාවේ බස් වල කොන්දොස්තර රැකියා කරනවා කියල ලංකාවට වඩා බොහෝ වැඩියෙන් ලැබෙනවා කියා. ජයතිලක කියන්නේ ඒක වෙන්න ඕනේ. ඕවා මේකේ කියන්න එපා. අර බහු දින ධිවර යාත්‍රා එන ඒවා වැඩි වන්නට පුළුවන් (ස)
ආනන්ද දිස්නිලන්තය පැරිස් ,මා ජීවත් වන්නේ "ඔස්ට්‍රලියාවේ " නොව ඕස්ට්‍රේලියාවේය. ඔක්කොටම කලින්, අදහස් පල කිරීමට ප්‍රථම ඔබේ පරිගණකයේ යතුරු පුවරුව හැසිරවීමට ඉගෙන ගන්න. කොහොමද පැරීසියට පැන ගත්තේ,ඒකවත් බැරුව ? ජය වේවා! (නදී)
මෙතන මොකද එක එක්කෙනා චෝදනා කර ගන්නේ . මට නම් කොහොම උනත් මම ඉන්නා උපන් රට ශ්‍රී ලංකාව උතුම්ය . විදේශ ගත නොවුනට හොඳට ජිවත් විය හැකි එකම රට කවුරු කෙසේ කිවත් මේ උතුම් ශ්‍රී ලංකාවය . සමහරු වෙනත් රටවලට කඩේ යනවා . මම අපේ රට වෙනුවෙන් කඩේ යනවා . වෙදු මවට ලක්මතාවට කරන ගෞරවයක් වශයෙන් (අ)
පිරුණු කලේ දිය නොසැලේ. නිතරම සද්ද බද්ද වැඩි හිස් බවක් ඇතුලේ තිබේ නම් ( බෙරයක් වාගේ ) මේ ජයතිලකලා පුරාජේරු කියවන්නේ අනික් අයට වඩා ඔහු ඉහලය ඔහු ඉන්නා රට ඉහලය පෙන්නීමට වාගේ. අපි නොදන්නා ඕස්ට්‍රේලියාව ජයතිලක මහත්තයෝ (ස)