තම ගුරුවරිය පන්ති කාමරයේ සිර කරගෙන ඇයට අඩත්තේට්ටම් කළේයැයි කියන 14 හැවිරිදි සිසුවකු වසර 4 ක කාලයකට පුනරුත්ථාපන කඳවුරකට යැවීමට බි‍්‍රතාන්‍යයේ උතුරු වේල්ස්යේ අධිකරණයක් නියෝග කළේය. ගුරුවරිය පන්ති කාමරයේ තනිවී සිටි අවස්ථාවක් බලා පන්ති කාමරයේ දොර වැසු මේ සිසුවා අනතුරුව ගුරුවරියට අඩත්තේට්ටම් කර තිබේ. ඇයගේ කෑගැසීම් ඇසුණු අනෙකුත් ගුරුවරුන් පැමිණ පන්ති කාමරයට ඇතුළු වීමට තැත් කළද දොර ඇතුළතින් වසා තිබීම නිසා ඔවුනට එය නොහැකි වී තිබේ.පන්ති කාමරයෙන් සිසුවාගේ වියරු සිනා හඩත් තමන් ගුරුවරියට අඩත්තේට්ටම් කරන්නට යන්නේ යැයි වහසි බස් දොඩවනුත් තමන්ට ඇසුණු බව ගුරුවරු පිරිස කියයි. අවසානයේ දොර කඩා පන්ති කාමරයට ඇතුළු වී ඇති ගුරුවරුන් සිසුවා අල්ලා පොලිසිය වෙත භාරදී තිබේ.එහිදී එම සිසුවා තමන් ගුරුවරියට අඩත්තේට්ටම් කළේ යැයි පිළිගෙන තිබේ. සිදුවීම නිසා යළි පාසැලට පැමිණීමට තරම් මානසිකත්වයක් අපයෝජනයට ලක්වූ ගුරුවරියට නැතැයි පාසලේ බළධාරීන් කියයි. පුනරුත්ථාපන කදවුරු ගත කිරීමට නියෝග කළ පසු අදාළ සිසුවාගේ නම බි‍්‍රතාන්‍යයේ ලිංගික හිංසකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමටත් පොලිසිය කටයුතු කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
88
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
140
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
941
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිතාන්‍ය සිසුවා ගුරු ගෞරවය ‘රකි’
බන්දුල පෙරේරා Wednesday, 14 August 2013 07:50 PM
දම්ම, අර ගුරුවරයෝ වහලවල් වල නග්ගලා ගුරු වෘත්තිය හෑල්ලු කරපු අය වැටෙන ලැයිස්තුවටම තමයි.(නදී) .
අමල් Wednesday, 14 August 2013 10:18 PM
බන්දුල කියනේ ලෙඩෙක්. (අ)
පිටිගල Wednesday, 14 August 2013 11:01 PM
මෙයත් එහෙ දෙසපාලක යෙකු ගේ පුතෙක් වෙන්න ඇති. (අ)
ආෂා Thursday, 15 August 2013 03:58 AM
ප්‍රජාතන්ත්‍රවාදය.(නදී)
අරුණ ලාල් Thursday, 15 August 2013 08:46 AM
බන්දුල පෙරේරා කියන්නේ ආණ්ඩුවට කඩේ යන අනුකම්පා හිතෙන චන්ද දායකයෙක් (දී)
ධම්ම Wednesday, 14 August 2013 06:03 PM
අපේ ඉන්නේ ගුරුවරියන් දණගස්සන අයනේ. ඒ අය මොන ලයිස්තුවටද ගැනෙන්නේ? (අ)