එංගලන්තයේ ‘බ්‍රිටිෆ් ලයන්ස්‘ රග්බි කණ්ඩායම ඕස්ට්‍රේලියා කණ්ඩායම පරදා ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය සැමරීම සදහා එංගලන්තයේ ඩවුනිං වීදියේ අගමැති නිල නිවසේ සාදයක් සංවිධානය කර තිබුණි.
මේ සාදය සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ද සහභාගි විය.
සාදයෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සමූහ ඡායාරූපයකට පෙනිසිටි අතර එහිදි රග්බි ක්‍රීඩක මනු තුයිලාගි අග්‍රාමාත්‍යවරයාගේ හිසට ඉහළින් ඇඟිලි දෙකක් එසවූයේය.
ලංකාවේ ‘අං තැබීම‘ යනුවෙන් මෙය හඳුන්වන අතර  එංගලන්තයේ මෙය හඳුන්වනු ලබන්නේ ‘හා කන්‘ යනුවෙනි. පොදුවේ අමතන්නේ ඊයර් ඊයර්  යනුවෙනි.