දීපවාලී උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙසෙන හින්දු බැතිමතුන් විශේෂ උත්සව සහ සැණකෙළි කිහිපයක් සංවිධානය කර තිබිණි.   වයඹදිග ලන්ඩනයේ ස්වාමීනාරායන් හින්දු කෝවිලේ පූජාවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සහ බිරිය සමන්තා  ද සහභාගී වූහ.

සාරියකින් සැරැසී පැමිණි සමන්තා  උළෙලට එක් වුණු බ්‍රිතාන්‍ය, ඉන්දීය හින්දු ජාතිකයන්ගේ පමණක් නොව, එහි පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ ද විශේෂ අවධානයට ලක් වූවාය.

ලන්ඩන්හිදීය (ඩේලිමේල් ඇසුරිනි)