පොදු වැසිකිළි නිසියාකාරව භාවිතා නොකරන්නන්හට යුආන් 100ක (රුපියල් 2200) දඩයක් නියම කිරීමට චීනයේ ෂෙන්සෙන් නගරයේ බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වේ.

පොදු පහසුකම් නිවරුදිව භාවිතා නොකරමින් වැසිකිළිය පුරාම මුත‍්‍රා කිරීම සම්බන්ධයෙන් මෙම නීතිය හඳුන්වා දී තිබේ. මෙය සැප්තැම්බර් මස මුල සිට ආරම්භ කිරීමට නියමිතය.

අශෝභන ලෙස පොදු වැසිකිළි භාවිතා කිරීම වැළැක්වීම සඳහා මෙම රෙගුලාසිය කි‍්‍රයාත්මක කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.

චීනයේ ට්විට අනුවාදය වන වෙයිබෝහි සහ චීන පුවත්පත් වල මෙම යෝජනාව පිළිබඳව තර්ක, ගුණ දොස් ඉදිරිපත් කර ඇති බව සඳහන්වේ.