
රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සටහන් කළ භූමි කම්පාවකින් ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත කැලැඹිණි. භූමි කම්පාවෙන් දැඩි හානි සිදුවූයේ පැඩැං නගරයට යැයි පැවැසෙයි.
ඊට අමතරව, බටහිර සුමාත්‍රා හී සිබෙරූට් දූපතේ පැඩැං නගරයට ද භූමි කම්පාවෙන් හානි සිදුවුණු බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (29) සිදුවුණු මෙම භූමි කම්පාව භූමි කම්පා මාලාවකට අයත් එකක් යැයි ද පැවැසෙයි.
ඊයේ (29) සිදුවුණු භූමි කම්පාවෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවිණි. කෙසේ නමුත් පසුකම්පන ඇතිවීමේ අවදානමක් පැවැති බැවින් අනාරක්ෂිත ස්ථානවලින් ජනතාව ඉවත් කෙරුණි.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd