ලබන ජනවාරියේ පැවැත්වීමට නියමිත බංග්ලාදේශ මහ මැතිවරණයට පෙර, එරට අගමැතිනී ශීක් හසීනාගේ රජය ඉල්ලා අස් වී, අතුරු පාලන කැබිනට් මණ්ඩලයක් පිහිටුවා ඊට බලය පැවැරීමක් කළ යුතු යැයි බල කරමින් විපක්ෂයේ මැදිහත් වීමෙන් තෙදිනක් පුරා පැවැති දීපව්‍යාප්ත මහා වැඩ වර්ජනය ඊයේ (29) අවසන් විය.

වැඩ වර්ජනයට සමගාමීව බංග්ලාදේශයේ ඩකා අගනුවර, පසුගිය තෙදින පුරා දැවැන්ත විරෝධතා රැලිය ද පැවැත්වුණු අතර පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබූ බව ද වාර්තා විය. එම වෙඩි තැබීම්වලින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි වැදී තුවාල ලැබූ 10 දෙනකු රෝහල් ගත කළ බව ද පැවැසිණි.
වැඩ වර්ජනය සහ විරෝධතා සංවිධානය කළේ බංග්ලාදේශයේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන බලවේගය වන කලීඩා ෂියාගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතික පක්ෂයයි.

බංග්ලාදේශ ජාතික පක්ෂය’ පවසා ඇත්තේ, රජයේ පාලනය යටතේ එළැඹෙන මහ මැතිවරණය පැවැත්වුවහොත්, ඡන්ද දුෂණ සිදුවීමට ඉඩ ඇති බවටය.


 

කැරැලි මර්දන පොලිස් නිලධාරිනියෝ.