IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බංගලි කොල්ලෙක් මුව පැටවාට දිවිදෙයි

ගිලෙන මුව පැටියකු බේරා ගත් නිර්භීත පිරිමි ළමයෙකි. බංග්ලාදේශයේ නොකාලියේ වේ.

බෙලාල් ගංවතුර නිසා තම රැළෙන් වෙන්වුණ මුව පැටියෙකු වේගයෙන් ගලා යන ගංවතුරට වැටී දියේ ගිලී ගසාගෙන යනු දුටු බෙලාල් වහා ගඟට පැන්නේය. බලා සිටියවුන් ඔහු නැවත මතු වේ යයි කිසිසේත් නොසිතුවේ ගෙඟ් ජල මට්ටම එතරම්ම ඉහළ ගොස් ඇති නිසා හා ජලය වේගයෙන් ගලා යමින් තිබූ නිසාය.

නමුත් සියල්ලන්ගේම දෑස් වල සතුට මුසු කරමින් වෙනත් තැනකින් මුව පොව්වා ඉහළට එසවිණි. එක් අතකින් දියේ නොගැටෙන ලෙස මුව පැටියා ඔසවා ගෙන ගොඩ විත් මුව පැටියා රැළ අසලට ගොස් නිදහස් කළේය. 

වනසත්ව ඡායාරූප ශිල්පියෙකු වන හසිබුල් වහබ් මෙම සිදුවීම ඡායාරූප ගත කර තිබුණි. බෙලාල් නැවත ගොඩට නොපැමිණිය හොත් ඔහු බේරා ගැනීමට තම සගයා සූදානමින් සිටි බව ඔහු පැවසීය. එමෙන්ම මෙම සිද්ධිය වන අවස්ථාවේ එතන සිටියේ මිනිසුන් 7 දෙනෙක් පමණක් බවත් මෙම ආශ්චර්යමත් සිදු වීම නැරඹීමට ඒ අය අතර සිටි තමාටත් වාසනාව තිබූ බවත් ඔහු සඳහන් කළේය.

 



අදහස් (0)

බංගලි කොල්ලෙක් මුව පැටවාට දිවිදෙයි

සරණ Tuesday, 25 February 2014 11:20 AM

ලංකාවේ පින්වතුන්ටත් විශේෂ සතුන් කෙරෙහි පමණක් නොව හැම සත්ත්වයා කෙරෙහිම කරුණාව පහළ වේවා!(දිල්)

:       0       0

ක්‍රිස්ටන් ප්‍රනාන්දු Tuesday, 25 February 2014 12:15 PM

මෙන්න පරිසරයට ආදරය තියන කොල්ලෝ.(දිල්)

:       0       0

චන්දි Tuesday, 25 February 2014 12:45 PM

මොන රටක උනත්, පුතේ ඔබ සැබෑ වීරයෙක්..! ජිවිතයක් බේරා ගන්නවා කියන්නේ උතුම් පිනක්.දැන් කාලේ ගොඩක් අය කරන්නේ ජිවිත විනාශ කරන එක.(දිල්),

:       0       0

සිල්වා Tuesday, 25 February 2014 01:43 PM

ඉතා උසස් ක්‍රියාවක් අගය කරනවා මෙවන් දරුවන් මෙවැනි රටක සිටීම !!(දී)

:       0       0

දෑන් Wednesday, 26 February 2014 09:23 AM

හැම රටකම හැම ජාතියකම ආදරය කරුණාව තියන හදවත් තියන අයත් හොඳ නරක අදුරන්නේ නැති මිනිස්සුත් ඉන්නවා, එකට හොඳ උදාහරණයක් තමයි මේ...මගේ ආගමේ හැටියට ඔබට ගොඩක් පින්...(දී)

:       0       0

නාලක Tuesday, 25 February 2014 03:38 PM

වෙන රටක නම් මුව පැටිය වතුරේ ගහගෙන යනවා ෆොටෝ අරන් ෆේස්බුක් එකට අප්ලෝර්ඩ් කරලා ලයික් දමාවි.... (කෙසේවතත් ප්‍රවුර්තියෙදී මේ නිර්භීත පිරිමි ළමයාට "බංගලි කොල්ලෙක්" කියා කීම නුසුදුසු යයි සිතේ... )(දී)

:       0       0

නලින් ධනුෂ්ක Wednesday, 26 February 2014 11:55 AM

සිතිවිල්ලම යහපත්. යහපත් සිතිවිල්ලෙන් කරන කිසිවකින් කිසිවෙකුට හානියක් නැත. සිතිවිලි යහපත් වූ කළ සියලු සත්වයෝ සතුටින් ජීවත් වනු ඇත. සියල්ලන්ටම පරමාදර්ශයක් (අ)

:       0       0

සුනිල් විමලසුරිය Tuesday, 25 February 2014 04:26 PM

මෙන්න නියම සත්ව කරුණාව තියෙන දරුවන් (දිල්)

:       0       0

ෂශිමාල් Wednesday, 26 February 2014 11:59 AM

මෙවන් වැසියන් ලද මුළු රට වාසනාවන්. (අ)

:       0       0

සත්‍යා Tuesday, 25 February 2014 04:32 PM

ඔබේ ආගම මොනවා උනත් ඔබ නිහඬ ව ඔප්පු කර ඇත්තේ බෞද්ධ සාර ධර්මයි. ඔබට ස්තුතියි පුතේ.(දී)

:       0       0

චමින් Wednesday, 26 February 2014 12:43 PM

පුතේ පුතේ නුබට තෙරුවන් සරණයි! (අ)

:       0       0

නසරුදීන් Wednesday, 26 February 2014 12:50 PM

මෙන්න පරිසරයට ආදරය තියන කොල්ලෝ. ශ්‍රී ලංකාවේ අපේ සමහර මිනිසුන්ට ආදර්ශයක් (දිල්)

:       0       0

රජින්ද Wednesday, 26 February 2014 01:22 PM

යහපත්, ගුණවත් ක්‍රියාවන් වල බලයෙන් හා ශක්තියෙන් පින් සිද්ධ වේවා...!!!(දිල්)

:       0       0

කුමාරි Tuesday, 25 February 2014 05:38 PM

පුතේ නුබට තෙරුවන් සරණයි! (අ)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 25 February 2014 07:17 PM

බෙලාල් ඔබට තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගී වේවා. (අ)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 25 February 2014 07:45 PM

දක්ෂ ඒ වගේම නිර්භිත සත්ව කරුණාව දන්නා පින් ඇති දරුවෙක්. මුස්ලිම් ජාතිකයෙක්, ශ්‍රී ලංකාවේ අපේ සමහර පවු කරන මිනිසුන්ට ආදර්ශයක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 107 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site