ඉරාකයේ බැග්ඩෑඞ් නුවර ප‍්‍රදේශ කිහිපයක පෙරේදා (20) කාර් බෝම්බ 12 ක් පුපුරා යෑමෙන්, 75 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 200 දෙනෙක් තුවාල ලැබූහ.
බෝම්බ පුපුරා ගියේ බැග්ඩෑඞ් නුවර කරාඩා, සෆ්රානියා යන ප‍්‍රදේශවල යැයි එරට ආරක්ෂක අංශ පවසයි.
කරාඩා සහ සෆ්රානියා ෂියා මුස්ලිම්වරුන් බහුලව වාසය කරන ප‍්‍රදේශය. බෝම්බ පුපුරුවා හරින්න ඇත්තේ අල් කයිඩාවට සම්බන්ධ, ෂියා මුස්ලිම් විරෝධී සුන්නි මුස්ලිම්වරුන් යැයි ඉරාක ආරක්ෂක අංශ සැක පළ කර ඇත.
බෝම්බ පුපුරා යෑම ආරම්භ වී ඇත්තේ, ෂාවා නමැති ඉස්ලාමීය සංවිධානයේ නායක බසීම් මොහොමද් වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනය වීමත් සමඟය. ෂාවා යනු අල් කයිඩා විරෝධී, ෂියා මුස්ලිම් ඉස්ලාමීය සංවිධානයකි. මීට අමතරව බැග්බෑඞ් නුවරට උතුරු දෙසින් පිහිටි මඬේන් නුවර ද ඊයේ (21) බෝම්බ පිපිරීමක් සිදුවිය. එම පිපිරීමෙන් කාන්තාවක ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එයින් තුවාල ලැබූ ගණන 25 කි.
ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍ය එක්ව ආරම්භ කළ ඉරාක සංග‍්‍රාමය අවසන් කර ඇමෙරිකා හමුදා පිටවී යෑමෙන් පසු සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන් අතර ගැටුම් උත්සන්න විය. ගැටුම් මර්දනය කිරීමට ඉරාක රජය අපොහොසත් වී ඇත.
ඉරාක අගමැති නූර් අල් මලිකි චෝදනා කරන්නේ රජයට විරෝධය දක්වන සුන්නි සටන්කාමීන්, ඉරාකය අස්ථාවර කිරීමට කටයුතු කරන බවය.
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව, ගත වුණු තෙමස ඇතුළත දී ඉරාකයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 2,500 ක් දෙනා ජීවිතක්ෂයට පත් ව ඇතැයි පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ෂා, මට පෙනෙන්නේ ඔයා බොරු ලියන්න දක්ෂයි වගෙයි. (නි)
අරුසියා , ඔය බොරු වලට අපි රැවටිච්ච කාලය ඉවරයි. (නි)
අපි ත්‍රස්තවාදය ගැන කතා කරනවා නම් කිසිම ජාතියකට බැනලා චෝදනා එල්ල කරලා වැඩක් නැහැ. එයාලට ආගමක් දහමක් නැහැ කියලයි මම නම් හිතන්නේ. හැබැයි එයාලා අතර සියලු ආගම්, ජාතින් ඉන්නවා. ඒ නිසා එයාලා නිසා ඔයාලා ජාති වාදය අවුස්සන්න එපා.අපි ඔක්කොම ලංකාවෙනෙ. අපි ඔක්කොම හොඳට,සමගියෙන් ඉදිමු. (නි)
වීර,බොරුවට කෑගහන්න එපා. අපිට ගොඩාක් තරහ ගිහිල්ලා තියෙන්නේ.(නදී)
වීර,ප්‍රවේශමෙන් කතා කරන්න (නි)
මොහොමඩ් හිතුවද මම ඔයාගේ කටට බයේ ඇත්ත කියන එක නවත්තයි කියලා.ඔය තර්ජන වලට මම බය වෙන්නෙ නැහැ (නි)
අර්ෂා, එතකොට අර අවුරුදු 15ක සාමනේර හිමිනමක් සම්බන්ධ සිද්ධියක් වුනේ පහුගිය දවස් වලදී. ඒක සිද්ධ වුනෙත් ඇමෙරිකාවද එතකොට? (නි)
මට නම් මේ සුන්නි, ෂියා දෙකේ වෙනස තේරෙන්නේ නැහැ. පොර කාපු බල්ලලු දෙන්නා වගේ නැටි දෙක විතරක් ඉතුරුවෙයි.(නදී)
මොකක්ද මේ සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටළුව? මෙය අපටත් මහත් හිසරදයක් (නි)
එකම දෙවිකෙනෙක් අදහන ඔබ මෙලෙස හැසිරෙන්නේ ඇයි? (නි)
වීර, තමන් ගේ ආගම ගැන දැනගන්න අනුන්ව හදන්න කලින්. (නි)
හරුන් ගොයියෝ ඔහේගේ බොරු අපිට දැන් කියල දෙන්නේ නැද්ද? අන්තවාදීන්ට පේන්නේ තමන් ලග තියෙන පොල් පරාලය නෙමෙයි. අනුන්ගේ පොල් කෙන්දත් පේනවා. අර්ශ, හරුන්, රිෂාර්ඩ් ඔහෙලා ආගමික උන්මාද කාරයෝ තමයි.(නදී)
අර්ෂා මට අන්තවාදියා කියලා ඇයි ප්‍රශ්නෙන් ලිස්සන්නේ. පිස්සු හැදෙනවා තමයි ඔහෙලා අපිට කරන දේවල් දැක්කම. ඔහෙලගෙ වැඩ හෙළිවෙයි කියලා බයද? ප්‍රශ්නයක් ඇහුවම බොරුවක් හරි කියන්න හාරුන්ලා රිෂාර්ඩ්ලා වගේ ?(නදී)
ලොව පුරා ත්‍රස්තවාදීන්ට යතාර්ථය කියලා දෙනවා නම් මිනිස්සු නොමග යන්නේ නෑ.(නදී)
වීර, මමත් බොරුවට කොහොමත් බයම නැහැ (නි)
වීර ට පුදුම පිස්සුවක්නේ බලනකොට තියෙන්නේ (නි)
පහන්, ඕවා ඔක්කොම ටික කාලෙකට තමයි (නි)
මේ කාර් බෝම්බ ඇටවීම ඇමෙරිකාවේම වැඩක්, නමුත් බහුතර ජනතාව වෙත මාධ්‍යයෙන් වැරදි කරුණු කාරණා ගෙන යන්නෙත් ප්‍රබල මාධ්‍ය ආයතනයන්, බොරුව සත්‍ය කරන්නත්, සත්‍ය බොරුව කරන්නත් බටහිර සහ ඇමරිකාව ඇති හැකියාව අප දැක ඇත. උදාහරණයකට චැනල් 4 නාලිකාවෙන් ගෙන ගිය නාටකය.(නදී)
වීර අන්තවාදයෙන් මත්වෙලා ඉන්නේ අර්ෂා. අර්ෂාගේ අදහස්වත් හරියට තේරුම් ගන්න බැහැ. (නි)
හරි කට්ටිය කියන්න බලන්න දැන් කව්ද බටහිර මාධ්‍ය හසුරවන්නේ කියලා (නි)
පුදුමයි. එළවලු කන කට්ටියගේ අදහස්මද මේ ? (නි)
අර්ෂ බුද්ධ ගයාවට බෝම්බ තියලා, රිසානා නෆීක් ගේ බෙල්ල කැපුවේත් ඇමරිකාවද ?(නදී)
පහන්, අපි මොනවා මොනවා කිවුවත් පිටරට වල ඉන්න ඉන්දියන් කට්ටිය නම් කියන්නේවෙනමම කතාවක් (නි)
සදාම් හුසේන් ඇමෙරිකාවට විරුද්ධ විය. අද ඉරාකයේ අපරාධ කරන්නේ කව්ද? යමෙකුගේ පාලනය සතුව මානව සංහාරක අවි තිබෙනවා නම් එයට ජාත්‍යන්තර අධිකරනයට යායුතු නොවේද? නොඑසේ නම් රටක් ආක්‍රමණය කළ හැකිද? (නි)