IMG-LOGO

පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි

ඉතා සාර්ථකව කෘත්‍රිම හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා බවට පත් වීමට ඕස්ට්‍රේලියා ජාතිකයෙක් සමත් වී සිටී.

හෘදයාබාධයකින් පසු, මෙම කෘත්‍රිම හදවත බද්ධ කළ එම පුද්ගලයා දින සියයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව සිට රෝහලෙන් පිටව ගිය බව 'ද ගාඩියන්' පුවත් වෙබ් අඩවිය පවසයි.

කෘත්‍රිම හදවත බද්ධ කළ ඇත්තේ සායනික අත්හදා බැලීමක් වශයෙනි. කෘත්‍රිම හදවත බද්ධ කිරීමෙන් පසු එම පුද්ගලයා පසුගිය දින කාලය පුරාවට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවිය.

සැත්කමට සම්බන්ධ වූ වෛද්‍යවරුන් පවසන්නේ, සාමාන්‍ය නිරෝගී මිනිස් හදවතක් සේ, මෙම කෘත්‍රිම හදවතඉතා හොඳින් ක්‍රියාකාරී බවය.

මෙම කෘත්‍රිම හදවත ඕස්ට්‍ර්ලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේවෛද්‍ය පර්යේෂකයකු වන ඩැනියෙල් ටිම්ස්ගේ නිර්මාණයකි. 'බයිවේකර්' යන නමින් නම් කෙරුණු මෙම කෘත්‍රිම හදවත, මිනිස් හදවතක් සඳහා සම්පූර්ණ ආදේශකයක් ලෙස භාවිතයට ගත හැකි පළමු කෘත්‍රිම හදවත බවට මේ වනවිට පත් වී ඇත.

'බයිවේකර්' කෘත්‍රිම හදවත හරහා රුධිර පොම්ප කිරීම සිදුවන්නේ දනිරෝගී හදවතක් තුළ ස්වාභාවික රුධිර ප්‍රවාහය අනුකරණය කරමිනි. මේ සදහා චුම්බක තාක්ෂණයක් භාවිතයට ගැනීම ද සිදුවන බව වෛද්‍ය ඩැනියෙල් ටිම්ස් පෙන්වා දී ඇත.

ලොව පුරා සෑම වසරකම,මිලියන 23 කටඅධිකපිරිසක් හෘදයාබාධවලින් පෙළෙන අතර හදවත් සැත්කම් සිදුවන්නේ 6,000 කට වඩා අඩුවෙන් යැයි ඕස්ට්‍රේලියානු රජය පෙන්වා දෙයි.

කෘත්‍රිම හදවත් නිර්මාණය කිරීමේ වෛද්‍ය පර්යේෂණ වැඩසටහනක් යටතේ, 'බයිවේකර්' කෘත්‍රිම හදවත් නිර්මාණය සිදුවන්නේ ඕස්ට්‍රේලියානු රජයේ ද මැදිහත් වීමෙන් බව විදෙස් මාධ්‍ය පවසයි.

එම කෘත්‍රිම හදවත් නිර්මාණ කටයුතු වෙනුවෙන්,ඕස්ට්‍රේලියානු රජය ඩොලර්මිලියන 50 ක මුදලක් ලබා දී ඇත.

(ද ගාඩියන්)



අදහස් (1)

පළමු කෘත්‍රිම හදවත් බද්දය සාර්ථකයි

පාඨකයෙක් Thursday, 13 March 2025 07:20 PM

රෝගියා දින සියයක් කෘතිම හදවතට බද්ධ කර සිටියේ ඔහුට වෙනත් අයෙකුගෙන් ස්වාභාවික හදවතක් ලැබෙන තෙක්ය. ඉන්පසු ඔහුට ස්වාභාවික හදවතක් බද්ධ කර ඇත. මෙම කෘතිම හදවත තවමත් ස්වාභාවික හදවතක් මෙන් දීර්ඝ කාලීනව ක්‍රියා කරන අනද්මට බද්ධ කළ නොහැකි බව එහි නිර්මාතෘ පවසා තිබේ.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 132 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 673 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site