IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පිහියක් රැගත් තරුණයෙක් නෝර්වේ බස් රියක් පැහැර ගනී

පිහියක් ගෙන නෝර්වේ රටේ බස් රියකට ගොඩවුණු තරුණයකු රියැදුරුට සහ තවත් මගීන් දෙදෙනකුට පිහියෙන් ඇණ බසයේ සිටි සෙසු මගීන් පැය කිහිපයක් ප‍්‍රාණ ඇපයේ රඳවා ගත්තේය.

එම තරුණයා ප‍්‍රාණ ඇපයට ගත්තේ, නොර්වේහි පිටිසරබද නගරයක් වන ස්ටැවැනගර් බලා ධාවනය වෙමින් තිබුණු බස් රථයකි.

පිහිය රැුගෙන බසයට ගොඩ වූ ඔහු, කෑ මොර දෙමින්, බසය පාර මැද නවතා මාර්ගය අවහිර කළ බව ද වාර්තාවේ.

බහින් බස්වීමකින් පසු ඔහු රියැදුරුට සහ තවත් දෙදෙනකුට පිහියෙන් ඇන්න බව මගීහු පසුව පැවැසූහ. බරපතල තුවාල ලබා මරණයට පත් වූ එම තිදෙනොගෙන් එක් අයකු 19 හැවිරිදි තරුණියකි.

රියැදුරු සහ අනෙක් මගියා 50 හැවිරිදි වියෙහි පසුවූහ. තරුණියත් රියැදුරුත් නොර්වේ ජාතිකයෝය. ඉතිරි තැනැත්තා ස්වීඩන ජාතික මගියෙකි.
සිද්ධිය සැලැවීමත් සමඟ, සෝගන් සහ ෆොඬේන් පොලිස් නිලධාරීහු බස් රිය නවතා තිබූ ස්ථානයට පැමිණ එය වට කළහ.

පැය කිහිපයක් තිස්සේ තරුණයා සමඟ කතාබහ කිරීමෙන් පසු ඔහු පොලිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ. තුවාල ලබා බසය තුළ සිටි තිදෙනා හෙලිකොප්ටරයේ ආධාරයෙන් රෝහල් කරා ගෙන ගිය බවත් ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බවත් පොලිසිය පවසා ඇත.

පිහිය අතැති තරුණයා වයස අවුරුදු 30 ක අයකු බව ද පොලිසිය කියා සිටී. ඔහු කවුරුදැයි හඳුනාගෙන ඇති නමුත් ඔහුගේ විස්තර මේ වනවිට මාධ්‍යවලට හෙළි කර නැත. සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙයි.
 



අදහස් (0)

පිහියක් රැගත් තරුණයෙක් නෝර්වේ බස් රියක් පැහැර ගනී

ඉන්දික Wednesday, 06 November 2013 10:58 AM

එල්ටීටීඊ යාලුවෙක් වෙන්න ඇති ! (ස)

:       0       0

ලලිත් අපෝන්සු Wednesday, 06 November 2013 12:25 PM

නම හෙලි කරලා නැත්තේ මෙයා ලොක්කෙක්ගෙ පුතෙක්ද දන්නෑ. (ස)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Wednesday, 06 November 2013 01:27 PM

ලෝකයේ ජීවත් වෙන්න සුදුසුම රට කිව්වා නේද ? (ස)

:       0       0

ලාල් - නුවර Wednesday, 06 November 2013 02:15 PM

අපේ රටේ දේවල් ගැන හොයල බලන සෝල්හයිම්ට මේවා ගැන හොයන්න වෙලාවක් නැතිවෙලාද? මේවත් මගීන්ගේ මානව හිම්කන් කඩ කිරීමක් තමයි. (ස)

:       0       0

අකිල Wednesday, 06 November 2013 02:17 PM

හැමෝටම සාමය ගැන කියලා දෙන නොර්වේ ද මේ...? (ස)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 06 November 2013 02:55 PM

අන් රටවල ත්‍රස්තවාදීන්ට උඩ ගෙඩි දෙන මේ වගේ දෙපිට කාට්ටු රටවලට ස්වභාව ධර්මයා දඬුවම් දෙන්නේ මෙලෙසයි. මීට අවුරුදු හතරකට කලින් මේ රටේ තවත් පිස්සෙක් සමුහ ඝාතනයක් සිදු කළා. නමුත් ලෝකයේ තුන් වෙනියට ජීවත් වන්න හොඳම රට කියල ඒ අයම 'ලේබල්' ගහ ගන්නවා. (ස)

:       0       0

කමල් Thursday, 07 November 2013 08:50 PM

තව අවුරුදු 10කින් විතර අපේ රටේ තිබුන ප්‍රශ්න නොර්වේ වලට ලැබෙනවා. ඒ අය දේශපාලන රැකවරණ දෙන්නේ හැම රටකම ඉන්න 'නොටෝරියස්' අයට තමයි . නම හෙළි කරන්නේ නැත්තේ ඇයි දන්නෙ නැහැ. සුබ අනාගතයක්. (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 07 November 2013 01:21 AM

මේ සිද්ධිය අපේ රටේ වුනා නම් නොර්වේ කාරයෝ ජිනීවා වලට ගිහිල්ලම කියයි මානව හිමිකම් උල්ලංඝනය කරනවා කියල.(නදී)

:       0       0

කුමාරසිරි Wednesday, 06 November 2013 05:49 PM

අනේ මන්දා, ලෝකයේ සාමකාමීම රට නොර්වේ කියනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site