බටහිර ගායක ජස්ටින් බීබර් ලෙස පෙනුම වෙනස් කර ගන්නට ඩොලර් ලක්ෂයකට (රුපියල් ලක්ෂ 132කට) ආසන්න මුදලක් වැය කර ඇති පුද්ගලයෙක් ඇමෙරිකාවේ සිටී.
ටෝබි ෂෙල්ඩන් (33) ප්ලාස්ටික් සැත්කම් වල පිහිටෙන් ‘තිරිහන්‘ වී සිටියි.
ඒ මදිවාට ඔහු හා ගායක ජස්ටින් බීබර් අතර පෙනුමින් කිසිදු වෙනසක් නැති සැටියෙකි.
ටෝබි පවසන ආකාරයට ඔහු ජස්ටින් බීබර්ගේ රසිකයෙකුද නොවේ.ජස්ටින් බීබර් ගයන ගීයක්වත් ඔහු හරිහැටි අසා නොමැත.නමුත් තමන් ජස්ටින් බීබර්ගේ පෙනුමට ‘වහ වැටී‘ සිටින බව ඔහු පිළිගනී.
ටෝබි මුලින්ම කර ඇත්තේ තම හිසකෙස් වෙනස් කර ගැනීමයි.ඒ සදහා ඔහු ඩොලර් 21000 ක් පමණ වැය කර ඇත.දෙවනුව ශරීරයේ හැඩයය.ඒ සදහා වැය කර ඇති මුදල ඩොලර් 4500 කට ආසන්නය.තෙවනුව මුහුණය.තවත් ඩොලර් 5000 (රුපියල් 660000) කි.තම පෙනුම ජස්ටින් බීබර් හා සමාන කරන්නට ටෝබි ගෙන ඇති උත්සාහය ඇත්තෙන්ම පුදුම සහගතය.
මෑතකදී ඔහු තම ‘සිනාවද‘ ගෙන ජස්ටින් බීබර්ගේ සිනාවටම සමාන කර ගෙන ඇති අතර ඒ සදහා ඩොලර් 30000 කට ආසන්න මුදලක් වැය වූ බව ඔහු කියන්නේ ඇගට පතට නොදැනීය.
දැනටමත් ඩොලර් ලක්ෂයකට වඩා තම පෙනුම වෙනස් කර ගැනීම වෙනුවෙන් වැය කර ඇති ඔහු නවතින පාටකුදු නැත.තම සිරුරේ තව තවත් හැඩ ගැන්වීමට අවශ්‍ය යැයි ඔහු කියයි.
මෙම උන්මාදයේ අවසානය කොතැනද දන්නේ ටෝබි ෂෙල්ඩන්ම පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ මුළු සිරුරම විකෘති කරගෙන තමයි මෙයා නවතින්නේ. සල්ලි වැඩි වුණත් ඒකත් පිස්සුවක් මං හිතන්නේ (නි)
මුහුණේ ලස්සන හදවතේ ඇත්නම්? (නි)
අවසානය මයිකල් ජැක්සන්ට සමාන වේවි.අනේ මේ සල්ලි වලින් නැති බැරි කෙනෙනුට උදවු කලානම් තමන්ටත් වැඩක් කරගත් ගමන් රටටත් යහපතක් කල කෙනෙක්. (ස)
පෙනුමේ සුලු සුලු වෙනස්කම් කිරීම සාධාරණයි.එහෙත් මෙසේ කිරීම එම පුද්ගලයාගේ පෞර්ෂ ඌණතාවය පෙන්නුම් කිරීමක්. (ස)
මම හිතුවෙ ඇමරිකාවේ මේ වගේ අය නැතුව ඇති කියලයි (නි)
පිස්සා ඇමෙරිකාව ගෙවල් නැතුව පාරේ ජීවත් වනවාද ඇමරිකා රජය අහිංසක මිනිස්සු මරන්න මිලියන ගණන් මිසිලය්ට වියදන් කරනවා මේ දුප්පත් මිනිසුන් දුන්න කොයිතරමි හොදද (දිල්)