දුප්පත්කම ‘අත් විඳින්නට‘ කැමති පොහොසතුන් වෙනුවෙන් ඉදිකැරුණු හෝටල කාමර සමූහයක් දකුණු අප්‍රිකාවේ ඇත.

මෙම හෝටල කාමර දකුණු අප්‍රිකාවේ පැල්පත් වාසීන්ගේ නිවාස හා සමානව නිර්මාණයකර ඇති අතර එම නිවාසවල පරිදි එකම කාමරයක කුස්සියක්, නිදන කාමරයක්, ආහාර ගැනීම සඳහා පහසුකම් ආදිය සපයා ඇත.

හෝටල කාමරයකට එළිය දෙන්නේ තනි විදුලි බුබුලකි. වැසිකිළි පහසුකම් සපයා ඇත්තේ කාමරයෙන් පිටතය. මෙම කාමර සියල්ල පැල්පත් ජනාවාසයක නිවාස එක ළඟ පිහිටුවා ඇත. සියලු දෙනාට එක්රැස්වී කතාබහේ යෙදීමට උද්‍යානයක් ද සකස් කර ඇති අතර එහි ඇත්තේ පරණ ටයර් වලින් සෑදු ආසනය. තැන තැන කැළිකසළද විසුරුවා හැර තිබේ.  කාමරයක් සඳහා රැයකට ඩොලර් 98 කි. එය අඩු ආදායම් ලාභී අප්‍රිකා ජාතිකයකුගේ මාසික වේතනය හා සමානය. මෙම සංකල්පයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. දූගී බවත් වෙළදාම් කිරීමට යන්නේ යැයි  හෝටල පාලනාධිකාරියට චෝදනා නැගී ඇත.