මෙක්සිකෝවේ සලාපා නගරයේ නගරාධිපත් අසුනට තරග කරන අපේක්ෂකයන් හතර දෙනා අතුරින් එක් අයෙක් පූසෙකි.

මොරිස් නම් වන මේ බිළාල නගරාධිපති අපේක්ෂකයා මේ දිනවල සිටිනුයේ මනාප ලබාගැනීම සදහා

ඡන්ද ව්‍යාපාරයක් ‘දියත්‘ කරමිනි.මොරිස්ගේ ඡන්ද ව්‍යාපාරයේ තේමාව වී ඇත්තේ මියන්ය.‘‘මීයන්‘ නැති සලාපා නගරයක් වෙනුවෙන්‘ මොරිස්‘ යනු මොරිස්ගේ තේමා පාඨයයි.

මොරිස්ටම වෙන්වූ ෆේස්බුක් රසික පිටුවක්ද පවතින අතර අන්තර්ජාලයේ සිදුකළ මත විමසීමකදී

නගරාධිපති පුටුවට තරග කරන අනෙක් අපේක්ෂකයන් අභිබවා මොරිස් ඉදිරියෙන්ම සිටින බව හෙළිව ඇත.

සැබෑ ඡන්ද විමසීම ළගදීම පැවැත්වීමට නියමිතය. මොරිස් නගරාධිපති වනු ඇතැයි ආධාරකරුවෝ මහත් බලාපොරොත්තු තබා සිටී.එහෙත් අපේක්ෂක මොරිස් නම් ඒ ගැන වගේ වගක් නැත.සැපට නිදාගැනීමත් හොද හැටි ආහාර ගැනීමත් ඇරෙන්න මොරිස් කරන වෙනත් දෙයක් නොමැත.එක අතකට මහජනතාවගේ ඡන්ද වලින් පත්වන මහජන නියෝජිතයන් අන්තිමේදී කරන්නේත් ඔය ටිකම නිසා

මොරිස්ගේ ඇති වැරැද්දක් නැතැයි බොහෝ දෙනා කියති.