සිරකරුවන් විසින් භාණ්ඩ ප‍්‍රවාහනය සදහා යොදවාගත් බවට සැක කෙරෙන පූසෙකු අත්අඩංගුවට ගැනීමට රුසියාවේ වර්ක්නි චොව් සිරකදවුර සමත් විය.
‘‘අත්අඩංගුවට‘‘ ගත් අවස්ථාවේ සත්ත්වයාගේ සිරුරේ ලෝම අතර පිටතට නොපෙනෙන සේ සගවා තිබූ
ජංගම දුරකථන දෙකක් තිබී ඇත.සිරකදවුරේ ගේට්ටුවෙන් ඇතුල් වූ පූසා ගැන මුලදී කිසිවෙකුත් එතරම් තැකීමක් සිදුනොකළත් සතා අපහසුවෙන් මෙන් ඇවිදමින් සිටි නිසා ඒ පිළිබදව සොයා බැලීමේදී මේ භාණ්ඩ සොයාගැනීමට හැකිව තිබේ.
දැන් පූසා සිටින්නේ නිවාස අඩස්සියේ බව කදවුරේ නිළධාරීන් කියයි.මේ කටයුත්ත පිටුපස සිටින්නේ කවුදැයි සොයා පරීක්ෂණ කි‍්‍රයාත්මකය.
රුසියාවේ සිරකදවුරු වල රදවා සිටින සිරකරුවන්ට ජංගම දුරකථන භාවිතය සපුරා තහනම්ය.නමුත් අතමිට සරු සිරකරුවන් සිරකදවුරේ නිළධාරීන්ට අල්ලස් ලබා දී ජංගම දුරකථන වැනි උපකරණ භාවිතා කරන අවස්ථාද නැතුවාම නොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පරණ කතාවක් නේද??? (දී)
මේ වගේ පරණ පූසෙකුත් හිටියා නේද? (නි)
ලංකාවෙත් ඔය වැඩේ පටන් ගනීවිද දන්නේ නැහැ. ඒත් මේ කියන විදිහේ පුසෝ කොහෙන්ද? පහුගිය දවස්වල තිබුනේ කව්රු අරගන ගිය ඒවාද? (නදී)
සත්තුත් වරදට යොමු කරගෙන (දී)
ගෙදර බල්ලාගෙන් ප්‍රෙව්සම් වන්න පූසාද විශ්වාස කළ නොහැක.(නදී)
අපේ රටෙත් මේ වැඩේම සිද්ධ වෙනවා. හැබැයි පුසන් ගැන සැකකරන්න ටිකක් අමාරුයි. සමහර විට කකුල් දෙකේ මීයන් ලවා හොර වැඩ කරගන්නවා ඇති. පසු ගිය කාලයේ අත් අඩංගුවට ගත් බඩු දිහා බලපු හාම.(නදී)
බලාගෙන ගියාම පුසගේ අගේ ඕනෑම දෙයක් හංගන්න පුළුවන් වගෙයි (අ)