පාකිස්තානයේ පෙෂවෝර් නුවර කි‍්‍රස්තියානි දේවස්ථානයකට පෙරේදා (22) බෝම්බ ප‍්‍රහාරයක් එල්ල විය.
ප‍්‍රහාරයට හසුවීමෙන්, කාන්තාවන් සහ දරුවන් ද ඇතුළු 81 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 100 කට වැඩිය.
එය මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් බවත්, ඉරිදා දේව මෙහෙයට පැමිණි කිතුනු බැතිමතුන් ඉලක්ක කරගනිමින් ප‍්‍රහාරය සිදුවුණු බවත් පාකිස්තාන පුවත් සේවා කියා සිටී.
පාකිස්තානයේ සුළු ජාතික කිතුනුවන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ එම ප‍්‍රහාරය තරයේ හෙලා දකින බව පාකිස්තාන රජය පවසා ඇත.