ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ පමණක් නොව, පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුරේ ද වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් සහ රෝහල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටී.
මේ වනවිට ගාසා තීරයේ වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 37 ක් ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. රෝහල් 7 ක් ගුවන් ප්‍රහාරවලින් විනාශ වී ඇති අතර, සෞඛ්‍ය අමත්‍යාංශයට අයත් ගොඩනැගිලි 69 කට ප්‍රහාර එල්ල කර තිබේ. ගිලන් රථ 24 ක් ද ගුවන් ප්‍රහාරවලින් විනාශ වී ඇතැයි පැවැසෙයි.
නැගෙනහිර ජෙරුසලම සහ ඊශ්‍රායලයේ පාලනය යටතේ පවතින බටහිර ඉවුරේ ප්‍රදේශවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ පහරදීම්වලින් සෞඛ්‍ය අමත්‍යාංශයට අයත් ගොඩනැගිලි 85 ක්, ගිලන් රථ 26 ක් විනාශ වී ඇතැයි පැවැසෙයි.
ප්‍රහාරවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට උත්සාහ කළ වෛද්‍ය ආධාරකරුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර 56 ක් එල්ල වී තිබේ.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පලස්තීන වෛද්‍ය කාර්ය මණ්ඩලවලටත් පහර දීලා