800 කට වැඩි පිරිසක් රැගෙන යාත‍්‍රා කරමින් තිබූ පිලපීන මගී පාරුවක් භාණ්ඩ ප‍්‍රවාහන නැවක හැපී ගිලී යාමෙන් එහි සිටි 34 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 170 දෙනෙක් අතුරුදන් වූහ.
මියගිය සහ අතුරුදන් වූ පිරිස අතර කුඩා දරුවෝද සිටිති. ‘තෝමස් ඇක්විනාස්’ නමැති එම මගී පාරුව භාණ්ඩ ප‍්‍රවාහන නැවේ ගැටුණේ පෙරේදා (17) රාති‍්‍රයේ 10 ට පමණය. ඒ වනවිට එය පටු සමුද්‍ර සංධියක් හරහා යාත‍්‍රා කරමින් තිබුණි.
භාණ්ඩ ප‍්‍රවාහන නැවේ හැපී පාරුව ගිලී යද්දී පිලිපීන වෙරළාරක්ෂක නිලධාරීන් පමණක් නොව, ඒ අසලින් යාත‍්‍රා කරමින් තිබුණු නැව් දෙකක් ද විපතට පත්වූවන් බේරා ගැනීමට පැමිණ ඇත.