පිලිපීන මුස්ලිම් ගරිල්ලන් සහ රජයේ හමුදා අතර පවතින ගැටුම් දිනෙන් දින උත්සන්න වන බවත් මේ වනවිට 70 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.

පිලිපීන රජයේ හමුදාව සහ ‘මෝරෝ ජාතික විමුක්ති පෙරමුණ’ නමැති එම මුස්ලිම් ගරිල්ලන් අතර සටන් ඇරැුඹුණේ, වසර ගණනාවක් තිස්සේ පැවැති සටන් විරාමය බිඳ වැටීමත් සමඟය.

එම ගැටුම්වලින් මියගිය පිරිස අතර ගරිල්ලන් 50 දෙනකු සිටින බව පිලිපීන ආරක්ෂක අංශ කියා සිටී.

ගරිල්ලන් කියා සිටින්නේ තම සටන අත්නොහරින බවත් හමුදාවට දිගින් දිගටම පහර එල්ල කරන බවත්ය.

අවි ගැටුම් හේතුවෙන් ලක්ෂයකට ආසන්න පිරිසකට ඔවුන්ගේ ගම්බිම් අතහැර පලා යෑමට සිදුවී තිබේ. ආරක්ෂක ප‍්‍රදේශවලට පලා ගොස් සිටින මේ පිරිස පාසල්වල රැඳී සිටින බව වාර්තා වේ. ගැටුම් සිදුවන්නේ, දකුණු දිග පිලිපීනයේය.

පිලිපීන රජය කියා සිටියේ දකුණු දිග පිලිපීනයේ සැම්බෝගංගා නගරයේ ආරක්ෂාව තර කිරීමටත් නගරයේ සිටින ගරිල්ලන් මර්දනය කිරීමටත්, කොමාන්ඩෝ සෙබළුන් 3,000 ක් යවා ඇති බවය.

 

මුස්ලිම් ගරිල්ලන්ට ප‍්‍රහාර එල්ල කරන රජයේ හමුදා