IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ප‍්‍රංශ ජනපති ඇමෙරිකානු තානාපති කැඳවා ප‍්‍රශ්න කරයි

ඇමෙරිකන් රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට එන්.එස්.ඒ. හෙවත් ‘ජාතික ආරක්ෂක ඒජන්සිය’ හරහා, ප‍්‍රංශ තානාපති කාර්යාලයේ දුරකතන සංවාදවලට කන් දෙමින්, ඔත්තු බැලූවේ යැයි රහස් විස්තර වාර්තා පෙරේදා (21) ප‍්‍රංශයේ පුවත්පතක පළ වීමත් සමඟ, ඒ ගැන විරෝධය පළ කරමින් ප‍්‍රංශයේ සිටින ඇරමෙරිකන් තානාපති චාල්ස් හැමර්මෑන් කැඳවා ප‍්‍රශ්න කිරීමට ප‍්‍රංශ ජනපති ෆ‍්‍රන්සුවා  ඕලන්ද් පියවර ගත්තේය.

ඇමෙරිකාව සිදු කළ එම ඔත්තු බැලීමේ රහස් වාර්තා ප‍්‍රසිද්ධියට පත් කර තිබුණේ ප‍්‍රංශයේ ‘ලා මොන්ද්’ පුවත්පතය. පුවත්පත වාර්තා කළ අන්දමට එන්.එස්.ඒ. හෙවත් ‘ජාතික ආරක්ෂක ඒජන්සිය’ හොරෙන් කන් දුන් දුරකතන ඇමැතුම් සංඛ්‍යාව මිලියන 70 කට වැඩිය.

දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, ඇමෙරිකාව සිදු කළ එම ඔත්තු බැලීම් මුල්කොට ගනිමින්, ප‍්‍රංශයත් ඇමෙරිකාවත් අතර රාජ්‍ය තාන්ති‍්‍රක අර්බුදයක් හටගනු ඇති බවය.

‘ලා මොන්ද්’ පුවත්පත එම රහස් වාර්තා හෙළි කළේ, එන්.එස්.ඒ. ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරුවකු වන එඞ්වඞ් ස්නෝව්ඩන් දුන් තොරතුරු අනුවය.
ඇමෙරිකානු අත්අඩංගුවෙන් බේරී ස්නෝව්ඩන්, මේ වනවිට ජීවත් වන්නේ රුසියාවේය. ඒ, රුසියානු රජයේ රැකවල් යටතේය. ස්නෝව්ඩන්ට රුසියාවෙන් පිටවී යෑමට නොහැකිය. ඔහු එසේ කළහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාව සූදානමින් සිටී.

මේ අතර ස්නෝඩන් කළ එම හෙලිදරව්ව, ලොව පුරා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන ‘ත‍්‍රස්තවාදී’ සංවිධානවලට අවුරුදු තෑගි හිමිවීමක් වැනි යැයි බි‍්‍රතාන්‍ය බුද්ධි අංශය පවසා ඇත. මේ බව පවසා තිබුණේ  බි‍්‍රතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශයයි.

ස්නෝව්ඩන් කළ රහස් හෙළිදරව්වෙන් පසු, අල් කයිඩා වැනි ලොව ප‍්‍රබල ත‍්‍රස්තවාදීන් ඔවුන්ගේ ක‍්‍රමෝපායන් වෙනස් කර ඇතැයි එම්.අයි.5 බුද්ධි අංශය වැඩි දුරටත් කියා තිබුණි. ස්නෝව්ඩන්ගේ කි‍්‍රයා කලාපය නිසා ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ත‍්‍රස්තවාදීන්ට වාසි අත්වුණේ යැයි ද එම්.අයි.5 බුද්ධි අංශය පෙන්වාදී තිබුණි..

 

 



අදහස් (0)

ප‍්‍රංශ ජනපති ඇමෙරිකානු තානාපති කැඳවා ප‍්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site