
ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)
රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹී ගියේය.
භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි රටවල් වන ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට හොඳින් දැණුනි.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කළ අන්දමට භූම්කම්පාවෙන් දෙදෙනකු මියගොස් 150 දෙනෙක් තුවාල ලැබූහ. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරයේ කිලෝ මීටර් 180 ක් ගැඹුරින් යැයි භූ විද්‍යාඥයෝ පවසති.
ඉස්ලාමාබාද්, ලාහෝර්, කොහාට් සහ ජිල්ගිට් බලුකිස්තාන පළාත්වලත් භූමි කම්පාවේ බලපෑමට හසුවුණු බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා හෝ ඉරි තලා ගොස් ඇතැයි ද පැවැසෙයි. මරණ වාර්තා වන්නේ කයිබර් පක්ටුන්ක්වා පළාතෙනි. මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ, ඉන්දියාවට, ඇෆ්ගනිස්තානයට පමණක් නොව, මධ්‍යම ආසියානු රටවල් වන කිරිගිස්තානයට, උස්බෙකිස්තානයට, ටජිකිස්තානයට, කසක්ස්තානයට, ටර්ක්මෙනිස්තානයට සහ චීනයට ද භූමි කම්පාවේ ප්‍රබලත්වය දැණුනු බවය.
පාකිස්තානය සහ ඒ අවට රටවල් ඇත්තේ භූ තැටි මායිමකට ඉහළින් බැවින් භූමි කම්පා හට ගැනීම සාමාන්‍යයෙන් සිදුවෙයි. මෙම වසරේ ජනවාරියේ පවා පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර භූමි කම්පාවකින් කැලැඹී ගියේය.
අවසන් වරට මහා භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹී ගියේ 2005 වසරේදීය. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 74,000 පසු කර තිබුණි.
2025 නොවැම්බර් මස 04
266
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2108
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹේ
Helaya Wednesday, 22 March 2023 08:27 AM
අල්ලාහ් දෙවියෝ හොඳටම කරනවා වගෙයි .මොකද හැම දේම සිදු වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව