IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පරණ පෙම්වතියට දෙකෝටියක බිලක්

පෙම්වතුන්ව සිටි කාලයේ තමන්ට දැරීමට සිදුවූ වියදම් හිටපු පෙම්වතියගෙන් ලබා ගැනීමට සැරසෙන අපූරු පෙම්වතෙකු ගැන ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

පෙම්වතා නමින් බෘෘස් ඩස්ටින්ග්ය. ඔහු හැට පස් හැවිරිදිය. පෙම්වතිය මේරි ලැකොම්බේය.ඇය හතළිස් දෙහැවිරිදිය.

වාර්තා වන අන්දමට මේරි බෘස් යටතේ සේවය කර ඇත්තීය.මේරි පිළිබඳව බෘස්ට ආදර සිතුවිලි පහළ වී ඇත්තේ මේ අවදියේය.

තමන් හා එක් වීමට මේරි කිසිදු අකමැත්තක් නොදැක්වූ බව බෘස් කියයි.මේ නිසාවෙන් තමන් ඇයගේ අවශ්‍යතා වෙනුවෙන් අත දිගහැර වියදම් කළ බවත් අවසානයේ විවාහ වීමට කැමැත්ත විමසූ විට ඇය තමන්  ප්‍රතික්ෂේප කළ බවත් ඔහු පවසයි.

බෘස් දැනටමත් ‘ප්‍රේම‘ කළ කාලයේ වියදම් ඇතුළත් බිල්පතක් මේරි වෙත යවා තිබේ.එයට අනුව බෘස් මේරි වෙනුවෙන් දරා ඇති මුදල පවුම් ලක්ෂයකට  (රුපියල් 21300000) ආසන්නය.

අරකට මේකට මුදල් වුවමනා යැයි කියමින් ඇය තමන්ගෙන් මුදල් ලබා ගත් බවද වරක් ප්ලාස්ටික් සැත්කමක් කර ගැනීම සදහාත් තමන්ට බොරු ගොතා මුදල් ලබාගත් බවද බෘස් කියයි.

නමුත් මේරි මේ චෝදනා සියල්ලක්ම ප්‍රතික්ෂේප කරයි.තමන් හා බෘස් අතර පැවතියේ මිතුරු සබදතාවක් පමණක් බවත් එමෙන්ම තමන් ඔහු පවසන ආකාරයට මුදල් ඉල්ලා නැති බවත් ඇය කියයි. බෘස් හිතවත්කම ප්‍රේමයකැයි වරදවා වටහාගත්තාට තමන්ට කරන්නට දෙයක් නැතැයි ඇය පවසයි.

නමුත් බෘස් මෙය ලේසියෙන් අත්හරින්නට යන බවක් නම් පෙනෙන්නට නැත.කෙසේ හෝ වියදම් වූ මුදල මේරිගෙන් ලබාගන්නෙමැයි අදිටනින් හේ සිටී.



අදහස් (0)

පරණ පෙම්වතියට දෙකෝටියක බිලක්

පැංචි Saturday, 16 November 2013 10:23 AM

ඕකනේ මම ප්‍රේම කරන්නේ නැත්තේ? ණයත් නෑ.පාඩුත් නෑ.ලාබත් නෑ..ඔලුව හිස් මුදුන අත ගාලා බැලුවා නම් හොඳයි අයනු බින්දුව දෙකක් එනවද කියලා. (නි)

:       0       0

චමත් [ලංකාව] Sunday, 17 November 2013 02:58 AM

දොස්තර නෝනත් ඒ දවස්වල ප්‍රේමවන්තයාට තෑගි බෝග දුන්නද? එහෙම නැත්නම් මේ වගේ සුද්දම කලාද? ආලෝකයෙන් පිරි අය නම් හරියට දන්නවා ඇති විස්තරේ. (නි)

:       0       0

කුමාරි Friday, 15 November 2013 03:11 PM

දැන් හැටපහයිනේ. අවුරුදු 130 කින් විතර ඕක දීල දාමු මේරි.(නදී)

:       0       0

මර්වින් Friday, 15 November 2013 03:51 PM

දීපු සල්ලි ටිකට මෙයා සතුටු උනා නම් අඩුගානේ ඇති. (ස)

:       0       0

මෙන්ඩිස් Friday, 15 November 2013 04:48 PM

ලංකාවේ නංගිලට දෙවැනි නැහැ වගේ. (ස)

:       0       0

චමත් [ලංකාව] Friday, 15 November 2013 04:55 PM

ප්‍රේම කරපු කාලයේ මෝරා වෙලා වියදම් කරපුව නම් ආපහු ගන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න අමාරුයි. අනිත් කාරණය ඕස්ට්‍රේලියාවේ භාවිතා වෙන්නේ ඩොලර්, පවුම් වලින් බිල්පත ඇරියේ කොහොමද මන්දා ? (ස)

:       0       0

ලාල් Saturday, 16 November 2013 08:43 PM

දැන් සල්ලි ඉල්ලන්නේ හෙට අනිද්දා යනකොට අරගෙන යන්නද? (නි)

:       0       0

මංගලා දිසානායක Saturday, 16 November 2013 03:26 PM

අප්පේ මම දිපුවා (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1071 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site