
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල සෙබළියක නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් පියවර ගෙන තිබේ.
ඊශ්‍රායල හමුදා, දිගින් දිගටම ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ඉලක්කවලට පහර දෙමින් සිටී. ඒ, හමාස් ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සොයමිනි. මෙම සෙබළිය නිදහස් කිරීමට සටන්කාමීන් පියවරගෙන ඇත්තේ ද ඊශ්‍රායල ප්‍රහාර එල්ල වෙද්දීය.
හමාස් සටන්කාමීන්, පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදී කාන්තාවන්, කුඩා දරුවන්, වැඩිහිටියන්, හමුදා සෙබළුන් ඇතුළු 230 කට වැඩි පිරිසක් අල්ලාගෙන ගාසා තීරයට රැගෙන ආවේය. ඒ, ප්‍රාණඇපකරුවන් ලෙසය. නිදහස ලැබුවේ එසේ ප්‍රාණ ඇපයේ සිටි සෙබළියකි. නිදහස ලැබුවේ ඕරි මෙගිඩිෂ් නමැති සෙබළියයි.
‘අප ඇය වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළා. ඇය යහතින් ඉන්නවා. දැන් ඇය ඇගේ පවුලේ අය සමඟ ඉන්නවා.’ යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය, මෙගිඩිෂ් ඇලේ පවුලේ අය සමඟ සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත ලබා දෙමින් පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
109
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල සෙබළියකට නිදහස