IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් බි‍්‍රතාන්‍යයට කඩා වදී

මහ වැසි සමඟ පැයට කිලෝ මීටර් 113 ක වේගයකින් හමා ආ ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක්, ඊයේ (28) නිරිත දිග බි‍්‍රතාන්‍යය හරහා හමා ගියේය.

බි‍්‍රතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම සුළි කුණාටුව ගැන අනතුරු අඟවමින් කියා සිටියේ, එය බිහිසුණු සුළි කුණාටුවක්’ කියාය. එය නම් කර ඇත්තේ, ‘ශාන්ත ජූඞ්’ යනුවෙනි.

මෙවැනි  සුළි කුණාටුවක් මීට පෙර බි‍්‍රතාන්‍යය කළඹා ඇත්තේ, 1987 සහ 1990 වසරවලදී යැයි කාලගුණ විද්‍යාඥයෝ පෙන්වාදෙති.

ප‍්‍රදේශ රැුසක් ජලයෙන් යටවී ගිය අතර, ගස් කඩා වැටීමෙන් විදුලි බල සැපැයුම්වලට බාධා සිදුවිය. නිවාස, ගොඩනැගිලි සහ මෝටර් රථවලට ද හානි සිදුවිය.
ප‍්‍රධාන පෙළේ ගුවන් තොටුපොළ කිහිපයක ගුවන් ගමන් කටයුතු තාවකාලිකව නවතා දැමුණු අතර,  නිරිත දිග ප‍්‍රාන්තවලට පැමිණෙන ගුවන් යානා වෙනත් ගුවන්තොටුපොළවලට හරවා යැවීම සිදු විය. මීට අමතරව දුම්රිය ගමන් කටයුතු ද අඩපණ වී ඇතැයි ද වාර්තා වේ.

සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවූ නිසා, වෙරළාශි‍්‍රත අවදානම් ප‍්‍රදේශවල සිටි ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණි. සුළි කුණාටුවෙන් ප‍්‍රාන්ත කිහිපයකට බලපෑම් එල්ල වනු ඇතැයි බලධාරීහු බිය පළ කරති.

අනතුරු ඇඟවීම් සැලකිල්ලට නොගෙන, මුහුදේ පිහිනීමට ගිය 14 හැවිරිදි ගැටවරයකු, මුහුදට ගසා ගෙන ගිය බව වාර්තා විය. ඔහු බේරා ගැනීමට වෙරළාරක්ෂක නිලධාරීන් උත්සහ කළ ද එය අසාර්ථක විය.

ඊයේ උදෑසන වෙද්දී, බි‍්‍රතාන්‍ය පුවත් සේවා වාර්තා කළේ, අත්ලාන්තික් සාගරයේ සිට හමා ආ ‘ශාන්ත ජූඞ්’ කුණාටුව හේතුවෙන් 15,000 කට විදුලි බලය අහිමි වූ බවය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මිලිමීටර් 20 ත් 40 ත් අතර වර්ෂාපතනයක් ඊයේ දිනයේදී ලැබුණු බවය.
 

සුළිසුළඟට ගස් කඩාවැටී ඇතිඅයුරු

 



අදහස් (0)

ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවක් බි‍්‍රතාන්‍යයට කඩා වදී

රූපවතී Tuesday, 29 October 2013 04:30 PM

ඉන්දික මල්ලි..! ඔයා කිව්ව වචනේ අර්ථකතන ගොඩක් ගැබ්වෙලා තියනවා..! (දිල්)

:       0       0

රූපවතී Tuesday, 29 October 2013 11:32 AM

ඒ ගස්වල මුල් නැහැනෙ..? (ස)

:       0       0

ඉන්දික Tuesday, 29 October 2013 12:59 PM

රූපවතී, ඒ ගස් වල මුල් තියෙන්නේ වෙන රටවල් වල ! (ස)

:       0       0

සම - යූකේ Tuesday, 29 October 2013 02:28 PM

ඔය කියන තරම් බරබතල නෑ,,හිතුව තරම් යකා කළු නෑ.. (ස)

:       0       0

ඉන්දික Tuesday, 29 October 2013 10:05 AM

එච්චරටම ප්‍රචණ්ඩද? (නි)

:       0       0

පෙත්තා Tuesday, 29 October 2013 10:07 AM

සිදුවුණු අකරතැබ්බය ගැන අපේ කණගාටුව. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site