පියාඹන වේටර්වරුන් සිටිනා අවන්හලක් ගැන වාර්තා වනුයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයෙනි.
මේ පියාඹන වේටර්වරුන් සත්‍ය වශයෙන්ම කුඩා පරිමාණයේ ඩ්‍රෝන යානාය.පාලනය වනුයේ අයි පෑඩ් උපකරණයකිනි.
පාරිභෝගියන් කරා ආහාර රැගෙන යාම,ඔවුන්ගේ ආහාර ඇනැවුම් රැගෙන ඒම ආදී සියලූ කටයුතු
මේ ඩ්‍රෝන යානා ආධාරයෙන්ම මේ අවන්හලේ සිදුකෙරේ.මිනිස් ශ්‍රමය යොදවා ඇත්තේ ඩ්‍රෝන යානා පාලනය කිරීමටය.පැයට සැතපුම් 25 ක උපරිම වේගයකින් පියාසර කරවිය හැකි මේ යානා නිසා තවදුරටත් තමන්ගේ ආහාර ඇනවුම රැගෙන මිනිස් වේටර්වරයෙක ‘ගාටමින්‘ එන තුරු කල් මැරීමට පාරිභෝගිකයන්ට සිදු නොවේ.
අවන්හලේ කළමණාකාරීත්වය පවසන්නේ අවන්හලේ වැඩකටයුතු වඩා කාර්යක්ෂමව කිරීමට මෙවන් ක්‍රමයක් හදුන්වාදීමට තීරණය කළ බවයි.දැනට සිය පාරිභෝගිකයින්ගෙන් මෙන්ම සේවකයන්ගෙන්ද මීට හොද ප්‍රතිචාර ලැඛෙන බවද අවන්හල් කළමණාකාරීත්වය කියා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංදර්ශනයක් පමණි. ඔය යානාවල අවර පෙති තිබේ හොදින් බලන්න.(නදී)
ගිහින් ඇවිත් විස්තර දාන්නම්. මිලනම් වැඩි ඇති. (නි)
''මේ යානා නිසා තවදුරටත් තමන්ගේ ආහාර ඇනවුම රැගෙන මිනිස් වේටර්වරයෙකු ‘ගාටමින්‘ එන තුරු කල් මැරීමට'' මේකට තමා කියන්නේ පස්සේ ආ අග ලොකුයි මුලින් ආ කනට වඩා.(නදී)
" කස්ටමස්ලා " ඇද ගැණීමේ නවීන ක්‍රම උනත් වැඩේ නම් සිත් කලුයි. අපේ රටටත් හදුන්වා දුන්නොත් සෙනග පිරෙයි කන්නත්, බලන්නත්,දෙකටම. හැබැයි පියාඹන වෙටර්ලගෙන් කාලා පියාඹන, අපේ "කස්ටමස්ලා" ගෙන් තමයි , බේරා ගන්න අමාරු වෙන්නේ.(නදී)
මනෝහරන්, මෙය සත්‍ය දෙයකි. අවන්හලට නොගොස් හෝ කිව හැකිය. තම භෞතික විද්‍යා ගුරුවරයාගේ උපදෙස් පරිදි මේ ඩ්‍රෝන මුලින්ම නිර්මාණය කළේ ජර්මනියේ සිසුවෙකි. එදා පටන් අද දක්වා මේ ඩ්‍රෝන මුළු ලෝකයේම ඉතා දියුණු වෙමින් පවතී. රිමෝට් කොන්ට්‍රෝලයක ආධාරයෙන් පාලනය කළ හැකි කැරකෙන පෙති හතරකින් සමබරව ඉතා ලෙහෙසියෙන් මේ ඩ්‍රෝන අහසේ පැදවිය හැකිය. (නි)