තම කාරය පදවාගෙන අසනීප වු පියා රෝහලට ගෙන ගිය කුවේට් ජාතික කාන්තාවක් සෞදි අරාබියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
තම පියාට අසනීප බව පැවසුවත් පොලිසිය එය නොතකා තමා අත්අඩංගුවට ගත් බවට ඇය පොලිසියට විරුද්ධව පැමිණිලි කළේය.
සෞදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීම තහනම් කර එරට බලධාරීන් නියෝගයක් නිකුත් කර තිබේ. කුමන හේතුවක් නිසාවත් එම නියෝගය කඩ කළ හොත් එරට ශුද්ධ නීතියට එරෙහිව යාමක් ලෙස සලකා දඩුවම් ලබා දෙන බව බලධරයෝ කියති.
මීට සතියකට පමණ පෙර කාන්තාවන්ට රිය පැදවීම තහනම් කිරීමට එරෙහිව සෞදි කාන්තාවන් කණ්ඩායමක් දැඩි විරෝධයක නිරත වූහ. ඔවුන් බලධාරීන්ගේ අණ නොතකා රියාද් නගරය වටා රිය පැදවීමෙන් තම විරෝධය පළ කළහ.
එමෙන්ම 16000 ක් පමණ අත්සන් කළ පෙත්සමක් ඉදිරිපත් කරමින් කාන්තාවන් රිය පැදවීමට අවසර දෙන ලෙස ඉල්ලීමක්ද කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහබ්වරු කියන්නේ නියම ඉස්ලාම් දර්මය පිළිපදින අය. පිළිම වන්දනාව, සොහොන් වන්දනාව වහබ්වරු නොකරයි. වහබ්වරුන්ට නොදැන අපහාස කරන්න එපා (නි)
මේකටද නීතිය කියන්නේ? (දී)
දෙවියන් අදහන මිත්‍යා මතධාරීන්ගේ දහම ප්‍රයෝගික පැවැත්මක් නැහැ කියන තවත් උදාහරණ සහිතව ඔප්පු උන අවස්ථාවක් තමයි මේකත් ,(දී)
ඩ්‍රයිවින් පාස් නම් රිය පදවන්න ඉඩ දෙන්න (දී)
සහෝදර වරුනි, බෞද්ද අපි මුස්ලිම් වරුන් විවේචනය නොකළ යුතු. මන්ද අපි එම ආගම ගැන හරියට නොදන්නා නිසා. (අ)
නීර් සහෝදරයා පවසන පරිදි ඉස්ලාම් ධර්මයේ එන සංකල්පනාවක් වන මුහුණ සම්පූර්ණයෙන්ම වැසීම කාන්තාවකට අනිවාර්ය නැහැ. කැමති කාන්තාවන්ට මුහුණ සම්පූර්ණයෙන්ම වසා ගැනීමටද බාධාවක් නැත. නියම ඉස්ලාම් ධර්මය කිසිසේත් මිනිසාව බලකිරීමකට ලක් නොකරයි. එය හරියට මාංශ අනුභව කිරීම හා සමාන වේ.මාංශ අනුභව කිරීම ඉස්ලාම් දහමේ අනිවාර්ය නැහැ.එනමුත් අවසරය ලබා දී ඇත. මෙතැනදී අපේම බෞද්ධ සහෝදරයන් ඉස්ලාම් ධර්මය ගැන ස්වල්ප ප්‍රමාණයෙන් හෝ දැනගැනීම අත්‍යවශ්‍ය කරුණකි. මක්නිසාද යත් එවිට ඔවුනට අපට ඒ පිළිබඳව දැනුවත් කිරීමට අවශ්‍ය නොවන නිසාය. (නි)
මුහම්මද් හිල්මි සහෝදරයා සැබෑ සත්‍ය ප්‍රකාශ කර අැත. (නි)
සහෝදර ඉන්දික, ඉස්ලාම් ධර්මයේ කාන්තාවන්ට වාහන පැදවීම තහනම් නැහැ.සෑම අරාබි රටකම ඒගොල්ලන්ට අවශ්‍ය පරිදි වාසි වන පරිදි නීති සම්පාදනය කරගෙන තිබෙනවා. ඉස්ලාම් ධර්මය සහ මිනිසුන් පිළිපදින දහම අතර විශාල පරතරයක් තිබෙනවා. ඒක හරියට ලංකාවේ බුද්ධ ධර්මය වගේ. මිනිසුන් කරන වැරදි වලට බුද්ධ ධර්මයට බැණ වැදීම කොහෙත්ම සුදුසු නැහැ. එසේම මුස්ලිමුන් කරන වැරදි වලට ඉස්ලාම් දහමට බැණ වැදී පලක් නැහැ නේද? මිනිසුන් කරන වැරදි වලට දඩුවම් දිය යුත්තේ මිනිසුන්ට නේද?එයයි සත්‍යය. අප්පු සහෝදරයා පවසන සේ ඉස්ලාම් ධර්මය මෙතරම් ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වීමට හේතුව ඔවුන් ඉස්ලාමය පිළිබඳව හරි වැටහීමක් ලබා ගැනීමට සමත් වීමයි. එසේත් නොමැතිව මුස්ලිමුන්ව අනුගමනය කිරීමෙන් නොවේ (නි)
ජෝශප් පෙරේරා. ඒ සිදුවීම ගැන අහන්නත් සන්තෝෂයි. අරාබි රටවල පුදුම අන්තවාදයක් තියෙන්නේ. ඇමෙරිකන් කෙල්ලන්ගෙන් කණට පාරක් වැදුනම හොඳයි. (නි)
ඉස්ලාමය ඔයතරම්ම නරක නම් ඒක කොහොමද ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන ආගම වුණේ? (නි)
අදහස් දක්වා තියෙන මුස්ලිම් සහෝදරයන්ගෙන් අහන්නේ,මුස්ලිම් නීතිය හරි ශුද්ධ නීතිය අනුව වාහන පැදවීම ගැහැනුන්ට තහනම් නම් ,කුවේට් ,කටාර් ,ඩුබායි වල පවතින්නේ කුමන මුස්ලිම් ආගමද,කුමන නීතියද,එම රටක ගැහැනුන් රිය පදවන්නේ කුමන ආගමකට අනුවද? (නි)
මේක කාගේ නීතියද? (දී)
සහෝදර අශාන්, මා කවදාවත් සෞදි අරාබිය ගැන හොඳක් කිව්වේ නැහැ. මම කියන්නේ ඉස්ලාම් ධර්මයයි සෞදි අරාබියි සමාන කරන්න එපා කියලා. සෞදි අරාබියේ කොටින්ම කියනවා නම් වහබිවරු තමයි එය පාලනය කරන්නේ. ඒ කියන්නේ ඉස්ලාම් ධර්මයට වින කරන කට්ටිය. ඔවුන් කරන්නේ ඉස්ලාම් ධර්මය අවමානයට පත් කරන එක. සෞදි අරාබිය ඉස්ලාමිය රටක් වුනාට එහි පාලකයන් වහබ් වාදය සමඟ සම්බන්ධ වී ඉස්ලාම් ධර්මය විනාශ මුඛයට ඇද දමමින් සිටිනවා. සෞදි අරාබිය පිලිබඳ ඉතිහාසය කියෙව්වොත් ඔබට එය පැහැදිලි වේ. (ස)
මෙය අප ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ.සෞදි අරාබියේ නීතිය ගැන කවුරුත් නොදන්නවා නෙමෙයිනෙ. එම නීතිය ඉස්ලාමයේ එන ෂරියා නීතිය නොවන බවත් අප දන්නවා. හැරත් සෞදියට බැන බැන එහෙටම නේ අපේ අයත් යන්නේ. අපට ලැජ්ජාවක් තියෙන්න ඕනේ ප්‍රථමයෙන් නිර්මල බුද්ධ ධර්මය අපේ අයම කිලිටි කරන මෙවන් මොහොතක අප අන් ආගමකට කෙසේ දෝෂාරෝපණය කරන්නද? අප ජාතියක් හැටියට අපම ලැජ්ජාවට පත්විය යුතුය. (ස)
මුහම්මද් හිල්මි, එහෙනම් ඇයි තවමත් අරාබියේ හොඳ කියන්නෙ?? (ස)
මුහම්මදී හිල්මි, කව්ද කියන්නේ ඉස්ලාම් ධර්මය අති උතුම් ධර්මයක් කියලා? (නි)
අපේ නම් ඔක්කොම ගෑනුන්ට වාහන පදවන එක තහනම් කළොත් රිය අනතුරු ගොඩක් අඩු වෙයි. (නි)
රට වැසියනි, ඉස්ලාම් ධර්මය කියන්නේ අති උතුම් ආගමක්. රටේ ජාතිවාදය අවුස්සන උදවිය ඉස්ලාම් ගැන කිසිදු දැනීමක් නොමැති අය. ඉස්ලාම් ධර්මය ගැන දන්නා උදවිය කිසිදින වැරදි අදහස් මෙලෙස මුදා අරින්නේ නැත. සෞදි අරාබියේ ඇති නීතිය කොහෙත්ම ඉස්ලාම් ෂරියා නීතිය නොවේ. එය ඔවුන්ට අවශ්‍ය ලෙස සාදා බිහි කරගත් ඔවුන්ගේම නීතියකි. ශ්‍රී ලාංකික සහෝදර ජනතාවනි එය තේරුම් ගන්න. (ස)
වටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව ,,,,,,,,,,,,,,,,,,අපිට මොකද අනේ , බඩුත් උන්ගේ, නඩුත් උන්ගේ, අපේ බුදු හාමුදුරුවෝ ඕව කියල නැහැනේ. (ස)
ඉස්ලාම් ධර්මය හරි හැටි තේරුම් ගන්න උත්සහ කරන්න. ඉස්ලාම් ධර්මයේ කිසිදු බල කිරීමක් නැත. මුල් අවධියේ කාන්තාවන් ඔටුවන් පිට නැගී ගමන් කල බවට සඳහන් හදීස් ඇත සෞදි අරාබියේ ඇති නීතිය ඉස්ලාම් ෂරියා නීතිය නොවේ. එය තේරුම් ගන්න එය ඔවුන්ටම උරුමකම් කියන සෞදි අරාබි නීතියි ඉස්ලාම් ධර්මය සෞදි නීතිය අරහ අපකීර්තියට පත් කරන්නට එපා. ඔබලාට අල්ලාහ් දෙයියන්ගේ ආශිර්වාදය ලැබේවා. (ස)
ඉස්ලාම් ධර්මය අනුව මුණත් වහනවා නම් ලංකාවේ මුස්ලිම් ගැණු අයටත් රිය පැදවීම තහනම් කල යුතුමයි. නැතිනම් පව් සිදු වෙනවා. (ස)
අනේ මම නම් ඩුබායි රිස්වාන්...මම නම් ඕවට නැහැ. (ස)
තමාගේ ආගම ඉහලම ආගම බව කියන්න වාසියට නගන ප්‍රලාප බැවි මට වැටහෙන්නේ සෞදිය හැර අන් හැම මුස්ලිම් රටකම කාන්තාවන් රිය පදවනවා. ඒ අය කුරානය කියව නැද්ද. ගැහැණියට සම තැන කුරානයේ නොතිබීම ගැන අපේ මුස්ලිම් මිතුරන් තව ටිකක් සිතන්න .මක් නිසාද ඔබගේ ආදරණීය මවත් සොයුරියත් එකම ලේ ඇති කාන්තාවන් නිසා. (ස)
ඉස්ලාම් ආගම ගැන හරි අවබෝධය සහ අද තියෙන ලෝකය ගැන අවබෝධය තියෙන මුස්ලිම් සහෝදරවරු ගොඩක් ඉන්න බව අදහස් බැලුවම පේනවා. ඔබලාට හැකි නම් මේ අන්තවාදීන්ට හරි පාර පෙන්වන්න. මෙවැනි අන්තවාදී අදහස් දරන අය (මොන ආගමේ උනත්) ලෝකයටම ව්‍යසනයක්.(නදී)
අනුන්ගේ හරි වැරදි හොයන්නේ නැතුව තමන්ගේ වැඩ කරගන පාඩුවේ ඉන්න.මෝඩයන්ගේ වැරදි හොයන එකා මහා මොඩය . (දී)
කාන්තාවන්ට වාහන එලවන්න බැරිතරම් තියෙන අව්ල මොකක්ද? (දී)
ආදර්ශමත් දුවෙක් (දී)
අනුන්ගේ දේවලින් අපිට වැඩක් නැහැනේ (නි)
අනුන්ගේ නෝනලා ගේ ප්‍රශ්න ගැන දෝලාවෙන් කයිය. තමන්ගේ රටේ නෝනලා ගැන හොයන්නෙ නැහැ. (නි)
බොහොමත්ම ස්තුතියි හිල්මි මහත්මයට. අපි ඔබගෙන් බොහෝ කාරණා ටිකක් දැනගත්තා. ඒ වගේම කියන්න ඕනෑ ඔබ ඉතාම සන්සුන්ව තමයි අපට කරුණු පැහැදිලි කළේ. ඔබට ජය! (නි)
මධූ, මොළේ නැති මෝඩයෝ නිසා තමයි සෞදි රටවල මිනිසුන් මොළේ තිබේයැයි කියන රටවල මිනිසුන්ව ගෙන්වලා,වහල් සේවය නොහොත් තමුන්ගේ සියලුම සේවයන් ඉටුකර ගන්නේ. මේ දේ තේරුම් ගැනීමට ඔයාලා වගේ උගත්යැයි කියා ගන්නා අයට නොහැකි වීම තරම් මෝඩකමක් තවත් නොමැතිතරම් (නි)
මහමුද් හිල්මි, ඔබගේ අදහසට මම එකගවෙමි. තව කෙනෙකුගේ අාගම ගැන හරියට නොදැන විවේචනය කරන්න යන්න එපා (නි)
සහෝදර බණ්ඩාර. අප මෙතැනදී පුන පුන කියා සිටින්නේ කාන්තාවන්ට රිය පැදවීමට ඉස්ලාමයේ අනුමැතිය ඇති බැවි. ඔබ හරි හැටි අල් කුරානය තේරුම් ගැනීමට උත්සහ කළහොත් ඉස්ලාමයේ කාන්තාවන්ට ලබා දී ඇති සම තැන ගැන ඔබට පැහැදිලි වෙනවට කිසිම සැකයක් නැහැ. මා පාසල් යන අවදියේ බුද්ධාගම විෂයක් හැටියට ඉගෙන ගත්තා. මෙයින් අදහස් වන්නේ නැහැ මා බෞද්ධ දර්ශනය අනුගමනය කල යුතු බව. ඔබ නොදන්නා දෙයක් ඉගෙන ගැනීමට ඔබට කිසි බාධාවක් නැත. කොටින්ම කියතොත් ඉස්ලාම් දහම පිරිමි පාර්ශවයට වඩා වැඩි සැලකිල්ලක් කාන්තා පාර්ශවයට පිරිනමන බව අල් කුරානය හරි හැටි තේරුම් ගන්න ඕනෑම කෙනෙකුට මොනවට පසක් වේ. බෞද්ධ ජනතාවට අප කාරුණිකව පවසා සිටින්නේ විශේෂයෙන්ම ඉස්ලාම් ධර්මයේ අඩංගු යම් කරුණක් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේදී ඔබට දැනුමක් නොමැති දෙයක් අන් අය පැවසූ පලියට ප්‍රසිද්ධ නොකරන ලෙසටයි. මෙය බෞද්ධ ජනතාවගෙන් අප ඉල්ලා සිටින ඇති කාරුණික ඉල්ලීමකි. මා පාඨකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අල් කුරානයේ ඇති දෑ තේරුම් ගැනීමට උත්සහ කරන්න. එවිට ඔබලාට තේරේවි ඉස්ලාම් ධර්මය යනු කුමක්ද කියා. (ස)
මුස්ලිම්, සිංහල, තමිල් අපි ඔක්කම ලංකාවේ. අපි රණ්ඩු වෙලා වැඩක් නැහැ. අපි කොහේ හිටියත් කවුරු හෝ වේවා ලාංකිකයෝ එකට ඉමු. (ස)
ශුද්ධ වූ අල්කුරණය කාන්තාවන්ව කොටු කර තබා ගැනීමට කිසිදු උත්සාහයක් දරන්නේ නැත. එය හුදෙක්ම කාන්තාවන්ව ආරක්ෂා කිරීම තකා නීති රීති සම්පාදනය කර ඇත. බැලූ බැල්මට එය සමහරක් උදවියට අපහසුතාවයක් සේ පෙනුනට එය ගැන වැඩිදුර හදාරන ඕනෑම කෙනෙකුට එහි ගැබ්ව ඇති අර්ථය තේරුම් ගැනීමට අපහසු නොවේ. ඉස්ලාම් ධර්මය පවසා සිටින්නේ කාන්තාවන්ට තනිවම ගමන් කල නොයුතු බවය. නමුත් වෙන විකල්පයක් නොමැති අවස්ථාවල එසේ තනියම ගමන් කල හැක. හදීස් ග්‍රන්ථවල කාන්තාවන් ඔටුවන් පිට ගමන් කල බවටද සාක්ෂි ඇත. ඉස්ලාම් ධර්මය ගැන හරි අවබෝදයක් ඇති කෙනෙකු කිසි දින තමන්ගේ අදහස් ප්‍රකශ නොකරයි. කොටින්ම කියතොත් කිසිදු ආහාරයක් නොමැති අවස්ථාවල් වල ඉස්ලාමයේ තහනම් කල ඌරු මස් පවා අනුබව කිරීමට හැකියාව ඇත. මෙයයි සත්‍ය ඉස්ලාම් ධර්මයේ ප්‍රකාශ වන්නේ. එහි කිසිදු බල කිරීමක් නැත. ඉස්ලාම් දහම හරි හැටි අනුගමනය නොකරන මුස්ලිමුන් දැක ඉස්ලාම් ධර්මයට බැණ වදීන්ට එපා. (ස)
අනේ බූරු රිස්වාන් කුරානයේ විදිහට ඔබගේ නැගණිය අසනීප වූ පියා දමාගෙන කාර් එකේ ගිහින් ඇල්ලුවොත් ඔබ ගන්නා තිරනය කුමක්ද? පියා මැරුනොත් කුරාණයෙන් පියෙක් දෙනවද (ස)
මෝඩකම ඇඟ පුරාම කියන්නෙ ඕකට තමයි.නිකම් හරි මේ කෙල්ලගෙ තාත්තා මැරුණ නම් එහෙම ඔය නීති වලින් ඇති වැඩේ මොකක්ද? මේකෙන් කියන්නෙ අරාබියේ මිනිස්සුන්ට ජීවිතයකට වඩා තමන්ගෙ ආගම ලොකුයි කියලා. සල්ලි තිබුණට මොලේ නැති මෝඩයෝ. (ස)
"මෙතන ජාතිවාදී අදහස් දරන අයට නැගලා යන්න අදහස් දාන ඔය මෝහම්මෙඩ් හා රිස්වාන් නම් වලින් ඉන්න ඔහෙලා ඇත්තටම පිරිමිද " මොකක්ද ඒ කතාව? ජාතිවාදීකමයි, මුස්ලිම් නමයි පිරිමිකමයි අතර තිබෙන සම්බන්ධය මොකක්ද? (නි)
"මේක කාගේ නීතියද?" එම රටේ නීතිය. එම නීති අපේ රටේ වගේ පුද්ගලයා අනුව වෙනස් වන ඒවා නොවෙයි (නි)
එහෙනම් කටාර් වල ගැහැණු කාර් එළවන්නේ? මොකද කටාර් වල අයට වෙනම කුරාන් එකක්ද? අනික කුරානය කියලා තිබෙනවද කාර් එලවන්න එපා කියා. කුරානයේ ඕක කොහොමද කියලා තිබෙන්නේ කියලා අපට කියන්න රිස්වාන් (නි)
ආගම ගැන කිසි කෙනෙක් කලබල විය යුතු නැහැ. ඒක ඒ රටේ නීතිය.නීතිගරුක වන්න. කාලය නීති වෙනස් කරාවි. (නි)
උගත් කියන කොටසක් නම් ඇත්තෙම නැහැ දන්නා තරමින් (නි)
ඇ ඉෂාක්, එතකොට ඇමෙරිකාවේ පාරවල් පොඩිද ? (දී)
අපට අදාල නොවෙන වෙනත් රටක සිදුවන සිද්දියකට ඇයි අපි කලබලවෙන්නේ (දී)
සර්වබලධාරි දෙවියන් යන රථය පදවන්නෙත් සුරංගනාවියක්. ඉතින් කොහොමද සෞදි වලින් කාන්තාවන්ට රිය පැදවීම තහනම් කියලා කියන්නේ? කුරානයේ එහෙම නැහැ (නි)
එහෙනම් පිරිමින්ටත් තහනම් කරන්න ඕනෑ (නි)
ඔතන අදහස් දාලා තර්ක කළාට වැඩක් වෙන්නේ නැහැ. ගිහින් දන්නා කෙනෙක්ගෙන් අහගන්න. ඒක ඔබටත් හොඳයි (නි)
කට්ටියම අනුන්ගේ රටවල නීති ගැනයි අනුන්ගේ අාගමයි හොයන්නේ නැතුව තමන්ගේ දේවල් ගැන බලාගන්න (නි)
රිස්වාන්, අහිංසක සත්තු මරණ එක හොදද ? (නි)
රිස්වාන් කියන දේ හරි. කාන්තාව හා පිරිමියා තමාට අයිති දේ පමණක් කළ යුතුයි.පිරිමි කරන දේ කාන්තාව කිරීම ශුද්ධ නීතියට අපහාස කිරීමක් (නි)
කුරානය ලියවුණ කාලේ ලෝකයේ බයිසිකලයක්වත් තිබුණද? ඉතින් රිස්වාන් මහත්තයෝ, ඔබ කියන දේ අපි පිළිගන්නේ කොහොමද? (නි)
මොවුන්ගේ ගැහැණු කලිසම් අඳිනවා, පිරිමි ගවුම් අඳිනවා, නමුත් රිය පැදවීම් තහනම්? (නි)
ඇමරිකානු තාක්ෂණයෙන් තෙල් ටික අරන් දුන්නේ නැත්තම් තවමත් ගවුම් අඳින මේ අය අදටත් මාළු අල්ලාවි (නි)
හේමන්ත අසන ප්‍රශ්නයම මමද අසමි. කුරානය ලිව්වේ මුස්ලිම් ආගම ආරම්භ වූ කාලයේ නම් ඒ කාලයේ වාහන බලපත් නිකුත් කළාද? නැත්නම් පසුව කුරානය නවීකරණයට භාජනය වුණාද? මෙය නොදන්නා දෙයක් පැහැදිලි කරගැනීමට අසන දෙයක් මිස යමක අඩුවක් පෙන්වීමට ලියුවක් නොවන බව සළකන්න. (නි)
අනුන්ව හැඩගස්වන්න පෙර තමුන්ව හැඩගස්වාගන්න. වර්ගවාදය බේරෙනවා අදහස්වල (නි)
රිස්වාන් නමින් පෙනී සිටින්නේ ගිනි අවුලන්නෙක් විය හැක. කට්ටිය කලබල වෙන්න එපා. (නි)
හරියට හරි (නි)
ධම්මගෙ ඔළුව කොහේ හරි වැදුනද? නැත්තම් ඔෆිස් එකේ නින්ද ගිහින් පුටුවෙන් බිමට වැටුණද? මේ කාන්තාවගේ තරාතිරමක් ගැන කියලා තියෙන්නෙ කොහෙද මේකෙ? (නි)
මා මේ කියන්නේ සෞදියේ නීතිය හරි කියා නොවේ. නමුත් තරාතිරම නොබලා රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබදව සෞදි පොලීසිය අගේ කල යුතුයි. (ස)
රිස්වාන්, කුරානෙ ලියවෙන කාලෙ වාහන තිබ්බද? (ස)
රිස්වාන් ප්‍රකාශ කරන්නේ රිය පැදවීම වැරදි කියලද? නැත්නම් කුරානයේ නැති දෙයක් කුවේට් රජය ක්‍රියාත්මක කල එක වැරදි කියලද? (ස)
රිස්වාන් නොකල යුතු දෙයක් කියන්නෙ වාහන පදවන එකද නැත්තම් පොලීසියෙන් අල්ලපු එකද කියල නම් මට තේරෙන්නෙ නෑ. නමුත් අන්තවාදී වූ මෙවැනි ආගම් තුලින් මනුස්සයන් තිරිසනුන්ටත් පහලට ඇද දමන බව නම් තේරුම් ගත හැකියි. (ස)
මොකද රිස්වාන් කුරනයට විරුද්ධයි කියන්නේ. කාන්තාවන් රිය පදවනවිට මොනවා හරි අඩු වෙනවද? එහෙනම් ගොයියෝ අපේ කුරානය වැරදියි (ස)
රිස්වාන්, නුබලාගේ පටු අදහස් අපට දුකකි.පොඩ්ඩක් ලෝකෙට ගිහින් බලලා තීරුම් ගන්න. (ස)
මෝඩයෝ කියල මරන්නද? රටක් උනාම කාන්තා පිරිමි හැම කෙනාටම සමව සලකන්න ඕන. ඔය කුරණේ තමා හැමදේටම මුල. (ස)
ලංකාවේ ඉන්න මුස්ලිම් කාන්තාවන්ටත් රිය පැදවීම තහනම් කල යුතුයි. (ස)
ඉස්ලාම් රටක් කටයුතු කරන්නේ පොතේ හැටියටයි (නි)
මෙතන ජාතිවාදී අදහස් දරන අයට නැගල යන්න අදහස් දාන ඔය මෝහම්මෙඩ් හා රිස්වාන් නම් වලින් ඉන්න තමුසෙලා ඇත්තටම පිරිමිද ?? (ස)
ඔය රිස්වාන් කියන මෝඩයා කොහේ කෙනෙක් ද දන්නේ නැහැ. ඉස්ලාමය කියන්නේ නැහැ රිය පැදවීම තහනම් කියලා. නමුත් අරාබිකරය කියන්නේ ලංකාවේ වගේ මිනිසුන් වැඩියෙන් වාසය කරන රටක් නෙමෙයි. එක ගමක ඉඳලා තව ගමකට යන්න කොහොමත් කිලෝ මීටර් දෙසීයක් පන්සීයක් විතර යන්න ඕනේ. ඒ වගේම පාරවල් හරි ලොකුයි. ඒ වගේම වේගයත් වැඩියි. ඒ වගේමයි ගැහැනුන් රිය පදවන්න ගත්තොත් ඔවුන්ගේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න ඇති වන නිසා තමයි ඔවුන් ගැහැනුන්ට රිය පැදවීම තහනම් කරලා තියෙන්නේ. මම දන්නවා ජාතිවාදියොන්ට මේවා උණු කැවුම් කියලා.මොනවා කරන්නද ජන්මෙට වඩා පුරුද්ද ලොකුනෙ. (ස)
අපට මේවා වැඩක් නැහැ ඒ කට්ටියම ඒවා බලාගනියි (අ)...
අපේ කට්ටියට වෙන වැඩක් නැද්ද මේවා ගැන කතා කරනවා හැරෙන්නට? (අ)
ඔයාලට වැඩ නැද්ද මන් අහන්නේ (අ)
වව්ලාගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා හිටපන් කිව්වලු. ඒ රටේ නීතිය ගැන අපි කලබල වියයුතු නෑ. . ජය වෙවා!!! (අ)
අපි අපේ හාමුදුරු ගොල්ලන්ට අවසර දෙන්නෙ කවද්ද?? (ස)
සෞදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීම නීතියෙන් තහනම් නමුත් කුවේට්,බහරේන්,යු.ඒ. ඊ., කටාර් යන රටවල් වල කාන්තාවන්ට රිය පැදවිය හැකිය.ඒ කොහොම වුණත් සෞදි අරාබියේ කාන්තාවන් වරින් වර රජයට බල කරනවා ඔවුන්ට රිය පැදවීමේ බලපත් ලබාදෙන්න කියලා. ඉදිරියේදී ඒක සළකා බලන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.වෙනම කාන්තාවන්ට රිය ධාවනය කිරීම සඳහා වෙනම මහමාර්ග වෙන්කිරීමටත් කතාබහට ලක්වෙන කාරණයක් (නි)
ෆස්රුල්, අමුතුවෙන් මොනවා දැන ගන්නද? (නි)
මෙන්න මෙහි ඔබල ගේ වැඩක් බලාගනිල්ලා උන්ගේ නෝනලා මොනවා එලිවට් වට අපීට මොක්ද (අ)
මේක කුරානයට විරුද්ධයි. මොන හේතුවක් නිසාවත් නොකළ යුතු දෙයක්. (ස)
සබීර් එහෙනම් පිරිමි කන බොන හින්ද ගැණු අයට කන්න බොන්නත් බෑ. මොනවද ඔයා කියන්නේ කුරානයේ තියෙන්නේ කාන්තාවන් ගුවන් යාන පැදවීම ගැන ? (අ)
කාන්තාවෝ වාහන පදවන්න නිදහස ඉල්ලන එක පැරණි දහමට විරුද්ධයි.නමුත් මේ පරිසරය වෙනස් වෙනකොට කෑම බීම වගේ සියලු අවශ්‍යතාත් පොදුවේ වෙනස් විය යුතුයි නේද? මෙතන සිදුවී ඇත්තේ විරුද්ධතාවයක් දැක්වීමක් පමණයි නේද? කොපමණ කළක් මේ විදිහට කාන්තාවෝ හිර කර තැබිය හැකිවේද? සමහර අරාබි රටවල කාන්තාවෝ මේ නිදහස බුක්ති විඳිනකොට අරාබියේ කාන්තාවෝ පසුබසීද? (නි)
ඔය රටේ කාන්තාවො ඉන්නෙ 16000 ද? හැම කාන්තාවක්ම පෙත්සමට අත්සන් කලානම් ඉවරයි නේ. තමාගේ අයිතිවාසිකම් ගන්න මීටවඩා එකමුතු විය යුතුයි. නීති කඩකිරීම අනුමත කල නොහැකියි. (දී)
ඒ කාන්තාව කල වැඩේ හරි (දී)
කුවේට් යුද්දෙ කාලෙ සවුදියේ හිටපු ඇමරිකන් සෙබලියන් ඹවුන්ට ඹ්නෑ විදිහට ඇදුම් ඇන්දා. ඹවුන්ට ඹ්නෑ විදිහට වාහන පැදෙව්වා. පොලීසියයි, පූජකයොයි කරබාගන හිටියා. ඒ ගැන ප්‍රශ්ණ කරපු පූජකයන්ට ඇමරිකන් සෙබලියන්ගෙන් කනේ පාරයි පයින් පාරයි ලැබුණා. මේ තත්වය වැඩිපුරම තිබුණේ "හෆර් අල් බතින්" කියන ප්‍රදේශයේ. (දී)
මේ සිදුවීම රටක නීතිය සම්බන්ධව. ඒකටත් කුරානයටත් ඉස්ලාම් ධර්මයටත් ජාතිවාදී අදහස් වලටත් කිසිම සම්බන්ධයක් නැහැ. වටිනා කාලය අපතේ නොයවා වැදගත් දේවල් පමණක් ලියන්න. විසේශයෙන් මුස්ලිම් අය දන්නා දෙයක් හෝ නොදන්නා දෙයක් හෝ වේවා හැම දෙයකටම අදහස් දාන එක වැරදිය. ලියන අයට ලියන්න දීල නිකන් ඉන්න. "යන්නේ කොහෙද මල්ලේ පොල්". (නදී)
බොරු වැඩ (දී)
ඒ රටේ තියෙන්නේ විකාර නීති නේ (දී)
දම්ම කියපු දේ හරි. රොෂාන්ට තේරුනේ නැහැ. (නි)