තම කාරය පදවාගෙන අසනීප  වු පියා රෝහලට ගෙන ගිය කුවේට් ජාතික කාන්තාවක් සෞදි අරාබියේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

තම පියාට අසනීප බව පැවසුවත් පොලිසිය එය නොතකා තමා අත්අඩංගුවට ගත් බවට ඇය පොලිසියට විරුද්ධව පැමිණිලි කළේය.

සෞදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීම තහනම් කර එරට බලධාරීන් නියෝගයක් නිකුත් කර තිබේ. කුමන හේතුවක් නිසාවත් එම නියෝගය කඩ කළ හොත් එරට ශුද්ධ නීතියට එරෙහිව යාමක් ලෙස සලකා දඩුවම් ලබා දෙන බව බලධරයෝ කියති.

මීට සතියකට පමණ පෙර කාන්තාවන්ට රිය පැදවීම තහනම් කිරීමට එරෙහිව සෞදි කාන්තාවන් කණ්ඩායමක් දැඩි විරෝධයක නිරත වූහ. ඔවුන් බලධාරීන්ගේ අණ නොතකා රියාද් නගරය වටා රිය පැදවීමෙන් තම විරෝධය පළ කළහ.

එමෙන්ම 16000 ක් පමණ අත්සන් කළ පෙත්සමක් ඉදිරිපත් කරමින් කාන්තාවන් රිය පැදවීමට අවසර දෙන ලෙස ඉල්ලීමක්ද කර ඇත.