පැය 3 කට අධික කාලයක් අඩි 11 ක් වැලි යට වැළලී සිටි දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට ඇමරිකාවේ ඉන්දියානා ප‍්‍රාන්ත ගිනි නිවීම් භටයෝ සමත් වූහ.
මෙම දරුවා සිය දෙමව්පියන් සමග ඉන්දියානා ප‍්‍රාන්තයේ ජාතික උද්‍යානයක සංචාරය කරමින් සිට ඇත. මෙම උද්‍යානයේ පිහිටි වැලි කදු නිසාවෙන් ඒවා මත අඩිය තැබීමේදී පරෙස්සම් විය යුතු යැයි සංචාරකයන්ට නිරන්තරයෙන් අවවාද කෙරේ.එම අවවාද නොසළකා හැර ඇති දෙමව්පියන් සංචාරකයන්ට තහනම් කලාපයක ඇවිදිමින් සිටියදී හදිසියේම දරුවා වළකට වැටී ඇති අතර ඔහු ගොඩ ගැනීමට මාපියන් දැරූ උත්සාහයේදී වැලි කණ්ඩි කඩා වැටී දරුවා පණපිටින් වැළලී ගොස් තිබේ.
දෙමව්පියන්ගේ දැනුම් දීමකින් වහා එතැනට පැමිණි ගිනි නිවීම් භටයන් දරුවා ගොඩ ගැනීමට පැය 3 කට අධික කාලයක් වෙහෙස වී ඇත.මුලින්ම අධි සංවේදක උපකරණ ආධාරයෙන් දරුවා කොපමණ ගැඹුරින් වැළලී ඇත්දැයි සොයාගෙන ඇති ඔවුන් පස් කපන යන්ත‍්‍රයක් භාවිතයෙන් වැලි ඉවත් කර දරුවා ගොඩට ගෙන රෝහලක් කරා යොමුකර තිබේ.
ගොඩට ගැනීමේදී සිහිසුන්ව සිටියද පසුව ගිලන් රියේදී සිහි ලැබූ දරුවා හඩන්නට පටන් ගත් බවත් සැමගේ සිත් සැහැල්ලූ වූයේ එවිට බවත් ගිනි නිවීම් භටයන්ගේ ප‍්‍රධානී රැල්ෆ් මාර්ටින් කියයි.දරුවාගේ දිවි රැකී තිබීමට වඩාත්ම හේතු වී ඇත්තේ වැලි ගොඩෙහි දරුවා සිරවී සිටි ස්ථානයේ ‘‘වායු සංචිතයක්ද‘‘ සිරවී තිබීම බව ඔහු පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලක පුතා සහ මංගල පුතා වෙතටයි.අධිරාජ්‍ය වාදීන්ගෙන් නිදහස ලැබිලා වසර 65 ක් ගත උනා.දුපත් ගණනාවකින් හෙබි ,මාල දිවයින එදා උම්බලකඩ,බොන්දි අලුවා රුවල් නැව් වලින් ගෙනත් ලංකාවට කප්පම් ගෙව්වා.අද අගමැතිලා වෙලා සිටින උදවිය ඉගෙන ගත්තේ ලංකාවේ , ගාල්ලේ රිච්මන්ඩ් විදුහලින්.අද ඔවුන්ට නැව් කීයක් තියෙනවාද? අපේ රටට වඩා සංචාරක කර්මාන්ත යේ ඉහලින් ඉන්නේ. හෝටල් වල වැඩ කරන්නේ අපේ ශ්‍රමකයින්.අද කොහොමද ඒ අයගේ දියුණුව.අපේ රටේ උපදේශකයෝ ,ඇමතිවරු කොපමණද ? අදාළ අමාතයාංශ යටතේ ඇති ආයතනවලට වලට යටිතල පහසු කම් සපයා දිය යුතුයි.ප්‍රතිපාදන නැතිනම් රටවලින් ආධාර යටතේ හෝ ගෙන්වා ගැනීමට උනන්දු විය යුතුයි.ජපානයේ එන්,ජී.ඔ. ආයතනයකින් ලංකාවට පරිත්‍යග වශයෙන් එව්වා ෆූට් බයිසිකල් කන්ටේනරයක් එයට රෙගු බදු ගෙවන්න කෙනෙක් නැතිව ආපසු යැව්ව්වා ඉතින් ආපසු පරිත්‍යාග එවයිද අපේ රටට.අපේ ගිනි නිවන නිවන හමු දාවට බැකෝ දීලා තියෙනවාද ? හෙලිකොප්ටර් තියෙනවාද ? වරායේ කෝටී 50 ක අලාභය ක් උනා ගින්න මැඩ පැවත්වීමේ උපකරණ තිබුනාද ? පැහර හැරියාද ? සුනාමි වෙලාවේ කැලේ සත්තු බේරුනා, ගමේ සත්තු මැරුණා.පසු ගිය කාලයේ ධීවරයෝ 50 ක් පමණ මියගියයින් පසුවයි රක්ෂණය හා ආරක්‍ෂිත ඇඳුම්.සොල්බරී සාමිටත් ,ජේ .ආර්. ජයවර්දනටත් ,දැන් දොස්කියනවාට වඩා රටට උචිත ,අනාගත ප්‍රතිපත්තිමය ක්‍රියා දාමයක් ඇති කලොත් ,රටේ උද්ඝෝෂණ නැතිවෙයි.මේ රට දියුණු කරන්න ඇමෙරිකාවට,යන්න උවමනාවක් නැහැ .රටේ සම්පත් වලින් පල ප්‍රයෝජන නොගැනීමත් , ,නව නිෂ්පාදකයින් ට, දිරි නොදීමත් ,රට ආරක්ෂා කිරීමට වඩා බලය ආරක්ෂා කිරීමෙන් වෙන්නේ සදා සොත්ති භවන්තුතේ !!! (අ)
ලෝකයේ හොදම රට ඇමෙරිකාව. ග්‍රීන් කාර්ඩ් ගන්න පෝලිම බලන්නකෝ.(නදී)
ලසන්ත කියමනේ විදින්නේ මුවාට වුනාට වදින්නේ පදුරටත් නොවෙයි ගලක වැදි කැරකි එයාගෙම පයටයි , මොකද එයත් ජාතික වාදියෙක් නිසා.(නදී)
ගාමිණී... හැම එකටම අපේ රටට බනින්නේ නැතුව.. ඔයාට යට වෙන්නම ඕනනම් ඇමරිකාවට ගිහිල්ලා වැලි කන්දකට යට වෙන්නකෝ. එක එක රටවල පහසුකම් තාක්ෂනය ආකල්ප ක්‍රියා පටිපාටි වෙනස්. ඒවා සංසන්දනය කර කර බැන බැන හුල්ලන්නේ නැතුව මොනවා හරි කරන්න. නැත්නම් තමන්ට කැමති හොද රටකට යන්න.(නදී)
ජිවිතේ බේරුනා නම් ඒක ලොකු දෙයක්. වාසනාවන්ත දරුවෙක්.(නදී)
ගාමිණී, ඔය රටවල් වල ආපදාවලදී ක්ෂණිකව උදව්කරනවා වගේම හැරෙන තැපැලෙන් ගෙදරටම විශාල බිලකුත් එවනවා. ලංකාවෙ වෙනස තමා මිනිස්සු උදව් කලොත් සල්ලි ඉල්ලන්නෙ නැහැ වගේම ගොඩක් සේවාවන් සපයන්නෙ නොමිලේ. ඇමෙරිකාවෙ ඉස්පිරිතාලෙකින් බෙහෙත් ගන්නව තියා හිතන්නවත් බැහැ ආරක්ෂක ආවරණයක් නැත්නම්. මේ දෙමව්පියන් නොසැලකිලිමත් වුණ බව ඔප්පු වුණොත් ලස්සනට දඩ කොලයකුත් එක්කම ඉතා හොද බිලකුත් ගෙදරටම එයි. (නද)
නියමයි නාලක. සිරි රට දේ සිය සැප දේ.(නදී)
ආ මංගල ඇමරිකාවේ එහෙමද? එතකොට එහෙ සැහෙන කට්ටිය මැරෙනවා ඇති නේද බෙහෙත් ගන්ට බැරිව. සැහෙන්න කට්ටිය ප්‍රශ්නවලට මුණ දීලා ඇති නේද. සෑහෙන්න කට්ටිය අමාරුවේ ඇත්තේ. අනේ ඔය රක්ෂනේ ඔය තරම් නරක නම් මොකෝ ඔය ප්‍රශ්න ගැන මාධ්‍යවල නොයන්නේ. මොකෝ ඇමරිකාවට වාතයක් ගියත් මෙහෙ යනවනේ.(නදී)
ඉනියා ජතාතිකවාදී නාලකට තරහ ගියාද? ඇත්ත කවුරු කිවත් කුහක කමින් බරිත උනහම ඔය ලෙඩේ හැදෙනවා. ලෝකේ හඳට ගියේ දැනට අවුරුදු 30 වැඩ කලින්. අපිට රට වටේ මුහුද තියන් ටින් මාළු ටික තවම කවන්නේ චීන්නු. ලෝකෙන් නයට කන අපි ඔහෙලා වගේ කුහකයෝ ගහන කතිරේ නිසා තමා මෙතරන් පස්සට ගිහින්න් ඉන්නේ. කඩේ යනවා නම් කියල යන්න අවුලක් නැහැ. හැබැයි මේවයේ වග කීම බාරගන්න.(නදී)
අපේ රටේ එහෙම මෙවැනි සිද්ධියක් වුනොත් එහෙම ළමයා ගොඩ ගන්න වෙන්නේ 7 දවසේ දානයට තමා.මෙතන විලාප ගහන්නේ නැතුව අවසන් කටයුතුතු සුදානම් කරන්න කියා අවට මිනිස්සු දෙමාපියන් ගෙදර යවයි.එක් අතකට අපිට කොයින්ද අධි සංවේදක උපකරණ ,බැකෝ එකක් හයර් එකකට ගෙන්නා ගත්තත් පැයකට අඩුම 1500/= යි. ප්‍රවාහන ගාස්තු වෙනම.කෙසේ වෙතත් නිරුපද්‍රිතව දරුවා ගොඩට ගත් ගිනි නිවන හමුදාවට පින්!! (දී)
ජිවිතේ බේරුනා නම් , ඒක ලොකු දෙයක්. වාසනාවන්ත දරුවෙක් (දී)