
තුර්කියේ දකුණු හටේ පළාතේ මුදා ගැනීමේ කණ්ඩායම් පැය 182 කට පසු වයස අවුරුදු 13 ක පිරිමි දරුවකු සුන්බුන් අතරින් බේරා ගැනීමට සමත්ව ඇත.
ඔහු ගිලන් රථයට රැගෙන යාමට සුදානම් කරන විට තමාව මුදා ගත් නිලධාරීන්ගේ අත අල්ලාගෙන සිට ඇත.මෙලෙස ආශ්චර්යයමත් මුදා ගැනීම් කිහිපයක් වාර්තා වූ වත් සුන්බුන් අතර සිර වී සිටින බොහෝ තුර්කි වැසියන්ගේ ජිවත්වීමේ බලාපොරොත්තු බොඳ වෙමින් යන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ වන විට පසුගිය 6 වැනිදා ඇති වූ රික්ටර් මාපකයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් ගත් භූමි කම්පාව සහ පසු කම්පන හේතුවෙන් මියගොස් ඇති තුර්කි සහ සිරියානු වැසියන් ගණන 37000 සීමාව පසු කර ඇත.
තුර්කියේ කඩ වැටී ඇති එක් තෙමහල් ගොඩනැගිල්ලක් එකම පවුලේ පරම්පරා තුනක් සිරවී සිටින බවත් ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා ඔවුන් වෙත ළඟා වීමට උත්සහ ගනිමින් සිටින බව මුදා ගැනීමේ කණ්ඩායම් ප්‍රකාශ කර තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd