IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පින්තූරෙ ගන්න ගිහින් දරුවා ගඟට බිලි

පාලමක් මත සිටගෙන ඡායාරූප ගැනීමේ සිහියෙන් පසුවූ පියාගේ කර මත සිටි සිගිති දියණිය පහළින් ගලා ගිය ගඟට වැටී මියයාමේ දුක්මුසු පුවතක් ඉන්දියාවේ හයිද්‍රබාද් ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

මියගිය දරුවාගේ වයස යන්තම් මාස 18 කි.බි‍්‍රතාන්‍යයේ පදිංචිව සිටින තම දෙමව්පියන් හා සොහොයුරන් දෙදෙනා සමග ඇය මව්රට වන ඉන්දියාවට පැමිණ ඇත්තේ  පියාගේ ඥාතියෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වීමටය.

මේගා රෙඩ්ඩි නම් වන පියා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.ඔහු තම දියණිය කර මත තබාගෙන පුතුන් දෙදෙන හා බිරිද සමඟ ප‍්‍රදේශයේ පාලමක් නැරැඹීමට ගොස් තිබේ.පාලමේ බැම්මට වාරු දීගෙන සිටගෙන ඇති ඔහු දියණියත් කර මත තබාගෙනම තමන්ගේ ඡායාරූපයක් ගන්නැයි බිරිදට උපදෙස් දී ඇත.

ඡායාරූපයට පෙනී සිටීමට දඟලද්දී කර මතින් ලිස්සා ගොස් ඇති සිගිති දියණිය පාලමට පහළින් ගලායන ගඟට වැටිණි.

පියාගේ කෑගැසිම් අසා වහ වහා එතැනට පැමිණි අවට පදිංචිකරුවන් පොලිසියත් සමග එකතුව සිගිති දියණිය සොයාගැනීමට දැරූ උත්සාහය සාර්ථක වුවත් ඒ වන විට සිගිති දියණිය මෙලොව හැරදා ගොස් තිබුණි.

දෙමව්පියන් තම දරුවන් ගැන මීට වඩා සැළැකිලිමත් විය යුතුයැයි දරුවා මියගිය සොවින් හඩාවැළපෙන දෙමාපිය යුවළ දුටුවන්ගේ අදහස විය.



අදහස් (0)

පින්තූරෙ ගන්න ගිහින් දරුවා ගඟට බිලි

දයා - සෞදි Monday, 19 August 2013 04:20 PM

බොහොම කනගාටු සිද්ධියක්, වෛද්‍යවරයෙක් වුනත් ඉතින් අතපසුවීම වලක්වන්නට කාටද පුළුවන්. (ස) .

:       0       0

සරත් Monday, 19 August 2013 11:16 AM

දියණියක් සිටින පියෙක් ලෙස මට නම් මෙය දරාගත නොහැකියි. කුමරියනි ඔබට නිවන් සුව!!! (ස)

:       0       0

චන්දි Monday, 19 August 2013 11:20 AM

මොනවා ලියන්නද..?පපුව හිර වුණා වගෙයි නේ !!!!'' නිවන් සුව පතමු '' (ස)

:       0       0

කපූර් Monday, 19 August 2013 12:18 PM

දුකයි තමයි. ඒත් ඉන්දියාවේ ගගකට වැටුනා කියන්නෙ ගොඩ ආවත් මැරුණා හා සමානයි. ගගවල් වල අසූචි .... (නි)

:       0       0

ජයසූරිය Tuesday, 20 August 2013 10:05 AM

අපගේ ශාතිසය සංවේගය! දෙමව්පියනි, දරුවන් ගැන සැළකිලිමත් වෙන්න (නි)

:       0       0

ඇලෙක්ස් Tuesday, 20 August 2013 05:39 PM

අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත (නි)

:       0       0

හේමන්ත Monday, 19 August 2013 07:58 PM

වෘත්තිය වෛද්‍ය වුණත් මොළයක් නෑ.(ස)

:       0       0

ලංකන් Monday, 19 August 2013 02:04 PM

නොසැලකිලිමත් බවද ? මෝඩකමද ? (ස)

:       0       0

ෆයිස් Tuesday, 20 August 2013 12:25 PM

දුකයි ලියන්න දයක් නැහැ. වගේ තමා නමුත් අල්ලාහ් දවියන්ගේ කැමැත්තට සිදුවුවක් (අ)

:       0       0

සෙව්වන්දි Monday, 19 August 2013 02:21 PM

පුංචි සිඟිත්තියේ,අපි ඔබට නිවන් සුව පතමු...........(ස)

:       0       0

දර්ශන Monday, 19 August 2013 02:23 PM

වැඩිහිටි නොසැලකිලි නිසා දරුවෝ කිහිප දෙනෙක්ම අහිමි වෙති. (ස)

:       0       0

චමින්ද Monday, 19 August 2013 02:28 PM

මෙතන පින්තුර ගන්න තරම් ලස්සන ස්ථානයක් නෙමෙයි. ළමයගෙ අවාසනාව​. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site