සෞදි අරාබියේ අසරණ සරණ සිසු සහන පදනමෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල සිසු දරුවන් සඳහා මූල්‍යාධාර ලබාදීමේ වැඩපිලිවෙල යටතේ පසුගිය සතියේ සිසු දරුවන් සිවු දෙනකු සඳහා රුපියල් හතලිස් දහසක් පරිත්‍යාග කැරිණි.
ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල ඉගෙනීමට දක්ෂ සිසුන් සඳහා වසරකට රුපියල් දස දහසක බැගින් පිරිනමන මෙම අසරණ සරණ අරමුදල සඳහා රුපියල් දසදහස බැගින් සෞදි ආරාබියේ දමාම් රැකියාව කරන අතුල මෙන්ඩිස් දමාම් ලංකා බැංකු නියෝජිත බුද්ධික අමිල මහතා ඇතුළු තවත් දානපතියෝ දෙදෙනක් පිරිනැමූහ.
මෙම පදනම මගින් මේ වනවිට ලබාදී ඇති ශිෂ්‍යාධාර ප‍්‍රමාණය පනහ ඉක්මවා ඇති අතර අඩු ආදායම්ලාභී දරුවන් සඳහා ශිෂ්‍යාධාර පිරිනැමීමට කැමති අය සඳහා පහත අංකය ඇමතීමෙන් දායකත්වය ලබා ගත හැකි බව එම පදනම සඳහන් කරයි. දුරකතන අංකය 00966538604460
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසෙකට රු: 100 0කටත් අඩුයිනේ?; අතරමැදියෝ මොකටද, මම දරුවෝ තුන්දෙනෙකුට මාස්පතා උදව් කරනවා අපේ පළාතේ.
සෞදියෙන් දෙන්නේ මුස්ලිම් අයට පමණයි. (නදී)
සෞදිය ගෑවුණු කිසිම දෙකට සම්බන්ධ වෙන්න මම නම් අකමැතියි (නි)