තම 25 හැවිරිදි පෙම්වතියගේ කලිසම ‘ඉබ්බකු‘ දමා අගුලූ ලා තබාගත් අපූරු 40 හැවිරිදි පෙම්වතකු ගැන මෙක්සිකෝවෙන් වාර්තා වේ.
ඇයට පතිව්‍රතා පටියක් දැමූ බවට පෙම්වතා කියයි.
වසර 12ක්ම පෙම්වතිය මේ හිරිහැරය ඉවසීමට බැරිම තැන පොලිසියට ගොස් පැමිණිලි කළාය.
ජෝස් අන් තෝනියෝ නම් පෙම්වතා පොලිසියට ගෙනවිත් කළ ප්‍රශ්න කිරීමේදී පෙම්වතා ප්‍රකාශ කර ඇත්තේ තම පෙම්වතිය තමන්ට විශ්වාසවන්තව තබා ගැනීමට වුවමනා වූ හෙයින් මෙසේ කලිසමට ඉබ්බකු දැමූ බවයි.
පෙම්වතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය සැරසෙද්දී කළ පෙම්වතියගේ හදවත උණු විය. පෙම්වතා ඔහුගේ වැරැද්ද නිවැරදි කරගනු ඇතැයි ඇය කීවාය.
තම පෙම්වතියට යළි කිසිදු දිනෙක මෙවන් හිරිහැරයක් නොකරන බවට පෙම්වතා ගිවිසුමක්ද අත්සන් තබා පොරොන්දු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්, කෝ මේ පහන්? දාන්නකෝ හොඳ ඉබි කතාවක්.අන්න මෙක්සිකෝ වල ඉබි යතුරු දාලලු (නි)
ඔය දෙය ලංකාවට ආවොත්, යතුරු කපන අයට හොද ඉල්ලුමක් ඇති වෙන නිසා මම හෙට ඉදලා ඒ රැකියාව කරනවා (නි)
එතකොට මේ නංගී අනෙක් ශාරීරික අවශ්‍යතාවයන් ඉටුකර ගන්නේ කොහොමද? (නි)
ගාමිණී,ඇත්ත තමයි. කියලා තියෙන දේට හිනහත් යනවා (නි)
පාල මල්ලි, ඔයාට ඕවා වැඩක් නැහැ. ඉබ්බා කොහොමද වතුර නැතුව ඉන්නේ? (නි)
ඇදුමට විතරයි ඉබ්බා දාලා තියෙන්නේ? (නි)
පින් දන් කරන පිරිසට හොඳ වෙලාවේ - පෝයදාට යමු අපි මෙක්සිකෝවේ... (නි)
ඉබ්බෝ දාන්න ඕනේ කොල්ලන්ට. (අ)
සත්ව විද්‍යා ගුරුවරයා ළමයින්ගෙන් ඇහැව්වලු කකුලුවගෙයි ඉබ්බගෙයි වෙනස මොකක්ද කියල. එක ළමෙක් නැගිටලා කිව්වලු ඉබ්බාට යතුරක් තියෙනවා කකුලුවට නැහැ කියල. (දිල්)
එතකොට කොහොමද මෙයා මෙයාගේ වැඩ කරගන්නේ (දිල්)
රුප අක්කේ , අපේ කොලු ගැන්සියට මල පැනල වගේ මේ වැඩේට ..!! කෝ මේ අපේ හේරයි,දිසයි දෙන්න මුකුත් කියල නැහැනේ .., දාන්න බලන්න ඔය දෙන්නගේ අදහසත් ..!!(නදී)
රූපා අක්කේ , අපේ කොලු ගැන්සියට මල පැනලා වගේ මේ වැඩේට. කෝ මේ අපේ හේරයි,දිසයි දෙන්න මොකුත් කියල නැහැනේ .., දාන්න බලන්න ඔය දෙන්නගේ අදහසත් ..!!(නදී)
ඕක කඩලා මෙම කාන්තාවට නිදහස ලබා දෙන්න එක කොන්ද පන තියෙන පිරිමියෙක් මෙක්සිකෝවේ හිටියේ නැද්ද?(නදී)
කොල්ලන්ට කරන අපහාසයක්
කාන්තාවට නිදහස ලබා දෙන්න එක කොන්ද පණ තිබෙන පිරිමියෙක් මෙක්සිකෝවේ සිටියේ නැද්ද? (නි)
රට වටකර වැට බැන්දත්,කට වටකර වැට බඳින්න බෑ කියලා මම ඉගෙන ගත්තේ අපේ මුත්තා ගෙන් චන්දි නගෝ.මට මොකටද ඔය මෙක්සිකන් ඉබ්බෝ? (නි)
ඔය දේ ලංකාවට ආවොත්, යතුරු කපන අයට හොද ඉල්ලුමක් තිබේවි (නි)
සමන්, ඉබ්බා දාන්නේ වතුරට... (නි)
ඉබ්බා දැම්මට මට නම් විශ්වාස නැහැ (නි)
අයියෝ! ඉබ්බා ඉදිරියෙන්නේ ඉන්නේ ... (නි)
කලිසමට ඉබ්බා දැම්මට, එතකොට කලිසමේ ෂිප් එක? (නි)
ඉබ්බාට තියෙන සනීපෙ (නදී)
නියම ශ්‍රී ලංකික බව පේනවා (දිල්)
මොන බොරුද මේ. එතකොට ඕන එපා කම් කරගත්තේ කොහොමද? (නදී)
ප්‍රියා ඔයාගේ කටට ඉබ්බා දාන්න ඕනේ.(නදී)
ඉබ්බෙක් දැමූ එක වැරදියි නේද? (නි)
ඉබ්බෝ දාලා ආරක්ෂා කරන්න තරම් වටිනවද? (නි)
කණගාටුයි (නි)
මෙයා ගාව ඩුප්ලිකේට් යතුරක් තියෙන්න ඇති. (නි)
සදුනි, ඇයි එහෙම කියලා නැවැත්තුවේ, ඔයාට ඊට වැඩිය දෙයක් වෙලාද? ඔයාට මොනවද දාලා තියෙන්නේ? (නි)
අගුල් දමන්න ඕනෑ හදවතටනේ. (නි).
අනෙක් ශාරීරික අවශ්‍යතා ඉටුකරගත්තේ කොහොමද ? (නි)
එක අතකට මේවා මානසික රෝග. (නි)
අනේ ඕක අපේ නෝනට නම් කියන්න එපා. මගේ කලිසමටත් ඉබ්බෙක් දායි. ඇදුම ගැලවූ විට නෝනට / මහත්තයට ඉබේම කෙටි පණිවුඩයක් යැවෙන බෙල්ට් එකක් හැදුවා නම් පුදුම විදියට අළෙවි වෙයි (නි)
එතකොට ගවුමක් ඇන්දොත් ඉබ්බා දාන්නේ කොහොමද? (නි)
ඉස්සර රජවරු තමන්ගේ අන්ත:පුරයේ බිසෝ වරුන්ට ඔය විදියේ අගුලු දැම්මලු. ඔය ඉපදිලා ඉන්නේ ඒ පරණ රජ කෙනෙක් වෙන්න ඇති. (අ)
ඒකනේ. මේ කෙනා පුදුමාකාර අපරාධයක්නේ කරලා තියෙන්නේ. (නි)
ඕක ඇදුමකට දැම්මා කියලා වැඩක් වෙයිද? (නි)
දිල් කියන එක ඇත්ත. ඒවුනත් හොර යතුරක් කාන්තාව කපා ගත්තොත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. (ත)
ලංකාවට නම් එවන්න එපා....ඉබ්බා තියෙද්දී දියේ දාන කට්ටිය මෙහෙ ඉන්නේ. (ත)
මැක්සිකෝවේ එහෙම කලත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ ..... (ත)
මේ වැඩේ හරිද?
මුද්දර වාටියක් දැම්ම නම් අත්සන දිනය දාලා ඉවරනේ?(දිල්)
වහනවා නම් ඔක්කොම දොරවල් වහන්න ඕනේ!!! (ස)
ඉබ්බාව දැකලා අපේ අදහස් දමන ගෙම්බෝ බක..බක... ගානවා (නි)
සමන්, මෝඩ කතා කියන්න එපා (නි)
වැඩේ හොදයි. නමුත් එය පැළදූ ස්ථානයේ ගැටළුවක් තිබෙනවා. මම හිතන්නේ එම ස්ථානය නිවැරදි නැහැ (නි)
ඉබ්බෝ නම් මොනවද අනේ? (නි)
දැන් මෙයට 25 නං මෙයා පෙම් කරන්න පටන්ගෙන තියෙන්නේ 13 නේ එතකොට..... (ස)
අනේ මන්ද මොනවා කියන්න ද (අ)
මට නම් බයක් දැනෙනවා (අ)
මෙයා පෙම්වතෙක්ද ? ගොන් පුතෙක්ද ? (අ)
ඔහොම ඉබ්බා දැම්මට වැඩක් නෑ. (ත)
ඉබ්බෙක් දාන්නේ නැතුව කැපෙන බ්ලේඩ් තලයක් වගේ එකක් දැම්මා නම් ඉවරනේ (නි)
ඉබ්බෝ නෙමෙයි සිංහයෝ මුරට දැම්මත් අවස්ථාව ලද කල කුමන ස්ත්‍රියද වරදේ නොබැදෙන්නේ? (නි)
ඉබ්බෝ ගලවන්න හනිකට අපි යමු මෙක්සිකෝවේ... (නි)
ඔය ළමයට තිබුනේ කොල්ලාගේ කලිසමටත් ඉබ්බෙක් දාන්නනේ. (නි)
ඉබ්බත් පව්! අපි උන් බේරාගත යුතු වේ (නි)
මගේ මහත්තයා අද ඉදලා මටත් ඉබ්බෙක් දානවා කිවුවා. මට හෙටට 68යි වයස. කොහොමද අපේ ආදරේ? (නි)
සමන් , එතකොට ඉබ්බා දාන්නේ කොහොමද කියලා මම පසුව කියන්නම් (නි)
අම්මෝ! ඉබ්බන්ව නං විශ්වාස කරන්න අමාරුයි.ඉබ්බියෙක් ළගපාත ඉන්නවා කියලා දැනුනොත් ඉතින් අහන්න දෙයක් නැහැ.මම නං හිතන්නෙ ලාකඩ සීල් එක තමයි වඩාත් සුදුසු.තැපැල් කන්තෝරුවේ වගේ දිනේ සමග සීල්එක ගැහුවා නම් හරි.පිටතට පෙනෙන්නෙත් නැහැ. (නි)
ඉබ්බා ඔහේ හිටපුදෙන්. අපි වෙන ක්‍රමයක් හදමු. (නි)
මේකනේ සමන් වැඩේ. ගවුමක් ඇන්දත් ඉබ්බා දාන්න ප්‍රශ්නයක් ඇතිවේවි කියලා මම හිතන්නේ නැහැ. (නි)
කෝ මේ කුමාරිහාමි? එයා ඉබ්බෝ නැතුව පතිවත ආරක්ෂා කරගන්නා හැටි කියලා දෙයි (නි)