තම 25 හැවිරිදි පෙම්වතියගේ කලිසම ‘ඉබ්බකු‘ දමා අගුලූ ලා තබාගත් අපූරු 40 හැවිරිදි පෙම්වතකු ගැන මෙක්සිකෝවෙන් වාර්තා වේ.

ඇයට පතිව්‍රතා පටියක් දැමූ බවට පෙම්වතා කියයි.

වසර 12ක්ම පෙම්වතිය මේ හිරිහැරය ඉවසීමට බැරිම තැන පොලිසියට ගොස් පැමිණිලි කළාය.

ජෝස් අන් තෝනියෝ නම් පෙම්වතා පොලිසියට ගෙනවිත් කළ ප්‍රශ්න කිරීමේදී පෙම්වතා ප්‍රකාශ කර ඇත්තේ තම පෙම්වතිය තමන්ට විශ්වාසවන්තව තබා ගැනීමට වුවමනා වූ හෙයින් මෙසේ කලිසමට ඉබ්බකු දැමූ බවයි.

පෙම්වතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය සැරසෙද්දී  කළ පෙම්වතියගේ  හදවත උණු විය. පෙම්වතා ඔහුගේ වැරැද්ද නිවැරදි කරගනු ඇතැයි ඇය කීවාය.

තම පෙම්වතියට යළි කිසිදු දිනෙක මෙවන් හිරිහැරයක් නොකරන බවට පෙම්වතා ගිවිසුමක්ද අත්සන් තබා පොරොන්දු වී ඇත.