IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුතාගේ සිරුර වසර 18 ක් ගෙදර

මිය ගිය පුතාගේ සිරුර වළනොදමා වසර 18 ක් තිස්සේ සංරක්ෂණය කරමින් තබාගෙන සිටිනා මවක ගැන බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වේ'ජොනී බැකර්ඞ්සි මිය යන විට 22 වැනි වියේ පසුවිය.ඔහු එක්දරු පියෙකි.

ඔහුගේ මළගම දා සිරුර වළදැමිමට ඉඩ දුන්නේ නම් ඔහුගේ මව නොවේ.ඇයගේ අදහස වූයේ ජොනී ගේ පුත්රුවන එනම් තම මුණුබුරා ලොකු මහත් වනතෙක් ජොනීගේ සිරුර කල් තබා ගත යුතු බවයි.

‘‘මගේ මුණුබුරා තවම පොඩි එකෙක්.තාත්තාගේ ආදරය ලබන්න ඔහුට නොහැකි වුණා.සිරුර තියාගත්ත නිසා අඩු ගණනේ මගේ තාත්තා මේ වගේ කියලවත් හිතල ඔහුට සැනසෙන්න පුලූවන් වෙයි‘‘ ඇය කියන්නීය.

සිරුර කල්තබා ගැනීමට ඇය නොයෙක් ක‍්‍රම භාවිතා කරන්නීය.වසරක් පාසා ජොනීගේ උපන්දිනයද සමරන ඇය එදිනට ජොනීගේ සිරුරට අලූතින් ඇදුමක්ද අන්දවන්නීය.

‘‘මම දැන් වයසයි.ඉස්සර වගේ මගෙ ජොනීව බලා ගන්න අමාරුයි.ඒත් මම අත්හරින්නේ නැහැ.මගේ මුණුබුරා ලොකු වෙනකම්ම ජොනී මාත් එක්ක හිදීවි‘‘ ඇය කියන්නීය.

 

 

 



අදහස් (0)

පුතාගේ සිරුර වසර 18 ක් ගෙදර

වරුණ Monday, 09 September 2013 12:06 PM

ධාරක ස්නේහය (දී)

:       0       0

නිරෝෂා Tuesday, 10 September 2013 09:06 AM

කිසා ගෝතමියට ජීවිතේ ගැන කියා දෙන්න බුදුන් වැඩ සිටියා. අම්මේ, ඔබට මේ සංසාර දුක ගැන, ජීවිතේ ගැන, කියා දෙන්න ඇති වෙන හැම දේම නැති වෙන බව කියා දෙන්න කවුද ඉන්නේ?. දරුවා රැක ගැනීමේ ඔබේ උත්සාහය මහමෙරක් තරම් අගේ කලත් දරු සෙනෙහස නිසා ඔබ බැදී ඇති භව තණ්හාව දුරු කරන්නත් සත්‍ය ඔබට පසක් කිරීමටත් කිසිවකුගේ අවධානය යොමු වේවා කියා පතනවා. (ස)

:       0       0

වීර Monday, 09 September 2013 06:50 PM

මේකත් හරියට බුද්ධ කාලයේ හිටපු කිසා ගෝතමියගේ කතාව වගේ.(නදී)

:       0       0

රූපවතී Tuesday, 10 September 2013 10:09 AM

ඇත්තටම දරුවන් පණ පිටින් මහා මඟ දමලා යන අපේ රටේ අම්මලට තවත් අම්මා කෙනෙක් දරු දුකක.. නිම් නැති අගය කියාපාන හැටි හරිම දුක්බරයි..!! අම්මේ ඔබට සත්‍ය වැටහී ..දුකින් මිදී මේ භාවයේ සංසාරය කෙලවර කර ගන්නට වාසනාව ලැබේවා ... !!! (ස)

:       0       0

කුමාරි Monday, 09 September 2013 01:26 PM

සියලු සංස්කාරයෝ ඇති වෙන නැති වෙන බව මව්නි ඔබට වැටහේවා !! කායික මානසික සුවය ලැබේවා !! (ස)

:       0       0

පාලිත Monday, 09 September 2013 01:46 PM

අනේ.............මෙයා බුදු දහම චුට්ටක්වත් දැනගෙන හිටියා නම්...... (ස)

:       0       0

චමත් Wednesday, 11 September 2013 10:08 PM

කොහොමද වැස්ස දවසක ජොනීට පණ ඇවිත් අම්ම ලඟට ගියොත්?(නදී)

:       0       0

සමන් Monday, 09 September 2013 02:30 PM

ආදර මගේ අම්මා. (ස)

:       0       0

ෂෙරිෆ් Monday, 09 September 2013 10:17 PM

අම්මා කිව්වොත් එක්කෙනයි බොරු නැති. (නදී)

:       0       0

හේමන්ත Monday, 09 September 2013 02:54 PM

කොයි අම්මත් මෙහෙම තමයි. ලෝක ධර්මයට ගරු කරලා දරුවකුගේ සිරුර ගෙදරින් ගෙන යන්න ඉඩ දුන්නත්, හැම අම්මා කෙනෙක්ම කැමති, මමියක් ලෙස හෝ තමන්ගේ දරුවා ළඟ ඉන්නවා නම්. (ස)

:       0       0

රන්ජනී Monday, 09 September 2013 10:54 PM

පුදුමයක්! එංගලන්තේ මිනිස්සු, විශේෂයෙන් ගැහැණු කව්රුහරි මැරුණහම ගෙටවත් ගන්නේ නැහැ.මිනිය බලන්නේවත් නැහැ. තරුණ අය මැරෙන්නෙත් කලාතුරකින්නේ.කොහොම වුණත් ඒ අම්මා ඉන්න තැනක් හොයලා අපේ පන්සලකට එක්කගෙන ගිහින් ධර්මය අවබෝධ කරලා දෙන්න තියෙන්නේ. (නි)

:       0       0

නිල්මිණී Monday, 09 September 2013 03:21 PM

දුක හිතෙන කතාවක්, පව් අම්මා ..... (ස)

:       0       0

හේමාල් Tuesday, 10 September 2013 01:10 AM

ආදර අම්මේ ..... (නි)

:       0       0

උදය Wednesday, 11 September 2013 05:38 PM

ආදරය වියෝව දර ගත නොහැකි වුන විට අප කව්රුත් නොයෙක් දේ කරන්න පෙළබේ (අ)

:       0       0

මිතුන් Tuesday, 10 September 2013 02:06 AM

ආදර කරුණා දයාගුණ සාගරය පරදයි නොමියෙන ගිනි උසුලන හද... (නි)

:       0       0

ජයා Monday, 09 September 2013 04:14 PM

මගේ අම්මා දැන් ඉන්නවා නම් කියලා හිතෙනවා. කොපමණ අපට ආදරේ කරන්න ඇතිද? (ස)

:       0       0

ටිරල් Monday, 09 September 2013 04:37 PM

දුක හිතෙන කතාව. මම ආගමක කෙනෙක් .අම්මා බුදු දහම චුට්ටක්වත් දැනගෙන හිටියා නම්? හීත් නිදහස් කරගන්ට. (ස)

:       0       0

කුසුම් Tuesday, 10 September 2013 07:37 AM

අම්මා වරුණේ..... අම්මා වරුණේ..... දරු වන්ගේ දුක් කදුළු දකින දා සුරලොව අත පා ඒ කදුළේ ........(අ).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site