කුඩා කල නිසි පරිදි ආදරය හා රැකවරණය ලබා නොදුන්නේයැයි සිය දෙමව්පියන්ට එරෙහිව නඩු පවරා ඇති පුතෙකු ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයෙනි.
ඩොලර් ලක්ෂ දෙකක රුපියල් වන්දි මුදලක්ද බර්නාඞ් බේ නම් මේ තිස් දෙහැවිරිදි පුත‍්‍රයා බලාපොරොත්තු වේ.
වයස අවුරුදු තිස්දෙකක් වුවද බර්නාඞ්ට තවම හරිහමන් රැකියාවක් නැත.සොරකමේ යෙදී අසුවීම නිසා කිහිප වරක් සිරදඩුවම්ද විද තිබේ.හිසට සෙවණක්ද නැත.මේ සියල්ලට වගකිව යුත්තේ සිය දෙමව්පියන් බව ඔහු පවසන්නේය.
‘‘ඔවුන් මට තලන පෙලන එකමයි කරේ.එක මොහොතක් වෙන්කළේ නෑ මා ගැන සොයාබලන්න.ඉවසල ඉවසල බැරිම තැන මම ගෙදරින් පැනල ආවා.එතකොට මගේ වයස අවුරුදු දොළහයි.එදා ඉදන් මම ජීවත් වුනේ පාරේ.මගේ දෙමව්පියෝ තමයි මට මෙහෙම වෙන්න ඉඩ හැරියේ.ඔවුන් සම්පූර්ණයෙන්ම වගකීම භාරගන්න ඕනෑ‘‘ කියන්නේ බර්නාඞ්ය.
බර්නාඞ්ගේ මව් නම් පවසන්නේ සිය පුත‍්‍රයා ජීවිතේට අතක් පයක් වෙහෙසා වැඩ කළ පුද්ගලයෙකු නොවන බවයි.ඩොලර් ලක්ෂ දෙකක් තබා ඩොලර් විස්සක් වත් දීමට තරම් තත්ත්වයක් තමන්ට නොමැති බවත් ඇය කියන්නීය.සත්‍ය නඩුවේදී එළිදරව් වනු ඇතැයි ඇය අපේක්ෂාවෙන් සිටින්නීය.
සිය දෙමව්පියන් තමන් හා සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති නම් තමන් නඩුව ඉල්ලා අස්කර ගන්නා බව බර්නාඞ් කියයි.මුදල් ඉල්ලන්නේ තමන්ගේ ප‍්‍රයෝජනයට නොව පවුලේ ව්‍යාපාරයක් පටන් ගැනීමට බව ඔහු පවසයි.දෙමව්පියන් තමන්ට සැළකූ ලෙසට ඔවුනට සැළැකීමට තමන්ගේ අදහසක් නොමැති බවත් ඔහු අවධාරණය කර සිටී.
COMMENTS
ශීල, ඔවු දැන් එච්චරයි අඩු. ඒකත් ගේමු. ඕනෑම කුණුගොඩක් එතෙර නම් හරි නේද ?(නි)
මෙහෙමත් දරුවෝ? මේ ගතිගුණ නිසා වෙන්න ඇති ගෙදරිනුත් පන්නන්න ඇත්තේ (නි)
ඔවුන්ගේ ආගමි සහ සංස්කෘතිය අනුව මේ වගේ දේවල් වලට උත්තර නැහැ. (නි)
කිසිම සැලැස්මක් නැතිව දරුවන් හදා ළමයින් අනාත කර දමන අපේ දෙමාපියන්ටත් පාඩමක් ඉගැන්වීමට මෙම නීති මෙහාටත් ගෙනෙන්න. (නි)
ඔබ දුප්පත් වී ඉපදිය හැකිය. නමුත් ඔබ දුප්පතෙක් විදිහට මිය යයි නම් එය ඔබේ වරදක්. ගෙදරින් පැනලා හොද මිනිහෙක් විදියට වැඩක් කළා නම් ඔබ අද දියුනු මනුස්සෙක්. අපේ අයටත් මේවා පාඩම් (නි)
මෙතන ඇත්ත කතාව මොකක්ද කියලා අපි කව්රුත් දන්නේ නැති වුනාට ගොඩක් දරුවන් දුක්විදින්නේ දෙමාපියන් නිසා. ඒක තමයි ඇත්ත. ළමයින්ව හරියට හදන්න බැරි නම් නොහදා ඉන්න තිබුනා. දෙමව්පියන්ගේ වැරදි තීරණ නිසා දුක්විදින්නේ අසරණ දරුවෝ.(නදී)
දඩුවම් කරලා අම්ම අප්පගේවත් ආදරේ බලෙන් ගන්න බැහැ.නුගත්කමට හෝ නොතේරුම්කමට දෙමාපියන්ගෙන් වරදක් වුනත් ඒ අය මා මෙලොවට බිහි කළාය කියන පරමාර්ථයෙන් ඒ අයට සලකන්න.දෙමාපියන්ගෙන් දෙයක් නොලැබුනත් කුලී වැඩ කරලා ඒ අය රැකබආ ගන්න දරුවෝ ඕනෑ තරම් මේ ලෝකේ ඉන්නවා.(නි)
මේ කතාව ගැන එතරම් හිතන්න දෙයක් නැහැ. අතීතයේ අපේ රටේ කහ කෑල්ලටත් අම්මාගේ බෙල්ල කපපු පුතාලා ඉඳලා තියනවා අපි අහලා තියෙනවා. (නි)