තම එකම දරුවා වසර 30 ක් පුරා ගලින් සැදු කුටියක සිරකරගෙන සිටිනා දෙමාපිය යුවළක් ගැන වාර්තා වන්නේ චීනයෙනි.

ඔවුන්ගේ දරුවා වන ඩොන්ග් හයි දැනි 46 හැවිරිදිය.කුටියේ සිරකර සිටි වසර 30 ක කාලය පුරාවටම ඔහු එළියටවත් පැමිණ නැත.

ඩොන්ග් වටොවු හා ඔහුගේ බිරිඳ වන ක්ෂියා ඕ හොන්ග් ජීවත් වන්නේ චීනයේ ගිණිකොන දිග ෆුජියාන් ප‍්‍රදේශයේය.ඩොන්ග් හයි කුඩා කල මානසික රෝගියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළේ යැයිද රෝහල් කිහිපයක්ම කරා රැගෙන ගියත් ඒවායින් තම දරුවා භාරගැනීම ප‍්‍රතික්ෂේප කළ නිසා ප‍්‍රතිකාර ලබාගැනීමට නොහැකි වූයේ යැයිද මොවුහු කියති.

මෙනිසා පසුවට තම දරුවාගෙන් තමන්ටත් අසල්වාසීන්ටත් කරදර සිදුවේයැයි බියෙන් මෙසේ ඔහුව කුටියකට දමා තැබීමට කටයුතු කළ බව මේ දෙමාපියන් දෙපළ කියයි.

ඩොන්ග් හයිට කෑම දෙනුයේ කුටියේ බිත්තියේ සිදුරකින් ඔහුගේ මළ අපද්‍රව්‍ය රාක්කයකින් පිටතට අදියි.පෙරකී බිත්තියේ වූ සිදුරින්ම යැවෙන වතුර පහරකින් කුටිය සෝදා හරිනු ලැබේ.

තම දරුවා සුවකිරීමට සේසතම වැය කළේයැයි කියන මේ දෙමව්පියන්ට දැන් හරිහමන් රැකියාවක්ද නොමැත.තමන් නැති දවසකදී තම දරුවා බලාගන්නේ කවුදැයි ඔවුහු බියෙන් සිටිති.