ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ඉන්ඩෝර් නගරයට ආසන්නව කැලයක පණපිටින් වළදමා ගොස් සිටි දිනක් පමණක් වයසැති බිළිඳියක් සොයා ගත් නමුත් ඇය රෝහලේදී මිය ගියාය.
ඇය රෙද්දක ඔතා ඇගෙන් භාගයක් පමණ වැසෙන සේ වළදමා තිබී ඇත.
වැවිලිකරුවකු වන මංගිලාල්ට (32) සතකු කෑ ගසන ශබ්දයක් ඇසී සොයා බැලීමේදී වළදාමා ගොස් සිටි බිළිඳිය හමු වී තිබේ. බිළිඳිය වන සතුන්ගෙන් බෙරී සිටීම පුදුමයක් බව ඔහු පවසයි.
නාසයෙන් හා මුඛයෙන් ලේ ගලමින් තිබී ඇත. බිළිදිය වහා රෝහල කරා ගෙන ගොස් ඇති නමුත් අධික ලේ ගැලීම හේතුවෙන් ඇය රෝහලේදී මිය ගියාය.
රෝහල් වාර්තා පරීක්‍ෂා කරමින් බිළිඳියගේ දෙමව්පියන් සොයා ගැනීමට එරට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. ඉන්දියාවේ ගැබ් නැසීම් වලට ප‍්‍රබල හේතුවක් වන්නේ ඔවුන් ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන්ට බොහෝ සෙයින් ඇළුම් කිරීම බව ඔවුන් සඳහන් කරයි. මේ සිදුවීම සඳහාද එවැනිම හේතුවක් බලපෑ හැකි බවට ඔවුන් සැක පළ කරයි.
සෞඛ්‍ය ලිපි ලේඛන වලට අනුව වසරකට ඉන්දියාවේ ගැහැණු දරුවන් ලක්‍ෂ 5ක් පමණ ගබ්සාවට ලක් වෙතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව ක්‍රිකට් නෙමෙයි මොන විදියට ප්‍රසිද්ධ වුනත් වැඩක නැහැ, මේ වගේ අපරාද වෙනකොට... (නි)
අපේ රටෙයි ඉන්දියාවෙයි සන්සන්දනය කරන්ඩ පුලුවන් හොදම තිරස්චීන වැඩ පිලිවෙල තමා ඔය ලදරු මරණ වලට මුල පුරන දෙමවිපිය එකතුව. මෙවන් දෙමව්පියන් ලද දරුවන් කොච්චර පව් කර ඇතිද?(නදී)
කෝ මේ ජයලලිතා? අපේ දේවල් වලට කැගැහුවට මේවගේ දේවල් වලට එයා නැද්ද? (නි)
මේ වගේ අයව මේ ලෝකේ තියන්න හොඳ නෑ. මේ වගේ අපරදකාරයෝ මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති.(නදී)