IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පණපිටින් වැළලු දරුවා රෝහලේදී මරුට

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ඉන්ඩෝර් නගරයට ආසන්නව කැලයක පණපිටින් වළදමා ගොස් සිටි දිනක් පමණක් වයසැති බිළිඳියක් සොයා  ගත් නමුත් ඇය රෝහලේදී මිය ගියාය.

 ඇය රෙද්දක ඔතා ඇගෙන් භාගයක් පමණ වැසෙන සේ වළදමා තිබී ඇත.

වැවිලිකරුවකු වන මංගිලාල්ට (32) සතකු කෑ ගසන ශබ්දයක් ඇසී සොයා බැලීමේදී වළදාමා ගොස් සිටි බිළිඳිය හමු වී තිබේ. බිළිඳිය වන සතුන්ගෙන් බෙරී සිටීම පුදුමයක් බව ඔහු පවසයි.

නාසයෙන් හා මුඛයෙන් ලේ ගලමින් තිබී ඇත. බිළිදිය වහා රෝහල කරා ගෙන ගොස් ඇති නමුත් අධික ලේ ගැලීම හේතුවෙන් ඇය රෝහලේදී මිය ගියාය.

රෝහල් වාර්තා පරීක්‍ෂා කරමින් බිළිඳියගේ දෙමව්පියන් සොයා ගැනීමට එරට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. ඉන්දියාවේ ගැබ් නැසීම් වලට ප‍්‍රබල හේතුවක් වන්නේ ඔවුන් ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන්ට බොහෝ සෙයින් ඇළුම් කිරීම බව ඔවුන් සඳහන් කරයි. මේ සිදුවීම සඳහාද එවැනිම හේතුවක් බලපෑ හැකි බවට ඔවුන් සැක පළ කරයි.

සෞඛ්‍ය ලිපි ලේඛන වලට අනුව වසරකට ඉන්දියාවේ ගැහැණු දරුවන් ලක්‍ෂ 5ක් පමණ ගබ්සාවට ලක් වෙතියි කියති.



අදහස් (0)

පණපිටින් වැළලු දරුවා රෝහලේදී මරුට

ටෙෂාන් Saturday, 06 July 2013 09:52 AM

ඉන්දියාව ක්‍රිකට් නෙමෙයි මොන විදියට ප්‍රසිද්ධ වුනත් වැඩක නැහැ, මේ වගේ අපරාද වෙනකොට... (නි)

:       0       0

ශෂිනි Saturday, 06 July 2013 11:29 AM

අපේ රටෙයි ඉන්දියාවෙයි සන්සන්දනය කරන්ඩ පුලුවන් හොදම තිරස්චීන වැඩ පිලිවෙල තමා ඔය ලදරු මරණ වලට මුල පුරන දෙමවිපිය එකතුව. මෙවන් දෙමව්පියන් ලද දරුවන් කොච්චර පව් කර ඇතිද?(නදී)

:       0       0

සිසිර Sunday, 07 July 2013 01:13 PM

කෝ මේ ජයලලිතා? අපේ දේවල් වලට කැගැහුවට මේවගේ දේවල් වලට එයා නැද්ද? (නි)

:       0       0

සමන් Saturday, 06 July 2013 03:59 PM

මේ වගේ අයව මේ ලෝකේ තියන්න හොඳ නෑ. මේ වගේ අපරදකාරයෝ මේ ලෝකේ කොහෙවත් නැතුව ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 896 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site