හිසට සෙවණක් නොමැති කමින් තම මළ මිතුරාගේ සොහොන් ගැබ අවුරුදු 13 ක් පුරාවට තම නිවහන කරගෙන සිටින පුද්ගලයෙකු ගැන බ්‍රසීලයේ සිටී.

ෆාබියෝ ඛෙරාල්ඩෝ රිගෝල් නම් වන මේ පුද්ගලයා මුලින් බ්‍රෝකර්වරයෙකු ලෙස සේවය කර තිඛෙන අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා රැකියාව අහිමි කර ගෙන ඇත.

ඔහුගේ ක්‍රියාකලාපය නිසාවෙන් පවුලේ සාමාජිකයින්ද ඔහු  පිටුදැක ඇති අතර කිසිවෙක් නොමැතිව අසරණ වූ තමා හට අවසානයේ පිහිටට පැමිණියේ තම මළ මිතුරා බව ෆාබියෝ කියයි.

සොහොන් ගැබේ මළ මිතුරාගේ ඇට සැකිල්ල පවා ඇති බවත් නමුත් එය තමන්ට බිය ගෙන දෙන කරුණක් නොවන බවත් ඔහු පවසයි.

ෆාබියෝ දවසේ වැඩි කාලයක් ගත කරන්නේ සොහොන් ගැබේ හෝ සොහොන ගැබ පිහිටන සුසාන භූමියේය.ඔහු සුසාන භූමියෙන් පිටතට පැමිණෙන්නේ කුසට අහරක් සොයාගැනීමට අවශ්‍ය වුවහොත් පමණි.

ජීවත්වන්නවුන්ට වඩා මළවුන්ට තමන් ආදරය කරන බව කියන ෆාබියෝ තම දුක්ගැනවිල්ල නිහඩව අසා සිටීමට හැකියාව ඇති එකම පිරිස ඔවුන් පමණක් යැයි කියයි.

වැඩි කාලයක් මෙතැන ජීවත් වීමට අදහසක් තමන්ගේ නොමැති බවත් ජීවිතය ජය ගැනීමට තවත් අවස්ථාවක් ලැබේ යැයි තමන්ට දැඩි විශ්වාසයක් ඇති බවත් ඔහු පවසයි.