පිටසක්වල ජීවය පවතින බවට සාක්කි සොයාගත හැකි වියැයි බි‍්‍රතාන්‍යය පර්යේෂණ කණ්ඩායමක් පවසයි.

මේ පරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙන්නේ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහය.කණ්ඩායමේ අනෙක් සාමාජික පිරිස වන්නේ බි‍්‍රතාන්‍යයේ ෂෙෆීල්ඞ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක්ය.

පසුගියදා බි‍්‍රතාන්‍යයයේ චෙස්ටර්හිදී දැකගැනීමට හැකිවූ උල්කාපාත වර්ෂාවක් අතරතුර විශේෂයෙන් සකස් කළ බැලූනයක් ගුවන් ගත කර ඇති මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ඇතුළු පර්යේෂක පිරිස එය ආධාරයෙන් මේ සාක්ෂි සොයාගැනීමට හැකිවූ බව පවසයි.

මේ බැලූනයේ කි‍්‍රයාකාරීත්වය ගැන සදහන් කරන මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා එය උල්කාපාත වර්ෂාව පැවති කාලය අතරතුරේ ගුවන් ගත කළේ බැලූනය පසුකර යන උල්කාපාත වල වෙනත් ජීවයක් පවතින බවට සාධක තිබෙන බව සොයාගැනීම සදහා බව පවසයි.බැලූනය පසුකර ගිය උල්කාපාත වලින් සාම්පල ලබා ගැනීමේ විශේෂ ක‍්‍රමවේදයක්ද සකස් කර තිබූ බව මහාචාර්යවරයා කියයි.

පසුව බැලූනය පොළවට ගෙන එය ලබාගෙන තිබූ සාම්පල නිරීක්ෂණය කිරීමේදී සජීවී බැක්ටීරියයා කොලිනියක් හා හදුනාගැනීමට නොහැකි ජීවී විශේෂයන් 2 ක සාධක සොයාගැනීමට හැකි වූ බව මහාචාර්යවරයා පවසයි.

ඇතැම් පුද්ගලයින් පවසන්නේ මේවා පෘථීවියෙන්ම වායුගෝලයට එක්වූ ඒවා වන්නට ඇති බවයි.එම ප‍්‍රකාශ බැහැර කරන මහාචාර්ය චන්දන වික‍්‍රමසිංහ මහතා කියන්නේ පෘථිවිය මතුපිට කි‍්‍රයාකාරීත්වය සැළැකීමේදී බැලූනය ස්ථාන ගත කර තිබූ කිලෝමීටර 27 ක් උස ගුවනේ එවැන්නක් පැවතීමට හැකියාවක් නොමැති බවය