IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පච්චය පිළිකාවට අත වනයි

පච්චා කෙටීම සදහා යොදාගන්නා තීන්ත වලින් පිළිකා ඇතිවීමේ අවදානමක් ඇතැයි බි‍්‍රතාන්‍යය විද්‍යාඥ පිරිසක් කියයි.

සිරුරට නැනෝ අංශු ප‍්‍රමාණයෙන් හෝ පච්චා කෙටීමේදී යොදාගන්නා තීන්ත ඇතුළු වීමේ අවදානමක් ඇති බවත් එම තීන්ත වල අඩංගු ඇතැම් සංයෝග පිළිකා කාරකයන් වන බවත් මෙම විද්‍යාඥයෝ කියති.

විශේෂයෙන් පච්චා වර්ණ ගැන්වීමට භාවිතා කරන රතු හා කොළ තීන්තවල අන්තර්ගත රසදිය හා කොබෝල්ට් වැනි සංයෝග පිළිකා කාරකයන් ලෙස ඔවුහු හදුන්වති.

සතුන් යොදාගෙන කළ පරීක්ෂණ වලදී පච්චා කෙටීමේදී යොදාගැනෙන ඇතැම් කළු තීන්ත වර්ගය සමේ පිළිකා තත්ත්වයන් ඇතිවන බව මිට පෙර සොයාගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ කළ යුතුව ඇතත් පච්චා කෙටීම යනු පිළිකා බලෙන් ආසාදනය කර ගැනීමට පාර කපා ගැනීමක් යැයි කිසිදු සැකයක් නොමැති බව මෙම විද්‍යාඥ පිරිසේ සාමාජික වන බි‍්‍රතාන්‍යයේ බ‍්‍රැඞ්ෆර්ඞ් සරසවියේ සම හා ඒ ආශ්‍රිත පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක මහාචාර්ය ඩෙස්මන්ඩ් ටොබින් පවසයි.

දුම්වැටි හා මත්පැන් වලට කළාක් මෙන් ඉදිරියේදී පච්චා කෙටීමේදී භාවිතා කළ යුතු තීන්ත වර්ග වලටත් නීති හා රෙගුලාසි ගෙන ආ යුතුයැයි පරීක්ෂණය සිදුකළ විද්‍යාඥ පිරිසේ මතයයි.



අදහස් (0)

පච්චය පිළිකාවට අත වනයි

දුමින්ද Monday, 23 September 2013 09:36 PM

අනවශ්‍ය දේවල් කිරීමෙන් වැළකීම සෞඛ්‍යයට හොඳයි. (නි)

:       0       0

විෂ් Monday, 23 September 2013 10:12 PM

පච්ච කලාවට මොකද වෙන්නේ? (නි)

:       0       0

නිල්මිණි Monday, 23 September 2013 06:41 PM

ටිරෝන්, ඕක මකා ගන්නනම් ඇඟේ පාටට නැවත පච්චයක් කොටා ගන්න. (ස)

:       0       0

සමීර Monday, 23 September 2013 01:58 PM

බය හිතෙනවා. (ස)

:       0       0

රොෂාන් Tuesday, 24 September 2013 07:41 AM

අම්මෝ! මමත් පච්චයක් කොටන්නමයි හිටියේ (නි)

:       0       0

කරා Monday, 23 September 2013 07:06 PM

ටිරෝන්, ඔයාගේ පච්චය මකලා විතරක් මදි, මකලා හුරන්න ඕනෑ. (නි)

:       0       0

සිරි අයියා Tuesday, 24 September 2013 08:21 AM

විහින් කරගන්න දේවල්. (නි)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Monday, 23 September 2013 02:38 PM

අයියෝ මගේ පච්චය කොටා ගන්න ගිය සල්ලි මේක මකා ගන්නේ කොහොමද මන්දා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site