ඉන්දියාවේ අලි මිනිස් ගැටුම් නිසාවෙන් දෙපක්ෂයටම බරපතල හානි සිදුවේ.වසරකට 400 ක් පමණ අලි ඇතුන්ගේ ප‍්‍රහාර වලට ලක්ව මිය යන අතර දුම්රියේ ගැටීමෙන්,උගුල් වලට හසුවීමෙන් අලි ඇත්තුද විශාල වශයෙන් මරණයට පත් වෙති.
අහාර සපයා ගැනීමේ දුෂ්කරතා නිසා වගා භූමි වලට අලි ඇතුන් කඩා වැදීම අලි මිනිස් ගැටුම් ඇතිවීමට ප‍්‍රධානතම හේතුව ලෙස හදුනාගෙන තිබේ.
මේ තත්ත්වය මගහැරවීමට ඉන්දීයාවේ පරිසර අමාත්‍යංශය ගොවියන්ට උපදෙස් දී තිබෙනුයේ කන්නයෙන් කන්නයට වගාවන් මාරු කරන ලෙසයි.මිරිස් වගාව වගාවන් අතරට එක් කර ගන්නයැයි ඉන්දීය පරිසර අමාත්‍යංශය ගොවියන් දැනුම්වත් කර ඇත.
අලි ඇත්තුද මිරිස් ගඳ අපුලතාවක් දක්වති.ඉන්දීයාවේ බළධාරීන්ගේ මේ වෑයම එය මාර්ගයෙන් අලි මිනිස් ගැටුමට විසදුමක් සොයා ගැනීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම වටේට මී මැසි වගාවක් දැම්මා නම් අලි කරදරේට හොඳ විසදුමක් හා ගමට හොඳ ආදායමක් එනවා. අලියෙකුට කිලෝමීටර 12-15 ඈතට මී මැසි ශබ්දය ඇසෙන අතර එය උන්ට මහත් හිසරදයකි. (නි)
අපේ මිනිස්සුන්ට මිරිස් හිටවන්න කිවුවොත් කියාවි මිරිස් පැල ඉන්දියාවෙන් ගෙනත් දෙන්න කියල (දී),
වැඩක් නැහැ ඕවා කියලා. මී මැසි ජනපද හැදීම.අන්නාසි සිටුවීම,දෙහි වැනි කටුගස් සිටුවීම කරන්න තිබුනා (නි)
අලි එළවන්න හොඳ මන්තර ඇතිනේ ඉන්දියාවේ. (නි)
එහෙනම් අපේ ගොවීන්ටත් කියමු අත් හදා බැලීමටත් එක්ක හේන් වටේ නයි කොච්චිත් හිටවන්න කියලා. අලියා බෝග හානි කරන කොට අනිත් බෝග එක්ක හැපුනොත් සොරිම තමා ? (ස)
අපේ අය මිරිස් වවන්නේ නැතුව යස අගේට අපේ අලි ටික මෙල්ල කළානේ අවසන් වුණ පුංචි ඡන්දෙන් (නි)
අලියා මෙල්ල කරන්න කටුස්සට බාරදෙමු (දී)
මේ සඳහන් කරලා තියෙන්නේ විසදුමක් සොයා ගත්තා කියලා නෙමෙයි.විසදුමක් සොයගැනිම සදහා කියලා. සමහරවිට හරියන්නත් පුළුවන්. සිල්වා මහත්තයෝ, අපේ ගොවි මහත්වරු ඉන්දියාවෙන් එනකම් බලාගෙන ඉන්නේ නැහැ. ලොකු ලොක්කන්ගේ වැරදි වලට පොඩි මිනිසුන්ට අපහාස කරන්න එපා. (නි)
මී මැසි වගාච තමයි එකම පිළියම.අලි පැත්ත පළාතෙ එන්නෙ නැහැ. (නි)
එහෙනම් ඉදිරියේදී අපිට ලාබෙට මිරිස් ඉන්දියාවෙන් ගත්තහැකියි (දී)