ඉන්දියාවේ අලි මිනිස් ගැටුම් නිසාවෙන් දෙපක්ෂයටම බරපතල හානි සිදුවේ.වසරකට 400 ක් පමණ අලි ඇතුන්ගේ ප‍්‍රහාර වලට ලක්ව මිය යන අතර දුම්රියේ ගැටීමෙන්,උගුල් වලට හසුවීමෙන් අලි ඇත්තුද විශාල වශයෙන් මරණයට පත් වෙති.
අහාර සපයා ගැනීමේ දුෂ්කරතා නිසා වගා භූමි වලට අලි ඇතුන් කඩා වැදීම අලි මිනිස් ගැටුම් ඇතිවීමට ප‍්‍රධානතම හේතුව ලෙස හදුනාගෙන තිබේ.
මේ තත්ත්වය මගහැරවීමට ඉන්දීයාවේ පරිසර අමාත්‍යංශය ගොවියන්ට උපදෙස් දී තිබෙනුයේ කන්නයෙන් කන්නයට වගාවන් මාරු කරන ලෙසයි.මිරිස් වගාව වගාවන් අතරට එක් කර ගන්නයැයි ඉන්දීය පරිසර අමාත්‍යංශය ගොවියන් දැනුම්වත් කර ඇත.
අලි ඇත්තුද මිරිස් ගඳ අපුලතාවක් දක්වති.ඉන්දීයාවේ බළධාරීන්ගේ මේ වෑයම එය මාර්ගයෙන් අලි මිනිස් ගැටුමට විසදුමක් සොයා ගැනීමයි.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි මිරිස් ගස ලොකු වැඩ කරයි
ගිහාන් Tuesday, 24 September 2013 09:54 AM
ගම වටේට මී මැසි වගාවක් දැම්මා නම් අලි කරදරේට හොඳ විසදුමක් හා ගමට හොඳ ආදායමක් එනවා. අලියෙකුට කිලෝමීටර 12-15 ඈතට මී මැසි ශබ්දය ඇසෙන අතර එය උන්ට මහත් හිසරදයකි. (නි)
ද සිල්වා Monday, 23 September 2013 03:36 PM
අපේ මිනිස්සුන්ට මිරිස් හිටවන්න කිවුවොත් කියාවි මිරිස් පැල ඉන්දියාවෙන් ගෙනත් දෙන්න කියල (දී),
දර්ශන් Monday, 23 September 2013 09:32 PM
වැඩක් නැහැ ඕවා කියලා. මී මැසි ජනපද හැදීම.අන්නාසි සිටුවීම,දෙහි වැනි කටුගස් සිටුවීම කරන්න තිබුනා (නි)
ධම්ම Monday, 23 September 2013 04:37 PM
අලි එළවන්න හොඳ මන්තර ඇතිනේ ඉන්දියාවේ. (නි)
වරුණ Monday, 23 September 2013 01:00 PM
එහෙනම් අපේ ගොවීන්ටත් කියමු අත් හදා බැලීමටත් එක්ක හේන් වටේ නයි කොච්චිත් හිටවන්න කියලා. අලියා බෝග හානි කරන කොට අනිත් බෝග එක්ක හැපුනොත් සොරිම තමා ? (ස)
ෂෙරිෆ් Tuesday, 24 September 2013 02:08 AM
අපේ අය මිරිස් වවන්නේ නැතුව යස අගේට අපේ අලි ටික මෙල්ල කළානේ අවසන් වුණ පුංචි ඡන්දෙන් (නි)
දිසානායක Monday, 23 September 2013 01:31 PM
අලියා මෙල්ල කරන්න කටුස්සට බාරදෙමු (දී)
අසෝක Monday, 23 September 2013 06:28 PM
මේ සඳහන් කරලා තියෙන්නේ විසදුමක් සොයා ගත්තා කියලා නෙමෙයි.විසදුමක් සොයගැනිම සදහා කියලා. සමහරවිට හරියන්නත් පුළුවන්. සිල්වා මහත්තයෝ, අපේ ගොවි මහත්වරු ඉන්දියාවෙන් එනකම් බලාගෙන ඉන්නේ නැහැ. ලොකු ලොක්කන්ගේ වැරදි වලට පොඩි මිනිසුන්ට අපහාස කරන්න එපා. (නි)
සනත් Monday, 23 September 2013 07:21 PM
මී මැසි වගාච තමයි එකම පිළියම.අලි පැත්ත පළාතෙ එන්නෙ නැහැ. (නි)
ටිරෝන් සෙනෙව්රත්න Monday, 23 September 2013 02:35 PM
එහෙනම් ඉදිරියේදී අපිට ලාබෙට මිරිස් ඉන්දියාවෙන් ගත්තහැකියි (දී)