වතිකානුවේ දහස් ගණනක් ජනයා පවුලේ දිනය සමරීමේ පූජාව සඳහා ශාන්ත පීටර් දේවස්ථාන චතුරස‍්‍රයට රැස්ව සිටියි. රැස්ව සිටි පිරිසට දේශනය පැවැත්වීමට පැමිණි ෆ‍්‍රැන්සිස් පාප්තුමා සමග කුඩා දරුවෙක්ද වේදිකාවට නැන්ගේය.
සහයකවරු පැමිණ ඔහු ඉවත් කිරීමට කටයුතු කරත් පැමිණ සිටි පිරිස දැකීමෙන් පුදුමයට පත් වූ කුඩා දරුවා නැවත වේදිකාවෙන් බැසීම ප‍්‍රතික්ෂේප කළේය.
එසේ රැඳී සිටි දරුවා නිකම් සිටියේ නම් නැත. සතුටින් ඉපිළෙමින් සිටි දරුවා දේශනය පවත්වන පාප්තුමා ඉදිරියට පැමිණ පාප්තුමාගේ කකුල බදා ගනී. ඔහුගේ ඔළුව අතගා පාප්තුමා එයට ප‍්‍රතිචාර දක්වා ඇත. එතැනින් නොනැවතුණ ඔහු පාප්තුමාගේ පුටුවේ වාඩි වීමටද ගියේය. රැස්ව සිටි පිරිසෙන් ගැහැණු දරුවෙක් පැමිණ ඔහුට තෑග්ගක් දී නැවත ඔහු පිටතට ගෙන ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේසුනි, ඔබට තුති වේවි (නි)
බබෝ,ඔයත් කවදාහරි එතුමා වගේ අාදරණීය කෙනෙක් වෙන්න (නි)
පාප් තුමාගේ ආදරය,කරුණාව සහ නිහතමානිකම ලොවටම පෙන්වපු හොඳ අවස්ථාවක් හැටියට මම දකින්නේ. (ස)
නිමල්, ඔබ ගේ අදහසට මම එකඟ වෙමි. (ස)
සුන්දර දසුනක්. (ස)
වාසනාවන්ත පුතෙක් (නි)
වාසනාවන්ත ළමයෙක්. (ස)
මා බුදුදහම අදහන කෙනෙක්මි.නමුත් මෙය කිව යුතුයි. මා දැකපු ඉතාම නිහතමානි,කරුණාවන්ත ,මිනිසුන්ට ඉතාම හිතවත් පාප් වහන්සේ මෙතුමායි. මෙතුමාට චිරාත් කාලයක් මිනිසුන් හට සේවය කිරීමට ලැබේවා! (නි)
මල් වැනි පුංචි හදවත් (නි)
පාප්තුමා සියලු කතෝලික ජනතාවගේ අධ්‍යාත්මික පියතුමාය.අපි හැමදෙනාගේම ආදරය...... එතුමාණෝ සතුටු සිතින් ඉවසන බව අපි සැමදෙනාම දනිමු.ඒ පුංචි දරුවාට පෙන්නුවේ එතුමා අප සැමට ඇති ආදරයයි. (නි)
මේ ළමය හරියටම ඔබාමා වගේ. (නදී)
පුංචි එකාටත් පුංචි ආසාවක් හිතෙන්න ඇති (නි)
පාප් තුමාගේ ප්‍රතිචාරය අගේ කරමු. (නදී)