පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (2) පස්වරුන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම ගණන 3,938ක් ලෙස දැක්විණි.
ඒ අනුව පාකිස්තානයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (2) පස්වරු 5.40 වනවිට 76,398ක් ලෙස දැක්වුණු අතර එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 79කින් ඉහළ ගියේය. ඒ අනුවා පාකිස්තානයෙන් ඊයේ පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 1,658ක් විය.
පාකිස්තානය මේ වනවිට වයිරසයේ පාලනය සීමා කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කරමින් සිටින අතර සෑම දිනකම පස්වරු 7 දක්වා විවෘතව තැබීමට අවසර ලබා දී ඇත.
සීමා ලිහිල් කළ ද ඒවා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට තරම් ප්‍රමාණවත් නැතැයි ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ පැවැසීය.
නැවත රටට පැමිණීමට කැමැති විදෙස් ගත පාකිස්තාන ජාතිකයන් ගෙන්වා ගැනීම සඳහා අමතර ගුවන් යානා යොදවන බව ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කීවේය.
අල්ජසීරා
055
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පාකිස්තානයෙන් දිනයකදී කොරෝනා ආසාදිතයන් 3,900 ක්