ඉදිරි දශකයේදී මුළුමනින්ම ජල හිඟයකට මුහුණදෙන ලොව පළමු රට බවට පාකිස්තානය පත්වනු ඇතැයි විද්‍යඥයෝ අනතුරු අඟවති.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දත්තවලට අනුව වර්තමානයේ ලොව උග්‍ර ජල හිඟයකට මුහුණදී සිටින රටවල් ලැයිස්තුවේ පාකිස්තානය තුන්වැනි ස්ථානයේ පසුවන අතර එවැනි පසුබිමක දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ ජල අර්බුදය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.
පාකිස්තානයෙන් ලැබෙන නවතම වාර්තාවන්ට අනුව එරට ජෝහි (Johi) නම් ප්‍රධාන ගංගාවේ ජලය දේශපාලකයන්ගේ මැදිහත් වීම මත ‘බලවත් පාර්ශ්ව’ විසින් නොකඩවා සොරකම් කිරීම හේතුවෙන් එම ගංගාවේ ජලය භාවිත කරන විශාල පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ පා ඇත.
මෙලෙස ජල අර්බුදයට මුහුණ දෙන පිරිස පසුගියදා දැවැන්ත විරෝධතාවකද නිරතවූහ. ඔවුන් පෙන්වා දෙන්නේ ප්‍රාදේශීය දේශපාලක බලවතුන්ගේ මැදිහත්වීමෙන් ජෝහි ගංගාවේ ප්‍රධාන ස්ථාන කිහිපයක් හරස් කර ජලය ලබා ගන්නා බවය.
ඒ හේතුවෙන් ගංගාවේ පහළ ප්‍රදේශයේ ගොවීන් විශාල සංඛ්‍යාවකට අයත් ගොවි බිම් විනාශ වී තමන් සාගතයකට මුහුණ දී සිටින බව ඔවුහු පවසති. මෙලෙස බීමට පවා ජලය අහිමි වී ඇති පසුබිමක ජෝහි ගඟ දෙපස අක්කර 125,000ක් පමණ දැනටමත් මුළුමනින්ම විනාශ වී ඇත.
තවත් පවුල් විශාල සංඛ්‍යාවක් පානීය ජලය පවා නොමැතිව සිය ගම් බිම් හැර දමා වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් සිටිති.
ඒ.එන්.අයි
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයට අලුත් අනතුරු ඇඟවීමක්