IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


පාකිස්තානයේ ස්වෛරීත්වයට ඇමෙරිකන් ඩ්‍රෝන ප‍්‍රහාර තර්ජනයක්

ඇමෙරිකා හමුදාව පාකිස්තාන ගුවන් සීමාව උල්ලංඝණය කරමින් එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර පාකිස්තානයේ ස්වෛරීත්වයට තර්ජනයක් බවත්, එම ප‍්‍රහාර නැවැත්වීමට ඇමෙරිකන් රජය පියවර ගත යුතු බවත් පාකිිස්තාන නව අගමැති නවාස් ෂරීෆ් කියා සිටී.
නවාස් ෂරීෆ් මේ බව කියා සිටියේ පෙරේදා (5) ඉස්ලාමාබාද් පාර්ලිමේන්තුවේදී ජනපති අසීෆ් අලී සර්දාරි ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු කළ කතාවේදීය.
ඇමෙරිකා හමුදාව පාකිස්තානයේ සිදුකරන ඩ්‍රෝන ප‍්‍රහාර සම්බන්ධයෙන්, ඇමෙරිකාවට ගොස් ඇමෙරිකන් ජනපති හමුවී සාකච්ඡුා කිරීමට තමා සූදානමින් සිටින බව ද නව අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

නවාස් ෂරීෆ් ඇමෙරිකාවට චෝදනා කරමින්...

ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකානු හමුදාව, පාකිස්තානයට බලෙන් ඇතුළු වී එල්ල කරන ප‍්‍රහාරවලින් සටන්කාමීන් පමණක් නොව සිවිල් වැසියන්ද මිය යන බවත් එය වහා නැවැත්විය යුතු බවත් අගමැති ෂරීෆ් අවධාරණය කළේය.
අගමැති ෂරීෆ් උත්සහ ගන්නේ පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සමඟ සාම මාවතකට පිවිසීමටය. සාම සාකච්ඡුාවලට එන්නැයි ෂරීෆ් කළ ආරාධනාව තලේබාන් සංවිධානය පිළිගෙන ඇතැයි ද පැවැසෙයි.
ත‍්‍රස්තවාදයට එරෙහිව ඇමෙරිකාව 2001 වසරේ දී ආරම්භ කළ ඇෆ්ගන් සංග‍්‍රාමයේ දී, ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය ඉතා අවශ්‍ය වෙයි.
ඇෆ්ගනිස්තානයේ සිටින විදෙස් හමුදාවලට අවශ්‍ය බඩුබාහිරාදිය ගෙන යෑම සිදුවන්නේ පාකිස්තානය හරහාය. ඒ වෙනුවෙන් සහ පාකිස්තානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමෙරිකාව වාර්ෂිකව මුදල් ලබා දීමක් ද සිදුකරයි.
2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රමය අවසන් කිරීමට ජනාධිපති ඔබාමා සූදානම් වන අතර, ඉන්පසු ඔහු වැඩි අවධානය යොමු කිරීමට සූදානමින් සිටින්නේ පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන් මර්දනය කිරීමටය.
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා ප‍්‍රදේශයේ ඇමෙරිකානු හමුදාව එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින් ද විරෝධයක් එල්ල වී ඇත.
ඇමෙරිකානු මානව හිමිකම් සංවිධානය චෝදනා කරන්නේ ඇමෙරිකාව අමු අමුවේ මිනී මරන බවය.
ලන්ඩන් නුවර පාදක කරගනිමින් පිහිටුවා ඇති ‘ගවේෂණාත්මක මාධ්‍ය සංසදය’ පවසා ඇත්තේ 2004 වසරේ සිට මේ දක්වා ඇමෙරිකාව එල්ල කළ එම ඩ්‍රෝන යානා ප‍්‍රහාර 360 කින් 3,500 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවය.
එම පිරිස අතරින් බහුතරය පාකිස්තාන සිවිල් වැසියන් බව ද පැවැසෙයි.
ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ඩ්‍රෝන යානා යොදාගෙන කරන මෙහෙයුම් ඉතා අවශ්‍ය බවත් එසේ කිරීමෙන් ඇමෙරිකාව ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට හැකිවී ඇති බවත් ජනපති ඔබාමා පවසා ඇත.



අදහස් (0)

පාකිස්තානයේ ස්වෛරීත්වයට ඇමෙරිකන් ඩ්‍රෝන ප‍්‍රහාර තර්ජනයක්

දම් Saturday, 08 June 2013 04:42 PM

අපි අතරේ ප්‍රශ්න ඇති තාක් බටහිරට අපි කෙලිබිමකි.අනෙක අපිට ප්‍රශ්න ඇති හෝ නැති ද යන්නත් එයාලට ප්‍රශ්නයකි.මානව නීතියත් /වෙළදපොල ආර්ථිකයත්/සංවර්ධන මිම්මත්/මුදලේ ඒකකත්/තාක්ෂණයත් මේ හැමදේම ඔවුන්ට යටත්ය.අනෙක් අතින් පලවන අපද ඔවුන්ගේ උගුලට අසුවුවා වැනිය.බුලට් එකක්වත් හදන තාක්ෂණයක් නැති අපි අවුරුදු 30 ඔවුන්ගෙන් භාණ්ඩ ගෙන මරාගත්තෙමු. (නි)

:       0       0

විමල් Friday, 07 June 2013 08:01 PM

මුස්ලිම් අන්තවාදීන් ලෝකෙටම කරදරයක්. ඇමරිකාව නොහිටින්න මේ කට්ටිය ඒකිනෙකා ඇනකොටාගෙන ලොකු විනාශයක් වෙලා.(නදී)

:       0       0

ලක්සිත ෆ්‍රංසය Saturday, 08 June 2013 01:09 AM

විමල් වගේ අය 10 යක් හිටියොත් ඇති හොදටම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 399 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2176 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site