ඇමෙරිකා හමුදාව පාකිස්තාන ගුවන් සීමාව උල්ලංඝණය කරමින් එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර පාකිස්තානයේ ස්වෛරීත්වයට තර්ජනයක් බවත්, එම ප‍්‍රහාර නැවැත්වීමට ඇමෙරිකන් රජය පියවර ගත යුතු බවත් පාකිිස්තාන නව අගමැති නවාස් ෂරීෆ් කියා සිටී.
නවාස් ෂරීෆ් මේ බව කියා සිටියේ පෙරේදා (5) ඉස්ලාමාබාද් පාර්ලිමේන්තුවේදී ජනපති අසීෆ් අලී සර්දාරි ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු කළ කතාවේදීය.
ඇමෙරිකා හමුදාව පාකිස්තානයේ සිදුකරන ඩ්‍රෝන ප‍්‍රහාර සම්බන්ධයෙන්, ඇමෙරිකාවට ගොස් ඇමෙරිකන් ජනපති හමුවී සාකච්ඡුා කිරීමට තමා සූදානමින් සිටින බව ද නව අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.
|
නවාස් ෂරීෆ් ඇමෙරිකාවට චෝදනා කරමින්... |
ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකානු හමුදාව, පාකිස්තානයට බලෙන් ඇතුළු වී එල්ල කරන ප‍්‍රහාරවලින් සටන්කාමීන් පමණක් නොව සිවිල් වැසියන්ද මිය යන බවත් එය වහා නැවැත්විය යුතු බවත් අගමැති ෂරීෆ් අවධාරණය කළේය.
අගමැති ෂරීෆ් උත්සහ ගන්නේ පාකිස්තාන තලේබාන් සටන්කාමීන් සමඟ සාම මාවතකට පිවිසීමටය. සාම සාකච්ඡුාවලට එන්නැයි ෂරීෆ් කළ ආරාධනාව තලේබාන් සංවිධානය පිළිගෙන ඇතැයි ද පැවැසෙයි.
ත‍්‍රස්තවාදයට එරෙහිව ඇමෙරිකාව 2001 වසරේ දී ආරම්භ කළ ඇෆ්ගන් සංග‍්‍රාමයේ දී, ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය ඉතා අවශ්‍ය වෙයි.
ඇෆ්ගනිස්තානයේ සිටින විදෙස් හමුදාවලට අවශ්‍ය බඩුබාහිරාදිය ගෙන යෑම සිදුවන්නේ පාකිස්තානය හරහාය. ඒ වෙනුවෙන් සහ පාකිස්තානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමෙරිකාව වාර්ෂිකව මුදල් ලබා දීමක් ද සිදුකරයි.
2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රමය අවසන් කිරීමට ජනාධිපති ඔබාමා සූදානම් වන අතර, ඉන්පසු ඔහු වැඩි අවධානය යොමු කිරීමට සූදානමින් සිටින්නේ පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන් මර්දනය කිරීමටය.
ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා ප‍්‍රදේශයේ ඇමෙරිකානු හමුදාව එල්ල කරන ඩ්‍රෝන ප‍්‍රහාර සම්බන්ධයෙන් ඇමෙරිකාව තුළින් ද විරෝධයක් එල්ල වී ඇත.
ඇමෙරිකානු මානව හිමිකම් සංවිධානය චෝදනා කරන්නේ ඇමෙරිකාව අමු අමුවේ මිනී මරන බවය.
ලන්ඩන් නුවර පාදක කරගනිමින් පිහිටුවා ඇති ‘ගවේෂණාත්මක මාධ්‍ය සංසදය’ පවසා ඇත්තේ 2004 වසරේ සිට මේ දක්වා ඇමෙරිකාව එල්ල කළ එම ඩ්‍රෝන යානා ප‍්‍රහාර 360 කින් 3,500 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවය.
එම පිරිස අතරින් බහුතරය පාකිස්තාන සිවිල් වැසියන් බව ද පැවැසෙයි.
ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ඩ්‍රෝන යානා යොදාගෙන කරන මෙහෙයුම් ඉතා අවශ්‍ය බවත් එසේ කිරීමෙන් ඇමෙරිකාව ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට හැකිවී ඇති බවත් ජනපති ඔබාමා පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අතරේ ප්‍රශ්න ඇති තාක් බටහිරට අපි කෙලිබිමකි.අනෙක අපිට ප්‍රශ්න ඇති හෝ නැති ද යන්නත් එයාලට ප්‍රශ්නයකි.මානව නීතියත් /වෙළදපොල ආර්ථිකයත්/සංවර්ධන මිම්මත්/මුදලේ ඒකකත්/තාක්ෂණයත් මේ හැමදේම ඔවුන්ට යටත්ය.අනෙක් අතින් පලවන අපද ඔවුන්ගේ උගුලට අසුවුවා වැනිය.බුලට් එකක්වත් හදන තාක්ෂණයක් නැති අපි අවුරුදු 30 ඔවුන්ගෙන් භාණ්ඩ ගෙන මරාගත්තෙමු. (නි)
මුස්ලිම් අන්තවාදීන් ලෝකෙටම කරදරයක්. ඇමරිකාව නොහිටින්න මේ කට්ටිය ඒකිනෙකා ඇනකොටාගෙන ලොකු විනාශයක් වෙලා.(නදී)
විමල් වගේ අය 10 යක් හිටියොත් ඇති හොදටම (නි)