පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන මලාලා යූසොෆ්සායි දැරිය, පෙරේදා (19) බකිංහැම් මාලිගයේ දී දෙවැනි එලිසබෙත් මහ රැජින හමුවූවාය.
16 හැවිරිදි මලාලා, ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයට ගියේ මහ රැජින කළ ආරාධනාවක් පිළිගනිමිනි. මලාලාට රැජින පමණක් නොව, පිලිප් කුමරු ද හමුවීමට අවස්ථාවක් ලැබුණි.
එම හමුවෙන් පසු ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුවට ද රැජින සමඟ සහභාගී වූවාය.
බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් වෙඩි ප‍්‍රහාරයකට ලක් වී දිවි ගලවා ගත් මලාලා දැරිය, පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුව අමතමින් විශේෂ දේශනයක් ද පැවැත්වූවාය. එම සමුළුවට ලොව කීර්තිමත් විද්වතුන් රැසක් මෙන්ම රාජ්‍ය නියෝජිතයෝ ද සහභාගී වූහ.
මලාලා ජීවත්වූයේ පාකිස්තානයේ ස්වාත් මිටියාවතේය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට ඇය තලේබාන් සටන්කාමියකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක් වූයේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදීය.
හිසට වෙඩි වැදී තුවාල ලැබූ මලාලා බි‍්‍රතාන්‍ය රජයේ අනුග‍්‍රහයෙන් බි‍්‍රතාන්‍යයට ගෙනෙනු ලැබුණි. ඇයට වැඩි දුර ප‍්‍රතිකාර ලැබුණේ බි‍්‍රතාන්‍යයේදීය.
දැන් ඇයත් ඇගේ පවුලේ අයත් ජීවත් වන්නේ ද බි‍්‍රතාන්‍යයේය. ඒ බි‍්‍රතාන්‍ය රජයේ ආරක්ෂාව මැදය. ඇය යළි පාකිස්තානයට පැමිණිය හොත් මරා දමන බවට තලේබාන් සංවිධානය අනතුරු අඟවා ඇත. මේ වනවිට ඇයට කැනඩාවේ පුරවැසිභාවය ද හිමි වී ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, සෑම ජූලි 12 වැනිදාම මලාලා දිනය ලෙස ද නම් කර ඇත. මලාලාගේ උපන්දිනය යෙදෙන්නේ එදිනටය.
|
මලාලා දැරිය බකිංහැම් මාලිගයේදී රැජින හමුවෙමින් ... |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මලාලා ඇමෙරිකාවට එරෙහිව අදහස් පල කලා නම් ඇය ත්‍රස්තවාදියෙක් කියලා හංවඩු ගහලා දැනටම හිරේ. ඇමරිකාවවට හා ඔය බටහිර රටවල් වලට ඕනේ නම් දැනට තිබෙන ලෝක වාතාවරණය හැටියට ඕනෙම දෙයක් කල හැකි. නමුත් සත්‍ය වැඩි කලක් ගත වෙන්න පෙර මුළු ලෝකෙටම දැනගන්න පුළුවන් වෙයි. (ස)
මලාලා කිව්වොත් දැන් මුළු ලෝකෙම දන්නවා... මලාලා උපයෝගී කර ගනිමින් ලෝක නායකයින් සූදානම් වන්නේ මුස්ලිම් අන්තවාදීන් ට විරුද්ධව හඬක් නැගීමටයි.. ඒ වගේම පාකිස්ථානයේ ත්‍රස්තවාදය තුරන් කිරීමට සහයෝගය දෙනුයෙ එම ප්‍රදේශ තුල ඇති ඛණිජ සම්පත් වලට ගිජු කමෙනි... (ස)
ලාරා - එතකොට අපේ රටේ වයසක ආතම්මල දූෂණය කරන්නේ, පියා විසින් තමාගේ දියණිය දූෂණය වන්නේ, මාමා ලේලි සමග සම්බන්දකම් පවත්වන්නේ, ගුරවරයා විසින් සිසුවිය දූෂණය වන්නේ, දිනපතා මිනීමැරුම් සිදුවන්නේ, මත් පැන් පානය කරන්න බිරිඳව අනුන්ට උකස් කරන්නේ? මිනිහ වැඩට ගියාට පස්සේ තහනම් ගැහෙ ගෙඩි කන්න යන්නේ? මේ සියල්ල කරන්නේ? මහපොළොව උහුලන්නේ නැති තිරිසනුන් පවා නොකරන ම්ලේච්ඡ අපරාධ කරන්න කවුද බලපත්‍ර දුන්නේ ඔයාල වඳින කාගේ හරි අම්මාද තාත්තාද ?(නදී)
කරුණාකරලා අල්-කුරානයට හෝ ඉස්ලාම් ධර්මයට අපහාස කර අදහස් දැමීමෙන් වළකින්න. හැම පුවතක්ම අපේ ආගම හා පටලවාගෙන අදහස් ලියන්න කට්ටියක් මාන බලාගෙන ඉන්නවා. ඉස්ලාම් ධර්මය ගැන හෝ අල්-කුරානය ගැන දෙන ගන්න ඕනෑ නම් හෝ එක එක අය ලියන දේවල් අල්-කුරානයේ තියෙනවා කියා ඔප්පුකර පෙන්වන්න කියලා අභියෝග කරමි. බොහෝ කලකට පස්සේ නිහතමානි ලෙස හා හිතට එකඟව මහත්මයෙක් අදහස් දා තිබෙනවා. සජිත් මහත්මයා ගොඩක් ආඩම්බරයි ඔබ ගැන. ඉතාමත්ම නිවැරදිව ඔබ ලියලා තිබෙනවා ආගම ධර්මය අනුව ජීවත් වෙන ලංකාවේ මුස්ලිම් අපි අන්තවාදීන් නොවේ. (නි)
සජිත් මහත්මයා, මේ ලෝකයේ උගත් - නූගත්, බුද්ධිමත් - මෝඩ කියලා හැම කොටසක්ම ඉන්නවා. යමක් ගැන අපි විමසිල්ලෙන් බලා එහි වැරදි,නිවැරදිභාවය හරියට තීරණය කරන්න පුළුවන් නම් තමා අපි බුද්ධිමතුන් වන්නේ. අපේ වාසියට හරවා ගන්න නිවැරදිකරුවන් පවා වැරදිකරුවත් කරන්න සමහරු අසාර්ථක උත්සාහයන් වල නිරත වෙනවා. ඒ අයට කියන්නේ මන්දබුද්ධිකයින්. අලුත් ලෙඩක් දැන් අපේ රටට බෝවෙලා තිබෙනවා. ඉතා ඉක්මනින් ඒවාට ප්‍රථිකාර කරලා ජාතික සමගිය තුලින් අපේ රට තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා කියා මුළු හදවතින්ම පතමි. (නි)
කුසුම් දන්න දෙයක් නැහැ ...බටහිර සහ එක්සත් ජනපදය වියරු වින්දනයක් ලබනවා මලාලා විකුණලා. (ස)
මෙතන බටහිර අන්තවාදය හා කුමණ්ත්‍රන දකින්න පුළුවන්, ඔවුන්ගේ ප්‍රහාර නිසා අසරණවූ දහස් ගණනක් දරුවන් දැකිය හැකියි. අස්ථාවර කරවූ රටවල් දැකිය හැකියි. ඒත් බටහිර අන්තවාදයට වඩා මුස්ලිම් අන්තවාදය භයානක නිසා බහුතරයක් මුස්ලිම් අන්තවාදය නැති කරනවාට කැමැතියි. ශ්‍රී ලංකාවේ පෙර ජීවත් වූ මුස්ලිම් ජාතිකයින් රටේ සංස්කෘතිය හා බද්ධව ජීවත් වූ නමුත් වර්තමානයේ පෙර නොතිබූ අන්තවාදී ලක්‍ෂණ එක් කර ගැනීම භායානක හා හාස්‍යයට කරුණක්. මෙය මුස්ලිම් ජාතිකයින් තේරුම්ගත යුතුයි. ලංකාවේ මුස්ලිම් සහෝදරයින් මේ ගැන සාධාරණව කල්පනා කල යුතුයි. (ස)
රිස්වාන් ඩුබායි, ඔබ ගැන ආඩම්බරයි. ඔබ සැබෑ ශ්‍රී ලාංකිකයෙක්. (නි)
බාලිකා අද්‍යාපනය වෙනුවෙන් හඬක් නැගු මලාලා දැරිය ඝාතනය කිරීමට අන්තවාදී තලේබාන් සංවිධානය එල්ල කළ එම මිලේජ්ච ප්‍රහාරය මා නම් මේ මොහොතේත් ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. නිවට බියගුල්ලන් පුහු වීරයන් වී ඇති මෙවන් යුගයක, බටහිර ලෝකය, මේ නිර්භීත කුඩා වීරවරියට, පිදිය යුතු ගෞරවය ඒ අයුරින්ම පිදීම ගැන විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයට අපගේ කෘතඥතාවය හිමිවිය යුතුයි. (නි)
අජන්ත ඔබ හරි.....මම එකඟයි. (ස)
සුබ පැතුම්! (නි)
රිස්වාන් ඩුබායි ඔබට තුති. ගෞරවනීය ඉස්ලාම් දහම හා අන්තවාදී ලක්‍ෂණ එක් කරන්නට කැසකවන බලවත් සුළුතරය අතර වෙනස පෙන්වා දීම මුස්ලිම් සහෝදරයින් විසින්ම කළ යුතුයි. ඔවුන් පෙරමුණ ගත යුතුයි. සිංහල බෞද්ධ අප විරුද්ධ වන්නේ නම් මෙයට ජාතීවාදී ලේබලය හෝ ආගම්වාදී ලේබලය ඇලවීමට තැත් කරාවි. (නි)
අජන්ත, මම නම් එවැනි අන්තවාදී ගති ලක්ෂණ දැක්කෙ නැහැ. හේතුව මෙතරම් අපේ අන්තවාදීන් ඔවුන්ට එදිරිව කොච්චර වැඩ කලද ඔවුන් සිටියේ ඉතාමත් ඉවසීමෙන් සංයමයකින් යුක්තවයි. මේ ලෝකේ මුස්ලිම් අන්තවාදයක් නැහැ, තිබෙන්නේ ඔවුන් ජීවිත හා සංස්කෘතිය බේරා ගැනීමේ අරගලය පමණයි. ඒක ලෝකේ දිහා හරියට බලන කෙනෙකුට තේරෙනවා. (ස)
පවු. දැන් ඒ පුංචි කෙල්ල දේශපාලන භාණ්ඩයක් කරගෙන (නි)
කාලයකට පස්සේ අපේ සිංහල හා මුස්ලිම් සහෝදරවරු බුද්ධිමත් අදහස් ටිකක් ඉදිරිපත් කරලා තියෙනවා. (නි)
ඔයා හරි අජන්ත. (ස)
රිස්වාන් සිංහල මුස්ලිම් නොවී, ලංකික මුස්ලිම්, සිංහල කතාකරන මුස්ලිම්, නැතිනම් අවිහිංසක මුස්ලිම් වෙමු, අරාබි මුස්ලිම්, ෂරිය මුස්ලිම් හෝ අන්තවාදී මුස්ලිම් නොවී.(නදී)
අපි මුස්ලිම්, නමුත් අපි අරාබි හෝ අන්තවාදීන් මුස්ලිම් නෙවෙයි.අපි සිංහල මුස්ලිම්, අපි අරාබියට වඩා අපි අපේ ලංකාවට ආදරේයි. (ස)
සජිත් ඔබගේ අදහස් වලට ගරු කරමි. සිංහල බෞද්ධ මා බටහිර, මැද පෙරදිග ආසියානු හෝ අප්‍රිකානු රටවල බ්‍රහ්මණයින් මෙන්ම වසලයන්ද දකිනවා. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය හෝ ආගම ප්‍රචාරය කිරීමට, ජනතාව මුලා කර වෙනත් ආගමකට හැරවීමට කුමණ්ත්‍රණ තිබෙන බවත් පෙනෙනවා. ආගමේ නාමයෙන් අතීතයේදී මනුෂ්‍ය ඝාතන සිදුවූ බවත් අසා තිබෙනවා. ඉස්ලාම් දහම අදහන ශ්‍රී ලාංකිකයින් පෙර කල ජීවත්වූ ක්‍රමයට වඩා කිසියම් අන්තවාදයකට ගමන් කරන බවත් දකිනවා. ආගමේ නාමයෙන් මනුෂ්‍ය ඝාතන, අන්මත නොඉවසීම ඉතාමත් පහත් ක්‍රියාවක්. මුස්ලිම්වරු තමන්ගේ සංස්කෘතිය රැකගත යුතුයි එය අවිවාදයෙන් පිළිගත යුතුයි. අවිහිංසාව ඉතා උතුම්. මිලේච්ඡ ක්‍රියා මනුෂ්‍යත්වට නොගැලපේ. කුමන ජාතියක හෝ සංස්කෘතියක ජීවිත හා සංස්කෘතිය බේරා ගැනීමේ අරගලය උදෙසා වෙනත් සංස්කෘතියක ජීවිත බිලිදීම හෝ එකී සංස්කෘතියේම ජිවිත විනාශ කිරීම හෙලා දැකිය යුතුයි. මලලා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම සාධාරණයි. ඒත් ඇය දැන් මුස්ලිම් ලෝකයට විරුද්ධ ලාංඡනයක් පමණක් ලෙස මට පෙනේ. (ස)
රිස්වාන් ඩුබායි, ඔබ ගැන සතුටුයි. බහුතර හොඳ සිංහලයින් ජාතිකයින්, මුස්ලිම්වරුන් සිංහල මුස්ලිම් විය යුතු යැයි අදහස් කරන්නේ නැහැ. නමුත් එයට අහිංසකව සතුටු වේවි. බහුතරයේ සංස්කෘතිය හා බද්ධව තමන්ගේ සංස්කෘතිය උපරිමයෙන් රැකගැනීම අවශ්‍යයි. අප අරාබියට හෝ බටහිරට විරුද්ධ නොවිය යුතුයි. වැරුද්දට විරුද්ධ විය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් ලෙස බෙදුනු අන්තවාදී නොවන කොටස් හෝ සංවිධාන වලට විරුද්ධවීමට එකමුතුවක් හැකි සත්‍ය දකින ජාතික එකමුතුවක් අවශ්‍යයි. (ස)
කුසුම් මැඩම් ඔය ලින් මැඩි කතාවක් කියන්නේ, පොඩ්ඩක් ලෝකේ වටේ හොයල බලන්ඩ අවට මොකද වෙන්නේ කියල.(දිල්)
මලාලගෙන් බටහිර රටවල් බොහෝ ප්‍රයෝජනයක් ගන්නවා . බටහිර රටවල් ඇෆ්ගනිස්ථානයේ පකිස්තාන් සහ මැද පෙරදිග අප්‍රිකාවේ කරන ඔවුන්ගේ යුද කටයුතු සදාරණිය කර ගැනීමට . එ නිසා මලාලට ඔබාමා ගාවට එලිසබෙත් රැජින ගාවට හෝ ඕනෙම බටහිර නායකයකු ගාවට ඉඩ ලැබෙනවා . එය මේ මලලාට තිබෙන ආදරයකට නොවේ . (දිල්)
අන්තවාදී ආගම්වාදී ජාතිවාදීන්ට පරාජය අත්වේවා!(දිල්)
මලාලා හඬ නගපු එක හරි.... ඒත් දැන් මේ ක්‍රියාත්මක වන්නේ ලෝක දේශපාලනයයි.... යමක් නිවැරදි වන්නේ ලෝකයේ ප්‍රධාන රටවල් කැමති නම් පමණි. අතීතයේදී වූවේද අනාගතයේදී වන්නේද එයමය....(නදී)
ආ රිස්වාන් කොලුවො. එතකොට ඔය ශූද්ධවූ කුරාණය අමානුෂික මිනිමැරුම් සාධාරණිකරන කරලාම නැත්ද? මිත්‍යාදෘෂ්ඨිකයන් දුටු තැන නියපොතු ගලවා බෙල්ල කපා මරන්න කියලාම නැද්ද? නැත්තං මේ රිස්වාන් ඉසලාම් නොවේ මට පේන්නෙ. (ස)
මලාලා දැරියට එලිසබෙත් රැජින හමුවීමට ඉඩ සැලසුනේ ඇය අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන නිසා නොවන බව අප වටහා ගත් යුතුය.මේ සිද්ධිය දඩමීමා කර ගනිමින් තලේබාන්, අල්කයිඩා මුස්ලිම් අන්තවාදීන්ට විරුද්ධව එල්ල කල හැකි පහර නිසා ඇයට මේ අයුරින් ඉහල තැනක් ලැබී ඇත.ඇෆ්ගනිස්ථානයේ ඇමරිකා සොල්දාදුවන් කරන අපරාධ ගැන හඬ නගන අයෙකුට කිසිම දිනෙක මෙවැනි අවස්ථාවක් නොලැබෙන බව නම් මට විශ්වාසය. (ස)
රිස්වාන් වගේ සිතන ගොඩක් මුස්ලිම් යාළුවන් මටත් ඉන්නවා. මට හොඳට තේරෙනවා මේ අයගේ අන්තවාදී අදහස් නෑ කියලා.එවැනි මුස්ලිම් සොයුරන් ගේ අදහස් වෙනස් කිරීමට ලංකාවේ සංවිධාන ඇතිවෙලා කියලා ආරංචි තියෙනවා, එවැනි දේ වැලැක්වීම හැමගේම වගකීමක්. (ස)
මට තේරෙන්නේ නැහැ මොන හේතුවක් නිසා මේ කෙල්ලට ප්‍රසිද්ධියක් දෙනවද කියලා. එයගේ කට ඇරුනේ අල් කයිඩා එකට බනින්න ගත්තේ වෙඩි වැදුනායින් පසුව ආරාක්ෂාවේ ඉන්දෙද්දියි. (ස)
ලංකාව දකුණේ ඇතිවූ කැරලි දෙකක්ද, උතුරේ ඇතිවු එක් කැරැල්ලක්ද මැඩ පැවැත්වූ රටක්. මෙම කැරලි අවස්ථා තුනේදී මානව හිමිකම් ගැන කථා කරමින් විජාතික හා දේශීය බලවේග ක්‍රියා කරන, ක්‍රියා කල ආකාරය වෙනස්. වෙනත් ලෙසකින් කිවහොත් මලාලා තලේබාන් වෙඩි ප‍්‍රහාරයකට ලක්ව ඔවුනට විරුද්ධව, විරුද්ධතාවය නෙපෙන්වා අධ්‍යාපනය යන සටන් පාඨයට මුවාවී කරන අරගලයට සහෙයෝගය දක්වන්නන් මෙම දැරියම ඇෆ්ගනිස්ථානයේ හෝ වෙනත් රටක බටහිර බලවේග නිසා අහිමිවූ ලදරු ජීවිත වලට හෝ අධ්‍යාපනයට විරුද්ධව හඬ නැගුවේ නම් ලැබෙන ප්‍රතිචාරය වැනිය. මානව හිමිකම් හෝ වෙනත් හිමිකම් රට, සංවිධානය හෝ කණ්ඩායම අනුව වෙනස් වන්නේ කෙසේද? (ස)
චින්තකගේ කතාවට මල් මිටක්, ඔබ හරියටම හරි. (ස)
මලාලා ප්‍රසිද්ධ වෙනවාට ඔබ අකමැති ඇයිද කියල සිතන්න! ලුම්බිණි කිව වගේ මලාලා අල්කයිඩා වගේ භයානක සංවිධානයකට විරුද්ධව නොබියව හඬ නැගුවා. ඒත් අපි, ඇස් පනා පිට වැරදි බව පේන දේවල් වෙද්දී බියගුලුව නිහඬව ඉන්නවා. රොෂාන්, තමුන් බියගුලුව හැමදේම ඉවසගෙන ආත්ම ගරුත්වය පසෙකට දාල පණ රැකගන්න හදන කොට, මලාලා වගේ ගැහැණු දරුවෙක් නිර්භීතව පෙරට ඒම ගැන ඔබගේ හිතෙන් පැන නගින ඊර්ෂාව නිසයි ඔබ ඇය ප්‍රසිද්ධ වෙනවට අකමැති. (ස)
රොෂාන් ඔයා ඒ ළමයාගේ වැඩ ගැන හොයා බලන්න, එයා බොහෝ කලක සිට නෙට් එක හරහා අදහස් ප්‍රකාශ කළා. (ස)
මෙතැනදී අප අගය කළ යුත්තේ මේ දැරිවිය අල්කයිඩා වැනි මුස්ලිම් අන්තවාදී සංවිධානයකට බිය නොවී එයට විරුද්ධව කරගෙන යන අරගලය ගැනයි. (නි)
නාරද, ඕවා තමා ලෝක පොලිස් කාරයන්ගේ වැඩ. මුස්ලිම් ලෝකෙට හොඳ පණිවිඩයක් දෙන්නේ ලෝක පොලිස් කාරයන්. (ස)
කෙන්යාවේ නයිරෝබි නුවර ප්‍රහාරය අතරතුර අල් ශබාබ් ඉස්ලාමීය අන්තවාදීන් දෙවියන් වඳින රූප රාමු අන්තර්ජාලයට මුදා හැර ඇත. මේ අයුරින් මිනිසුන් මැරීමට බලපත්‍ර දුන්නේ ඔය දෙයියගේ අම්මාද තාත්තාද ?(නදී)
මට නම් පෙන්නේ මේ අජන්ත කියල ඉන්නේ අර කලක් වෙනත් නමක් සහ පිට රට ගමක නමක් අගට ගෙන හිටපු කෙනාද මන්දා (නදී)
බටහිර ක්‍රිස්තියානිය වෙනුවෙන් පක්ෂ සියල්ලන්ටම මෙසේ ප්‍රසිද්ධියක් දෙන බව මගේ අදහසයි (නි)