පාකිස්තානයට අයත් බලූකිස්තාන ප්‍රාන්තයේ සදාර් බහදුර් ඛාන් බාලිකා විශ්ව විද්‍යාලය, දින නියමයක් නොමැතිය වසා දැමීමට පාකිස්තාන රජය ඊයේ (18) තීරණය කළේය.
තලේබාන් සටන්කාමීන් බාලිකා අධ්‍යාපනයට එරෙහි වීමත් බාලිකාවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමත් ඊට හේතුවයි. බලූකිස්තානයේ පිහිටා ඇති එකම බාලිකා විශ්ව විද්‍යාලය වන්නේ ද එයයි.
පසුගිය සෙනසුරාදා (15) තලේබාන් සටන්කාමීහු පිරිසක් ක්වෙටා නුවරදී, සදාර් බහදුර් ඛාන් විශ්ව විද්‍යාලයේ සිසුවියන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියකට බෝම්බ ගසා පුපුරුවා හැරියහ.
බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබූ සිසුවියන් සිවු දෙනකු රෝහල් ගත කළ අවස්ථාවේදී සටන්කාමීහු, ක්වෙටා නුවර රෝහලට පැමිණ එම පිරිස සොයමින් දකින දකින සෑම දෙනාටම වෙඩි තැබීමට පටන් ගත්හ.
සටන්කාමීන් රෝහලට කඩා වැදුණු බව ආරංචි වූ සැණින් පාකිස්තාන හමුදා කොමාන්ඩෝ භටයෝ රෝහල වැටැලූහ. එම අවස්ථාවේදී දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් සිදුවිය.
පැය කිහිපයක් තිස්සේ කොමාන්ඩෝ සෙබළුන් සහ සටන්කාමීන් අතර අවි ගැටුම් පැවැති අතර අවසානයේදී සියලූම සටන්කාමීන් මරා දැමීමට සෙබළු සමත් වූහ.
තලේබාන් සටන්කාමීන් එම ප්‍රහාරය එල්ල කළේ පාකිස්තාන නව අගමැති නවාස් ෂරීෆ් ඔවුන්ට සාම මාවතකට පිවිසෙන්නැයි ආරාධනා කර ඇති අවස්ථාවකදීය.
සාම සාකච්ඡා පැවැත්වීමට තමන් ද සූදානම් යැයි තලේබාන්වරුන් පවසා ඇති නමුත් ඒ සඳහා පසුබිමක් මෙතෙක් සකස් වී නැත.
COMMENTS
ම්ලේඡ්චයො ම්ලේඡ්චයොම තමයි. කවදාකවත් සාකච්ඡාවකින් මේ ප්‍රශ්ණෙ විසඳන්න බෑ. මොන දේක උනත් අන්තෙටම ගියොත් මිනිස්සුන්ට සාමාන්‍ය ලෙස ජීවත් වෙන්න බැරි වෙනවා.(නදී)
කුමාරිහාමි, ලෝකෙයේ පලවන කාන්තා විශ්ව විද්‍යාලය වසර 892 දී මොරොක්කෝවේ නමැති මුස්ලිම් රටේ පිහිටුවනු ලැබුවේ මුස්ලිම් ආගමෙන් දැනුම ලබාගැනීම අනිවාර්ය කරලා තිබෙන නිසා. නබිතුමාගේ කියමනක් තිබෙනවා දැනුම සොයා චීනයට උනත් යන්න කියලා. තලන්න තලන්න සුවඳ හමන සඳුන් රුකක් මෙන් කොපමණ අපහාස කලත් ඇමෙරිකාවේ, යුරෝපයේ සහ ලොව වඩාත්ම සීග්‍රයෙන් වැළඳගන්නා ආගම ඉස්ලාම් ආගම බහුතරයක්ම කාන්තාවන්. සමන්, ඉස්ලාම් භාක්තිකයෙක්ට තියෙන ප්‍රධානම අවිය දෙවියන්ගෙන් ප්‍රාර්ථනයයි. ශුද්ධ වූ කුරානයේ සදහන් ආකාරයට ඉස්ලාම් දහම ආරක්ෂා කරන්නේ තලිබාන් හෝ කුපිත වී පාරවල්ගානේ උද්ඝෝෂණය කරන මිනිසුන් විසින් නොව දෙවියන් විසින් පමණි. ඉවසීම තමා ඉස්ලාම්වලත් උගන්වන්නේ. තමුන්ගේ ජාතියේ අප්‍රමාණ වැරදි තබාගෙන අනිකුත් ජාතීන්ට අපහාස කරන්න තමා අපේ රටේ බොහෝ අය දන්නේ. හැම ආගමකම අන්තවාදීන් මොන බලවේගයකින් හෝ රාව නගනවා.(නදී)
ගෑනුන්ට ඉගෙන ගන්නවත් නිදහසක් නැති ලෝකයේ ඇති එකම ආගම. තාම ගල් යුගයේ ජිවත් වෙන මිනිස්සු.(නදී)
කෝ අපේ අග හිග මල්ලිලා? මේවට එයාල හැමෝම නිහඩයි. මෙයාල කොතනද එතන යුද්ධයක්. අනේ මෙහෙමත් ජාතියක් (නි)
හසාන්,ඉස්ලාම් ආගමට ගිය මම දන්නා ගැහැණු ඉන්නවා. ඔවුන් විවාහ වීමටයි එහෙම කලේ.නමුත් ඔවුන් උපතින් මුස්ලිම් අයට වඩා හොඳින් ආගම අදහනවා. මුහුණ වහනවා. බහුතරයක් ගැහැනුන් ආගමට බදවා ගන්නේ කොහොමද කියලත් මම දන්නවා. මුස්ලිම් ගැහැණුන්ගේ ඉගෙනීම කියවන්න දැනගැනීමෙන් ඉවරද? ඇයි ඔයාලා මුස්ලිම් දැරියන් පාසලේ ඉහල පන්ති දක්වා යවන්නේ? විශ්ව විද්‍යාලවලට යවන්නේ?කියවන්න දැනගන්න නම් දෙකේ පන්තියට ගියාම ඇති නේද? බොහෝ ඉගෙනගත්ත මුස්ලිම් කාන්තාවෝ විවාහ වුනාට පස්සේ රැකියා කරන්නේ නැහැ. සැමියන් කැමති නැති නිසා.මගේ මුස්ලිම් කාන්තා බැච්මේට්ලා ඔක්කොම උපාධි තියාගෙන ගෙදර ඉන්නේ. අපරාදේ තව කෙනෙකුගේ අවස්ථාව නැති කළා. ඒ නිසයි මුස්ලිම් ගැහැනුන්ට අධ්‍යාපනය දෙන්න ජාතික ධනය නාස්ති නොකළ යුත්තේ. ඉගෙනගන්න ඕනෑ මුස්ලිම් කාන්තාවෝ පළමුව ඉස්ලාම් ආගම අතහරින්න ඕනෑ. ආගමේ ඉඳගෙන ඉගෙනීම වැරදියි. (නි)
ඇමරිකාව ගහනවා මදි කියලයි මන්නම් කියන්නේ. ද්‍රෝන වරුසාවක් හෝ පරමාණු ගහල හරි මේ වසන්ගත් පිළිකාව ඉවරකරන්න.(නදී)
කුමාරිහාමි,ඔයාම ඉස්ලාම් දහම කාන්තාවන්ට ඉගෙනීම තහනම්කරලද කියලා ප්‍රශ්නකරලා පසුව කියනවා ඔයාගේ ඉස්ලාම් කාන්තා බැච්මේට්ලා උපාධි තියාගෙන ගෙදර ඉන්නවා කියලා.රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සියලුම සාමාජිකයින් ඉස්ලාම් කාන්තාවන්ද? උපාධි අරගෙන විවාහයෙන් පසු රැකියා නොකරන්නේ ඉස්ලාම් කාන්තාවන් විතරද?සැමියාට බිරිඳ සහ දරුවන් රැකගත හැකිනම් බිරිඳ රැකියාවක් නොකර සිය දරුවන් සහ සැමියාගේ යුතුකම් සහ වගකීම් ඉටුකිරීමට නිදහස සැමියා සලසනවානම් ඊට වැඩ පව්ලකට සතුටක් තියෙනවද? ළමා නිවාසවල හෝ වැඩිහිටි නිවාසවල අඩුවෙන්ම සිටින්නේ මුස්ලිම් ජාතිකයින් බව ඔයා දන්නවනේ.මුස්ලිම් ගැහැණුන්ගේ ඉගෙනීම කියවන්න සීමාවෙන්න නැහැ.තමුන්ගේ හා තම සමාජයේ ප්රගමනයට අවශ්‍ය දේ කිරීමේ නිදහස ඇයට අවශ්‍ය අවශ්‍ය තරම් ඉස්ලාම් තුල තිබෙනවා.ඉගෙනගන්නේ රැකියා කිරීමට විතරද?බුදුන් පවා සප්ත අපරිහානි ධර්මතුල සඳහන් කරුණක් තමා කාන්තාවන්ට ආරක්ෂාව සැපයීම.සොයා බලන්න කුමන ආගමක ජීවන ක්‍රමය යමගින්ද එය ප්‍රායෝගිකව ඉටුවෙලා තියෙන්නේ කියලා. (අ)
රැකියා කරන්න ඕනෑ නැතිනම් උපාධි මට්ටමට ඉගෙනගන්න ඕනෑ නැහැ. යන්තම් අකුරු කියවන්න ඉගෙනගත්තම ඇති. උපාධි තියාගෙන රැකියා හෝ ව්‍යාපාර නොකරන වෙනත් ගැහැණු ඉන්නේ අතලොස්සක්. කාන්තාවන්ට ආරක්ෂාව සැපයීම හොඳටම පෙනෙනවා අරාබි යන ගෘහ සේවිකාවන්ට සිද්ධ වෙන දේවල් දැක්කම. සමාජයේ ප්රගමනයට අවශ්‍ය දේ කිරීමේ නිදහස ඇයට අවශ්‍ය අවශ්‍ය තරම් ඉස්ලාම් තුල තිබෙනවා කිව්වට ඉස්ලාම් ආගම ප්‍රචාරය කරන්නන් බෙදන පොත්වල තියෙන්නේ කාන්තාව ගෙදර සිටිය යුතුයි පිරිමින්ට සමාජ කටයුතු අයිතියි කියලා. ඉස්ලාම් ආගමේ ගැහැනුන්ට ඉගෙනගන්න ඉඩ දීලා තියෙනවා නම් ඇයි තලෙබාන්කාරයෝ සිසුවියන්ට වෙඩි තියන්නේ? රැකියා කරන කාන්තාවන් අතර මුස්ලිම් අය සීයට කීයද? හමුදාවේ පොලිසියේ හෙද සේවයේ මුස්ලිම් කාන්තාවෝ කී දෙනෙක් ඉන්නවද? (නි)
දිනේෂ්,ඔය විශ්ව විද්‍යාලය තියෙන්නෙත් ඉස්ලාම් රටක ගැහැණු දරුවන්ට ඉගෙනගන්න.ඔයා කොහොමද එහෙමනම් කියන්නේ ඉස්ලාම් මගින් ගැහැනුන්ට ඉගෙන ගැනීමේ අයිතිය නැතිකරලා තියෙන්නේ කියලා.නබිතුමන්ට එලිදරව්වුණු පලවන පණිවිඩය නම් කියවන්න,දැනගන්න කියලයි. ඉස්ලාම් දහම වැළඳ ගන්නා බහුතරයක් කාන්තාවන්.මිනීමරු අන්තවාදී තලේබාන්වරු කරන්නේ උතුම් ඉස්ලාම් දහමට නිගරු කිරීමි. දෙවියන්ගේ දඬුවම ඔවුන්ට ලැබෙයි. (නි)
තම්බි (මල්ලි) කියන්නේ රැවුල් වවාගෙන අනුන්ගේ මස් කකා ජීවත්වෙලා විමුක්තිය හොයා යන ගෝත්‍රිකයෝ.(අ)
හසාන්, දැන් ඔය තලේබාන්ලා උතුම් ඉස්ලාම් දහමට නිගරු කරනවා නම් ලෝකෙම ඉන්න මුස්ලිම් මිනිස්සු කුපිත වෙලා පාරවල් ගානේ උද්ඝෝෂණය කරනවාවත් අපට පේන්න එපැයි. අර නබි තුමා ගැන චිත්‍රපටයක් හැදුව කියල පාරවල් ගානෙ නටපු මිනිස්සු මේවට ඇයි සද්ද නැත්තෙ.(නදී)
තම්බියා තම්බියාමයි.(මල්ලියා මල්ලියාමයි) (නි)
ඉස්ලාම් ආගමේ ගෑනුන්ට ඉගෙන ගන්න තහනම් කියලා තියෙනවාද දන්නෙ නැහැ. නැත්නම් තලේබාන්කාරයෝ වුනත් මෙහෙම කරන නැහැනේ. ඉස්ලාම් ආගම හරියට අදහන කාන්තාවෝ නම් ඉගෙනගන්න හිතන්නේ නැහැ. ලංකාවෙත් මුස්ලිම් බාලිකා පාසල් වසාදමමුද? ඔවුන්ට ඉස්ලාම් ආගමනුකුලව ජීවත්වෙන්න ඉඩහරිමු. එසේ කිරීමෙන් ඔවුන්ට ඉතා හොඳින් ඉස්ලාම් ආගමානුකුලව දිවි ගෙවිය හැක. මුස්ලිම් කාන්තාවන්ගේ අධ්‍යාපනයට වැය වන මුදල් ඉතුරු වන නිසා ඒ මුදලින් අනිත් කාන්තාවන් බලාත්මක කරමු. මෙතනට කාන්තා අයිතිවාසිකම් පටලවගන්න එපා. සාමාන්‍ය කාන්තාවන්ට ඇති අයිතිවාසිකම් මුස්ලිම් කාන්තාවන්ට නැහැ. ඔවුන් ඉස්ලාම් ආගම අදහන්නේ ඒ අයිතිවාසිකම් අවශ්‍ය නැති නිසා. ඉස්ලාම් ආගම කියන්නේ නීතියක්. ඉස්ලාම් ආගමේ ඉඳන් ඉස්ලාම් ආගමෙන් තහනම් කළ අයිතිවාසිකම් භුක්ති විඳීම අනුමත කරන්න බැහැ. රටේ මුස්ලිම් නායකයෝ මේකට අකමැති වෙන්න හේතුවක් නැහැ. (නි)